දැන් අප කල්පනා කළ යුත්තේ රටක් ලෙස ගොඩ එන අන්ද­මයි | සිළුමිණ

දැන් අප කල්පනා කළ යුත්තේ රටක් ලෙස ගොඩ එන අන්ද­මයි

අභ්‍ය­න්තර හා ස්වදේශ කට­යුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ.සී. අල­ව­තු­වල

මුස්ලිම් සමා­ජ­යෙන් ආර­ක්ෂක අංශ­ව­ලට ලැබුණු සහාය නිසා තමයි මේ සිද්ධි­ව­ලට සම්බන්ධ සිය­යට අනූ­ප­හක්ම අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වුණේ. ඒත් ඇතැම් පුද්ග­ල­යන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ වෛරි ප්‍රකාශ හා ඇතැම් දේශ­පා­ලන පක්ෂ­වල උසි­ගැ­න්වීම් සමස්ත මුස්ලිම් ප්‍රජා­වම අප­හ­සු­තා­වට පත් කළා. 

රට මින් පෙර කිසි­දාක නොවූ පරිදි අන්ත­ර්ජා­තික ත්‍රස්ත­වා­ද­ය­කට මුහුණ දී සිටින මේ අව­ස්ථාවේ වත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශ­පා­ල­න­ඥ­යන් එක් වී කට­යුතු කරාවි යැයි ජන­තාව අපේක්ෂා කළා. එත් එහෙම දෙයක් තව­මත් පෙනෙන්න නෑ...

මෙත­නදී ආණ්ඩු පක්ෂය විදි­යට අප කාර්ය­භා­ර­යන් රැසක් ඉටු කළා. ඒත් යම් යම් උද­විය මෙතැ­නදී දේශ­පා­ලන වාසි ගන්න දරපු උත්සා­හ­යත් අප දුටුවා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එන­වාද නැද්දයි ඇසූ විට ‘වෙලාව ආවාම කිය­න්නම්‘ කිය­ලයි කලින් කීවේ. බෝම්බ පිපි­රුණා විත­රයි ඔහු කිව්වා තමා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ස්ථිර ලෙසම එන බව. ඉතිං එත­කොට අපට හිතෙන්නේ මේ වගේ තත්ත්ව­යක් එන කල් බලා­ගෙන හිටියා වගේ නේ!

මේ ව්‍යස­නය සිදු වුණේ අප්‍රේල් 21. තම නෑදෑ-හිත­ව­තුන් තුන්සිය ගානක් අහිමි වී ගියත් කිතුනු ප්‍රජාව උරණ වී මුස්ලිම් ජන­තා­වට පහර දෙන්න ගියේ නෑ. ජන­තාව ආවේ­ගා­ත්ම­කව ප්‍රති­චාර දැක්වූවා නම් ඒක සිද්ධ වෙන්න ඕනෑ බෝම්බය පිපි­රුණු වහා­මයි. එහෙම නොවී සිද්ධි­යට සති තුනක් ගිය පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇර­ඹීම කාගේ හරි බළල් අතක් ක්‍රියා­ත්මක වීමක් කියලා තමයි නිග­ම­නය කරන්න පුළු­වන්. යම් යම් දේශ­පා­ලන පක්ෂ ආණ්ඩු විරෝ­ධිව හා ජාති­වාදි අර­ග­ල­යක් නිර්මා­ණය කිරීම සඳහා පසු­බිම හදපු බව පැහැ­දි­ලියි. එදා ‘83 කළු ජූලිය වේලා­වේදී එල්ටී­ටීඊ සංවි­ධා­න­යට පිරිස් බලය නැති අව­ස්ථා­වක සම­හර ජාති­වාදි අය ද්‍රවිඩ ජන­යාට පහ­ර­දීලා ඒ සංවි­ධා­නය ශක්ති­මත් කළා. අන්න ඒ වැඩේම තමයි මේ කිසිදු දෙය­කට සම්බන්ධ නැති අහිං­සක මුස්ලිම් ජන­තා­වට පහර දීමෙන් සිදු වන්නේ.

අප කල්පනා කළ යුත්තේ මේ ත්‍රස්ත උව­දු­රින් කොහො­මද රටක් වශ­යෙන් ගොඩ යන්නේ කියන එකයි. ඒත් සම­හර විපක්ෂ දේශ­පා­ල­න­ඥ­යන් හිතන්නේ මේ ප්‍රශ්නය දඩ­මීමා කර­ගෙන අප කොහො­මද ආණ්ඩු පක්ෂ­යට එන්නේ කියන-එකයි

ඇත්ත­ටම වය­ඹදී මොකද වුණේ?

බෝම්බ පුපු­රු­වා­ගත් ත්‍රස්ත­වා­දීන් හා ඊට සහාය දුන් අය සොයා­ගැ­නී­මට මුස්ලිම් ජන සමා­ජ­යෙන් ආර­ක්ෂක හමු­දා­ව­ලට අනැගි සහා­යක් ලැබුණා. ඒ නිසා තමයි මේ සිද්ධි­ව­ලට සම්බන්ධ සිය­යට අනූ­ප­හක්ම අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­යාව ලැබුණේ. මරා­ගෙන මැරුණු අය කවුද කියලා හඳු­නා­ගන්න ලැබුණේ. ඒත් ඉලක්ක කර­ග­නි­මින් සමාජ මාධ්‍ය­වල ඇතැම් පුද්ග­ල­යන් වෛරි ප්‍රකාශ නිකුත් කළා. මේ වෛරි ප්‍රකාශ හා ඇතැම් දේශ­පා­ලන පක්ෂ­වල උසි­ගැ­න්වීම් ආදිය වයඹ හා ගම්පහ සිද්ධි­ව­ලට බල­පෑවා.

මේවාට දේශ­පා­ල­න­ඥ­යන් සම්බන්ධ බව ඇත්තද?

පැහැ­දි­ලි­වම නික­වැ­ර­ටිය හා අනෙ­කුත් ප්‍රදේ­ශ­වල සිද්ධි­ව­ලට එක්තරා දේශ­පා­ලන පක්ෂ­යක ප්‍රාදේ­ශීය නාය­ක­යන් සහ­භාගි වුණා. ඒ අය දැන් අත්අ­ඩං­ගු­ව­ටත් පත්ව සිටි­නවා. එයින් පැහැ­දිලි වන්නේ මේ ප්‍රහාර පිටු­පස ඒ පක්ෂය සිටින බවයි.

මුස්ලිම් ගම් පරීක්ෂා කර­න්නැයි කළ ඉල්ලීම ඉටු නොවුණු නිසා මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූ බව දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­ව­රයා කරන ප්‍රකා­ශ­යට එක­ඟද?

ඔහු ශ්‍රී ලංකා නිද­හස් ‍පක්ෂයේ මහ­ලේ­කම්. එහෙම නම් ඔහුට තිබු­ණානේ ජනා­ධි­ප­ති­ව­ර­යාට කියා ඒ ගම්මාන පරීක්ෂා කරන්න. මොකද ජනා­ධි­ප­ති­ව­ර­යානේ ආර­ක්ෂක ඇමැති!

පාසල් අරඹා සති දෙක­කුත් ගත වුණා. තව­මත් සිසුන් පැමි­ණීම අඩුයි...

ආර­ක්ෂාව සහ­තික කර තිබෙ­නවා, දරු­වන් පාසල් එවන්න කියා ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන් කිව්වත් සම­හර දේශ­පා­ල­න­ඥ­යන්ගේ කිසිදු වග විභා­ග­යක් නැති ප්‍රකාශ නිසා මවු­පි­යන් දරු­වන් එවන්න බයයි. කොහොම වුණත් වෙසක් නිවා­ඩු­වෙන් පස්සේ පාසල් යථා තත්ත්ව­යට පත් වේවි.

මේ රට සිංහල-බෞද්ධ රටක් කියා කාදි­න­ල්තුමා පවා පව­සද්දී මංගල සම­ර­වීර ඇමැ­ති­ව­රයා නම් කියන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කිය­ලයි...

ඒ ගැන ඔබ විම­සිය යුත්තේ මංගල ඇමැ­ති­තු­මා­ගෙන්. මගේ අද­හස නම් වසර 2500ක ඉති­හා­සය අනුව මේ රට සිංහල-බෞද්ධ රටක්. ඒ ඉති­හා­සය තුළ අනෙ­කුත් ජාතීන්ද සහ­යෝ­ග­යෙන් ජීවත් වුණා.

මංගල සම­ර­වීර මහ­ත්ත­යාම කියලා තිබුණා ඇත්තම කිය­නවා නම් දැන් මේ ආණ්ඩුව හොඳ­ටම ඇති කියලා. එහෙම ප්‍රකා­ශ­යක් කරන්න ඇත්තේ ඇයි?

එය විම­සිය යුත්තේත් මංගල ඇමැ­ති­තු­මා­ගෙන්. ඔහු එවැනි ප්‍රකා­ශ­යක් කර තිබෙ­නවා මා නම් දැක්කේ නෑ.

රිෂාඩ් බදූ­ර්දීන් ඇමැ­ති­ව­ර­යාට එරෙ­හිව විශ්වා­ස­භං­ග­යක් ගෙන එන්න විප­ක්ෂයේ මන්ත්‍රීන් සූදා­නම් වනවා.

එජා­පය ඒ සම්බ­න්ධ­යෙන් ගන්නා පිය­වර කුමක්ද?

තවම ඒ ගැන අප සාකච්ඡා කර නෑ. ඊළඟ අඟ­හ­රු­වාදා තමයි අපේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­යම රැස් වන්නේ. ඒ වන‍ ­විට එවැනි යෝජ­නා­වක් ගෙනත් තිබු­ණොත් එජා­පය ගන්නා ක්‍රියා­මා­ර්ගය එහිදී සාක­ච්ඡා­වට ලක් වේවි.

සංවා­දය - ගාමිණි බණ්ඩා­ර­නා­යක

Comments