බදුල්ලේ උපාධි ප්‍රදාන ආයතනයක් තහනම් කරන්න පළාත් සභා අනුමැතිය | Page 2 | සිළුමිණ

බදුල්ලේ උපාධි ප්‍රදාන ආයතනයක් තහනම් කරන්න පළාත් සභා අනුමැතිය

ඉරානයේ ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මගින් පවත්වාගෙන යනු ලැබූ බදුල්ල ප්‍රදේශයේ පවතින උපධි ප්‍රදාන ආයතනයක් තහනම් කිරීම සඳහා වන යෝජනාවට ඌව පළාත් සභාවේ අනුමැතිය හිමි විය.මෙම උපාධි ප්‍රදාන ආයතනය හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත් එබැවින් එය තහනම් කරන ලෙස ඉල්ලමින් ඌව පළාත් සභාවේ ද්‍රවිඩ මාධ්‍ය අධ්‍යාපන, යටිතල පහසුකම් සහ මාර්ග අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන් මහතා පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කොට ඇත.එමෙන්ම එම ආයතනය සඳහා රජයේ දෙපළ ලබා දුන් දමිළ විදුහල්පතිවරු සිව් දෙනා සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගත යුතු බව ඔහුගේ යෝජනාවේ වැඩිදුරටත් සඳහන්ව විය.ඊයේ (16) පළාත් සභාව රැස්වූ අවස්ථාවේ අදාළ යෝජනාව ඉදිරිපත් වූ අතර එය සභාව සම්මත විය.

Comments