ත්‍රිකුණාමලයේ හර්තාල් | Page 2 | සිළුමිණ

ත්‍රිකුණාමලයේ හර්තාල්

ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම් .ගුණානන්ද

ජාතිවාදය ,ත්‍රස්ථවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර දුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාලයක් නිසා දෛනික ජන ජිවිතයේ කටයුතු අඩපන වි ගියේය.

ත්‍රිකුණාමලය නගරය කන්තලේ , සේරුනුවර හා තඹලගමුව උප නගරවල කඩ සාප්පු වසාදමා තිබු අතර පෞද්ගලික බස් සේවා ධාවනයෙන් ඉවත්විය. ලංගම බස් ධාවනයේ යෙදුනු අතර ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ඇරඹු අංගොඩ ඩිපෝවට අයත් බස් රථයකට එල්ල වු ගල් ප්‍රහාරයකින් එහි ඉදිරිපස වීදුරුවට හානි විය.

ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේදි මෙම ගල් පහර එල්ලවු අතර රියදුරු බස්රථය මගීන් සමග නොනවත්වා ධාවනය කර කප්පල්තුරෙයි මාර්ග බාධකය වෙත බස් රථය ගෙන ගියේය. චීනවරාය පාරේ  සංගම හන්දියේ දි හා උප්පුවේලි හන්දියේ මාර්ගය මැද ටයර් දමා පුලුස්සා තිබු අතර පොලිසිය පැමිණ ගිණි ගන්නා ටයර් ඉවත් කෙරිණි.

පාසල්වල සිසුන්ගේ පැමිණිම අඩු වු අතර එය හර්තාලය නිසා සිදු වුවක් නොවිය.පවතින ආරක්ෂක තත්වය තුල ගෙවි ගිය සතිය පුරාම සිසුන්ගේ පැමිණිම අඩු වි තිබුණි. ආයතන, බැංකු විවෘතව තිබුණද එහි සේවක මණ්ඩලවල පැමිණිමේ අඩුවක් දක්නට තිබුණි.ඇතැම් බැංකු හා රාජ්‍ය ආයතනවල මේ නිසා දෛනික කටයුතු වලට බලපැම් එල්ල වි තිබුණි.

පාසල් හා රජයේ ආයතන හා බැංකු වලට පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ වලින් ආරක්ෂාව යොදවා තිබුණි. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශිය සභාව ඉදිරිපිට පොදුජන පෙරමුණ ප්‍රාදේශිය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා මහතා පවත්වාගෙන යන සත්‍යග්‍රහයද මෙම හර්තලය තුල ඒ ආකාරයෙන්ම පැවතුණි. ප්‍රදේශයේ ආරක්ෂාව ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබුණි.

Comments