පොලිස් නිළ ලාංඡන සහිත ජැකට් තොගයක් මොණරාගලින් | සිළුමිණ

පොලිස් නිළ ලාංඡන සහිත ජැකට් තොගයක් මොණරාගලින්

මොනරාගල හුලන්දාව හංදියට නුදුරින් බිබිල පාර් පිහිටි රාඡ්‍ය නොවන සංවිධානයක කාර්යාලයක් පෙරේදා (08) දා යුධ හමුදා නිළධාරින් හා මොනරාගල පොලිස් නිලධාරින් පිරිසක් එක්ව පරික්ෂාවට ලක්කිරිමේදි එහි තිබු පොලිස් ලාංඡනය සහිත ඡැකට් 41ක තොගයක් හමුවි තිබේ. මිට වසර පහකට පමණ පෙර මුද්‍රණය කල බව කියන මේම ඡැකට් තොගය සම්බන්ධයෙන් ලැබුනු බුද්ධි තෙරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණය සදහා එම ස්ථානයට කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරිකෂක විල්ප්‍රඩ් සිල්වා මහතා ඇතුලු පිරිසක් ද පැමිණ ඇති අතර ඔවුන් සිදුකල පරිකෂාවේදි එම නිල් පැහැති ඡැකට්ටුවේ ඉදිරිපස වම්කෙලවරෙ පොලිස් ලාංඡනයද වම්පස පහලින් පොකට්ටුවේ ළමුන් දෙදෙනකුගේ ඡයාරෑපද දකුණු පස පහල කොටසේ එම සංවිධනයේ ලාංඡනයද පිටුපස ඉහළ කෙලවරේ මගේ සේවය ඔබේ ආරක්ෂාව වෙනුවෙනි යනුවෙන් ද පහළ කෙලවරේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය යනුවෙන් සිංහලෙන් හා දෙමළ භාෂාවෙන් මුද්‍රණය කර තිබු ඡැකට් 41ක සොයාගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානය භාර නිලධෘරිනියකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති ඇතිඅතර ඇය පවසා ඇත්තේ මිට වසර පහකට පමණ පෙර මේවා මුද්‍රණය කර ඇත්තේ පොලිසි නිලධෘරින්ට බෙදාදිමට බවත් එම සංවිධානයේ ලාංඡනය මුද්‍රණය කර තිබු බැවින් ඒවා පොලිස් නිලධෘරින්ට නිකුත් කිරිමට නොහැකිබව දැනුම්දිම හේතුවෙන් ගබඩා කර තිබු බව පවසා තිබේ .මෙම ඡැකට් තොගය අපරාධ කොට්ඨාශ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතිඅතර මොනරාගල පොලිස් අධිකාරි සුඡිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරිකෂක විල්ප්‍රඩ් සිල්වා මහතා ඇතුලු පිරිසක් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ .

Comments