කිය­වීම මිනිසා සම්පූර්ණ කරයි | සිළුමිණ

කිය­වීම මිනිසා සම්පූර්ණ කරයි

“මිනිසා සිටින්නේ ශාස්ත්‍ර නම් තටා­කයේ ගිලී මිය යන්නට නොව ශාස්ත්‍ර නම් සයුරේ ගිලී මුතු ගෙන ඒම­ටයි.” මෙ මගින් කියවෙන්නේ පතපොත කිය­වීම ගැනයි. ඒ මහත්මා ගාන්ධිතුමාගේ කිය­ම­නකි. මිනිසා යනු ඕනෑම දෙයක් සාර්ථ­කව ඉටු කර­ගත හැකි මොළ­යක් මෙන්ම බුද්ධි­යක් ඇති අයෙකි.

කුමා­ර­තුංග මුනි­දාස, මාර්ටින් වික්‍ර­ම­සිංහ, ඇස්. මහින්ද හිමි, ජී.බී. සේනා­නා­යක හා ටී. බී. ඉලං­ග­රත්න වැනි විය­තුන් විසින් රචිත ග්‍රන්ථ බොහෝ­ම­යකි.

“ආශ්වාස කිරී­මට වාතය මෙන්ම ජීවත් වීමට අධ්‍යා­ප­නය අව­ශ්‍ය­යයි” යනු­වෙන් ප්‍රකාශ කළේ ලෝක ප්‍රකට රචක ලියෝ ටොල්ස්ටොයි ය.

ඔබ අපි සියලු දෙනාම විවේ­කය ඵල­දා­යීව ගත කිරීම සඳහා පොත පත කිය­වමු. දැනුම ලබමු. තෑගි ලබමු.

කවීෂ ඉඳු­වර ජය­වීර
10 ශ්‍රේණිය ‘බී’,
සාන්ත තෝමස් කුමර විදු­හල
මාතර

අදහස්