වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් | සිළුමිණ

වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

වෙසක් උත්සවයට සමගාමීව දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.ඒ අනුව පසුගිය වසරවල මෙන් මෙවරද වෙසක් සමයේ අවශ්‍ය උපරිම ආරක්‍ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වෙසක් දින කිහිපයේදීම කොළඹ ඇතුළු නගරවලට පැමිණෙන මහජනතාවගේ ආරක්‍ෂාවට හා රථවාහන හැසිරවීම සදහා පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා තිබේ.වෙසක් දින කිහිපයේ දී ප්‍රජා පොලිස් කමිටු සම්බන්ධ කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි ආගමික කටයුතු සංවිධාන කරන ලෙස ද දිවයිනේ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

Comments