ලංගම ගොඩ ගන්න අලුතින් බස් 325ක් | Page 2 | සිළුමිණ

ලංගම ගොඩ ගන්න අලුතින් බස් 325ක්

මඟීන්ට වඩාත් සුවපහසු සේවාවක් ලබා දීම උදෙසා රුපියල් මිලියන 3708කින් නව බස් රථ 325ක් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසන 50කින් යුත් බස් රථ 272 ක් සහ ආසන 33කින් යුත් සුඛෝපභෝගී බස් රථ 53 ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වෙත පිරිනැමීමට යෝජිතය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඒ උදෙසා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සුඛෝපභෝගී බස් රථ අධිවේගී මාර්ගයන්ට යෙදවීමට කටයුතු කරනු ලබන බවත් යෝජිත මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයට වැඩි සේවාවක් ලබා දිය හැකි බව බවද අමාත්‍යාංශය පවසයි.

Comments