පාසල් හිලවු සැසි නෑ | Page 2 | සිළුමිණ

පාසල් හිලවු සැසි නෑ

රටේ පැවති තත්ත්වය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා බාධා එල්ල වූ සති දෙකක කාලය සඳහා හිලවු සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දෙවන පාසල් වාරයට නියමිත ඉගෙනුම් - ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

සියලු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට සහ සිසුන්ගේ පැමිණීමේ විෂමතාවක් ඇති වුවද සාමාන්‍ය පරිදි කාලසටහන් අනුව අධ්‍යයන කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ඇත.

 

Comments