වෙසඟේ උත්තම පූජාව | සිළුමිණ

වෙසඟේ උත්තම පූජාව

සකල ලෝවැසි සත්ත්ව­යාට මහා කරු­ණාවේ, මෛත්‍රියේ දැක්ම මැන­වින් පසක් කරවූ ලොවු­තුරු සම්මා සම්බුදු රජා­ණන් වහ­න්සේගේ උපත, බුද්ධ­ත්වය හා පරි­නි­වන් පෑම මහත් බැති­යෙන් සම­රනු ලබන අසි­රි­මත් වෙසක් පුන් පොහොයේ සඳ­රැස් ලක් දෙර­ණත සිප­ග­නි­මින් සිටියි. පුද්ග­ල­ය­කුගේ ආධ්‍යා­ත්මික පරි­ශු­ද්ධ­ත්ව­යට විසල් වටි­නා­ක­මක් අත් කර දෙන්නා වූත් ආර්ය අෂ්ටාං­ගික මාර්ගය හා අහිං­සා­වා­දය මුල් කර­ගත් දැහැමි ජීවන දර්ශ­න­ය­කට මඟ පෙන්වන්නා වූත් දැක්මක් බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධ­ර්මය තුළ ගැබ්ව පවතී. එයින් ලෝකෝ­ත්තර ජීවි­ත­යට මෙන්ම ලෞකික ජීවි­ත­ය­ටද අවැසි මඟ­පෙ­න්වීම අංග­ස­ම්පූ­ර්ණව ලබා දෙන්නේ නවීන විද්‍යාව හමු­වේද එකී ඉගැ­න්වීම් බැහැර කළ නොහැකි පරි­ද්දෙනි.

මේ ලෝකයේ ජීවත් වන අපට එහි පව­තින යථා­ර්ථය මත ජීවත් වන්නට සිදු වෙයි. යුද ගැටුම්, සාගිනි, විපත් සේම ඉතා සාම­කාමි සෞභා­ග්‍ය­වන්ත කාල­ව­ක­වා­නුද පසු කරන්නේ මේ යථා­ර්ථ­යට අනු­වය. බුදු රදුන් විසින් වදා­රන ලද අෂ්ට ලෝක ධර්ම­යට අප කා හටත් කැමැ­ත්තෙන් හෝ අකැ­මැ­ත්තෙන් හෝ අව­නත වන්න සිදු වෙයි. මේ නිත්‍ය යථා­ර්ථය අනුව අපට නිසැ­ක­වම අභි­යෝ­ගා­ත්මක වූත් අප ඇකැ­මැති වූත් අත්දැ­කී­ම්ව­ලට මුහුණ දෙන්න සිදු වෙයි. එය වැළැ­ක්විය නොහැ­ක්කකි.

බුදුන් දෙසා වදාළ මේ අසි­රි­මත් දහ­මෙහි හරය වඩාත් සිතට ගත යුතු ප්‍රත්‍යක්ෂ කර­ගත යුතු කාල­ය­කට අප මේ වන විට එළැඹ ඇත. කාගේ හෝ වර­ද­කින් මේ දෙර­ණත පසු­ගිය සති කිහි­පය තුළ ගිනි­යම්ව ගියේය. යම් උන්ම­ත්තක භාව­යක් කරා ගිය ඇතැම් ආග­මික විශ්වාස සහිත මිථ්‍යා දෘෂ්ටී­න්ගෙන් මොළය කුරු­වලු කර­ගත් කිහිප දෙනකු නිසා රටේ පැවැති සාමය සහ සංහි­ඳි­යා­වත් රටේ අහි­සංක ජන ජීවි­ත­යත් ඉකුත් මාසය පුරා දැවැන්ත බල­පෑ­ම­කට ලක් විය. ඒ හේතු­වෙන් මේ රටේ ජීවත් වන ප්‍රධාන ජාතීන් ත්‍රිත්ව­යේම ජන­තාව මේ අර්බු­දය මත පීඩා විඳින තත්ත්ව­යට පත්ව ඇත. වෙසෙ­සින් පසු­ගිය 21 වැනිදා පාස්කු ඉරි­දාවේ ප්‍රහා­ර­යෙන් වැඩිම හානි­යක් එල්ල වන්නේ සිංහල සහ දමිළ කිතුනු බැති­ම­තු­න්ටය. මේ ප්‍රහා­ර­ව­ලට මුල් වන්නේ ඉස්ලාම් භක්ති­ක­යන් බහු­ත­ර­යක් නොපි­ළි­ගන්නා ඉස්ලාම් ආග­මික අන්ත­වා­ද­යෙන් ඔද්දල් වූ ත්‍රස්ත­වා­ද­යයි. මේ දැවැන්ත ප්‍රහා­ර­යෙන් ඇති වූ බිය-සැක තුරන් වී අදාළ ත්‍රස්ත­වාදි ජාලය කෙමෙන් දැලට හසු වද්දී දේශ­පා­ල­න­යෙන් උසි­ග­න්වන ලද උමතු පිරි­සක් වෛරි සහ හිංසා­කාරි අර­මු­ණින් යුතුව දියත් කළ ම්ලේච්ඡ ක්‍රිය­දා­මය වෙසක් සඳ­රැ­සින් සිසි­ල­නය වන්නට ගිය දේශ­යට උණු­සු­මක් එක් කළා වැනිය.

මෙය හුදෙක් නොදි­යුණු මිනි­සුන් විසින් සිදු කරන ලද කෝපා­න්විත ක්‍රියා­වක් හමුවේ එකට එක කිරී­මක් ලෙස පෙනෙන්නේ නැත. එසේ වී නම් එය සිදු වන්නට තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහා­රය එල්ල වූ දින­යේම හෝ ඊට පසු ගෙවුණු දින දෙක-තුන තුළ­දීය. එහෙත් එය සිදු වන්නේ මේ ප්‍රහා­රය එල්ල වී සති දෙක­කුත් ඉක්ම ගිය පසු­වය. මෙසේ වී ඇත්තේ හුදෙක් වෛරී හැඟීම් අති­ක්‍ර­ම­ණය කළ වෙනත් දේශ­පා­ල­නික හෝ කුම­න්ත්‍ර­ණ­කාරි පිරි­සක වුව­ම­නා­වට බව ඉතා පැහැ­දි­ලිය. විශේ­ෂ­යෙන් වයඹ පළාතේ සහ මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශයේ ඇවි­ළුණු ඒ ම්ලේච්ඡත්ව‍යේ ගිනි පසු­පස සිට ඊට අවැසි අඩුම-කුඩුම සැපයූ අය දැන් කෙමෙන් හෙළි වෙමින් තිබේ. කාගේ අනු­හ­සින් මේ ගිනි ඇවි­ළු­ණද අද ජාති­යක් ලෙස අපට මේ සිදු­වීම් හමුවේ ලෝක­යෙන් මුහුණු වසා­ග­න්නට තරමේ අප­වා­ද­යක් එල්ල වී ඇත. පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පසු ඉස්ලාම් භක්ති­ක­යන්ට හා ඔවුන්ගේ ආග­මික නාය­ක­ය­න්ටද මෙරට ජන­තාව හමුවේ දැඩි අප­හ­සු­තා­ව­කින් සිටි­න්නට වූයේ ඔවුන්ගේ ප්‍රජාව නියෝ­ජ­නය කරන එක්තරා උමතු පිරි­සක් කළ ම්ලේච්ඡ ක්‍රිය­දා­මය නිසාය.

කවු­රුන් කවර අර­මු­ණ­කින් මෙවැනි තිර­ශ්චීන ක්‍රියා සඳහා යොමු වුවද අව­සාන වශ­යෙන් ඔවුන් කළ ප්‍රධාන කාර්ය දෙකක් තිබේ. එකක් නම්: මේ රටේ සමස්ත ජන­තාව ලෝකය හමුවේ නින්දා­වට ලක් කිරී­මය. අ‍නෙක: තවත් පිරි­සක් ලෝක­ය­ටම මහත් හිස­ර­ද­යක් වී ඇති ත්‍රස්ත­වා­ද­යට තල්ලු කිරී­මය; එසේ නැත හොත් එවැනි ත්‍රස්ත­වා­ද­ය­කට පිවි­සීම සමා­ජය හමුවේ සාධා­ර­ණී­ක­ර­ණය කිරී­ම­කට පසු­බිම නිර්මා­ණය කිරී­මය. මෙයට අම­ත­රව මෙකී ත්‍රස්ත­වා­ද­යට උඩ­ගෙඩි දෙන, ඔවුන්ට මූල්‍ය, අවි-ආයුධ සහ මත­වා­දි­මය සහාය දෙන බාහිර කණ්ඩා­ය­ම්ව­ලට මෙබිම තුළ ඉඩ-කඩ වැපි­රී­මය. කවර දේශ­පා­ලන අභි­ලා­ශ­යක් වුවද සපි­රෙන්නේ මේ අති­රේක ව්‍යසන ජාතිය හමුවේ නිරා­ව­ණය කිරී­මෙනි.

කෙසේ වුවද අප සමා­ජයේ සැම දෙන­කුම එකම අර­මු­ණ­කින්, එකම අභි­ලා­ශ­ය­කින් හෝ එකම මාන­සික මට්ට­ම­ක­කින් සිටින්නේ යැයි අද­හස් කළ නොහැ­කිය. විවිධ මට්ටමේ මාන­සි­කත්ව සහිත මේ මිනි­සුන් විවිධ ආකා­ර­යෙන් තම-තමන්ගේ මත­වාද ක්‍රියා­ත්මක කිරී­මට යත්න දැරීම අපට දැකිය හැකි තත්ත්ව­යකි. බුදු රජා­ණන් වහ­න්සේද තමන් අව­බෝධ කර­ගත් ඒ විශිෂ්ට දහම එක් එක් පුද්ග­ල­යාට අව­බෝධ කර­වී­මේදී ඒ ඒ පුද්ග­ල­යන්ගේ මාන­සික සහ බුද්ධි මට්ටම පිළි­බඳ විනි­ශ්ච­ය­කින් යුතුව කට­යුතු කර ඇති බව උන් වහ­න්සේගේ දේශනා විලා­සය විම­සී­මේදී පෙනී යයි. මේ සමා­ජය හමු­වේද එවැනි වූ සංවි­ධිත ස්වභා­ව­ය­කින් වර්ත­මා­නයේ පව­තින ප්‍රශ්න­ව­ලට පිළි­තුරු සෙවීම අවශ්‍ය වී ඇත.

කෙසේ වුවද අප එවැනි විස­ඳුම් සෙවිය යුතු වන්නේ මෛත්‍රිය පෙර­දැරි කර­ගත්, නිවුණු සිත­කින් ක්‍රියා­ත්මක වීමෙන් පම­ණකි. මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ සමස්ත ලෝක­යට බුදු දහමේ විශිෂ්ට හරය ප්‍රද­ර්ශ­නය කළ හැකි වන්නේද මේ මෛත්‍රී සහ­ගත දූර­දර්ශි ක්‍රියා පිළි­වෙත වටා මෙරට සමස්ත බෞද්ධ­යන් ඒක­රාශි වීමෙන් පම­ණකි. එයම ඒ මහා ශාස්තෘ­ව­ර­යා­ණන්ට කරනු ලබන උත්තම පූජාව වනු නිසැ­කය.

Comments