මුතුපන්තිය ඛාදනය වැලැක්වීමට පියවර | සිළුමිණ

මුතුපන්තිය ඛාදනය වැලැක්වීමට පියවර

පුත්තලම සමුහ  ඩබ්ලිව්.සී.බී.ප්‍රනාන්දු

උග්‍ර ‍ ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින ආරච්චිකට්ටුවේ මුතුපන්තිය දූපත මුහුදු රකුසාගෙන්ආ රක්ෂාකර ගැනිම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 75 ක මුදලක් වැය කරමින්ග ල්වැටි යෙදිම මේ දිනවල ක්‍රියාත්මක කර ඇත.

ධීවරකර්මාතයේ යෙදෙන ධිවර පවුල් 150 ක් පමණ වෙසෙන මෙම දූපත දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්වීමෙන් සිදුවෙන විනාශය පිළිබඳව ඉකුත් දිනවල ජනමාධ්‍යය මගින් පෙන්වාදිමේ ප්‍රතිපලයක් වශයෙන් ‍ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු කළුගල් වැටි යොදා එම මුහුදු ඛාදනය වැලැක්වීමට මෙසේ පියවර ගෙන ඇත.

නොබෝදා ඇතිවූ මුහුදු ඛාදනය හේතුවෙන් මුතුපන්තිය දූපතේ සිට උඩප්පුව දක්වා මාර්ගයද මුහුදට සේදී විනාශ වි ඇත.

මිටර් 100 ක් පමණ දුරට කලුගල් වැටි යොදා මෙම මුහුදුකෑම වැලැක්වීමට කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මිගමුව ප්‍රාදේශීය ඉංජිනේරු සුසන්ත පද්මසිරි මහතා පැවසීය.

Comments