මුස්ලිම් අන්ත­වා­දය දුරු කිරීම මුස්ලිම් ජන­තා­වගේ වග­කී­මක් | සිළුමිණ

මුස්ලිම් අන්ත­වා­දය දුරු කිරීම මුස්ලිම් ජන­තා­වගේ වග­කී­මක්

එජ­නිස පාර්ලිමේන්තු මන්ත්‍රී ෙෂහාන් සේම­සිංහ

අන්ත­වාදි අද­හස් ඇති ඇතැම් මුස්ලිම් නාය­ක­යන්ට තමන්ගේ ජන­තා­වට හෙණ ගහලා ගියත් කමක් නැහැ, ඒ අයට අන්ත­වාදි වර­ප්‍ර­සාද ලැබෙ­නවා නම්. ඒ නිසා සියලු මුස්ලිම් නාය­ක­යන්ට එක තැන­කට ඇවිල්ලා මේ ප්‍රශ්නය  විස­ඳී­මට සහ­යෝ­ගය දෙන්න විදි­යක් නැහැ. මෙයින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තාව අද පීඩා­වට පත් වෙලා තිබෙ­නවා. 

ඉකුත් දින­වල රටේ ඇති වූ ගැටුම් පිටු­පස පොහො­ට්ටුවේ මන්ත්‍රීන් කිහිප දෙනකු සිටින බව කිය­වෙ­නවා. රට ව්‍යස­න­ය­කට මුහුණ දී සිටින අව­ස්ථා­වක විප­ක්ෂය හැටි­යට මීට වඩා වග­කී­මෙන් ක්‍රියා කළ යුතුයි නේද?

මා ඉතා පැහැ­දි­ලිව කිය­නවා එවැනි දේකට පොහො­ට්ටුවේ මන්ත්‍රීන් සම්බන්ධ නැහැ කියලා. ජන­තාව විශාල අප්‍ර­සා­ද­ය­කින්, කල­කි­රී­ම­කින් ඉන්නේ මේ ත්‍රස්ත­වාදි ප්‍රහා­ර­ව­ලට අනු­බල දීපු ආණ්ඩුව ඇතුළේ ඉන්න අයට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක නොකි­රීම සම්බ­න්ධව. විප­ක්ෂ­යට ඇඟිල්ල දිගු කරන්න කලින් මේ ආණ්ඩුවේ සිටින ඍජු­වම මීට සම්බන්ධ කොටස් සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පවත්වා ඔවුන් අත්අ­ඩං­ගු­වට ගන්න කිය­ලයි අපි කියන්නේ.

ඔබ එසේ ප්‍රකාශ කළත් පසු­ගිය සතියේ සිදු වූ ගැටු­ම්කාරි තත්ත්ව­යට විප­ක්ෂ­යට චෝදනා එල්ල වනවා...

මේ ව්‍යස­නය සිදු වී දවස් 21ක් ගත වීමෙන් පසුව මෙලෙස ගැටුම් ඇති වන්නේ කොහො­මද කියලා අප­ටත් ප්‍රශ්න­යක් තිබෙ­නවා. මේ කාර­ණාව බර­ප­තළ සැක­යට බඳුන් වන කාර­ණා­වක්. අනි­යම් ආකා­ර­ය­කින් හෝ පොහො­ට්ටුවේ මන්ත්‍රී­ව­ර­යකු මේවාට සම්බන්ධ වී සිටි­නවා නම් ඒ අයට විරු­ද්ධව පක්ෂ­යක් හැටි­යට විනය ක්‍රියා­මාර්ග ගන්නවා සේම නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට අපේ උප­රිම සහ­යෝ­ගය දෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පසුව පොලී­සිය ඍජු­වම හෝ වක්‍රා­කා­ර­යෙන් මේ සිදු­වී­ම්ව­ලට මුහුණ දුන් පිරි­සට විරු­ද්ධව ක්‍රියා­ත්මක වුණා, විශාල පිරි­සක් ආර­ක්ෂක අංශ විසින් අත්අ­ඩං­ගු­වට පත් වුණා. විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු හැටි­යට ඔබ මේ වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධව සෑහී­ම­කට පත් වන­වාද?

මන්ත්‍රී­ව­ර­යකු කියන කාර­ණාව පැත්ත­කින් තියන්න. මේ රටේ සාමාන්‍ය පුර­වැ­සි­යකු ලෙස මා කන­ගාටු වනවා. ආණ්ඩු­වට මේ නැති වුණ මිනි­සුන්ට සාධා­ර­ණ­යක් කරන්න ඕනෑ නම් අවම වශ­යෙන් මේ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අන්ත­වාදි පිරිස සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක විය යුතුයි. ඒත් අඩුම තර­මින් ප්‍රකා­ශ­යක් වත් සට­හන් කර­ගෙන නැහැ.

අලුත් පොලි­ස්ප­ති­ව­ර­යාට අප ඉතා ගරු කර­නවා. එතුමා සම්බ­න්ධ­යෙන් විශ්වාස කර­නවා. මේ සිදු­වී­ම්ව­ලට සම්බන්ධ පිරිස ඇප නැතුව වසර දහ­යක් සිර­ගත කරන්න උත්සාහ කර­නවා. එය හොඳ දෙයක්. මේ ව්‍යස­න­යට ඍජු­වම සම්බන්ධ තඹ කර්මාන්ත ශාලාවේ අට­දෙනා නිද­හස් වු‍ණා. මේ අය නිද­හස් වුණේ කොහො­මද?

ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් සම්බ­න්ධ­යෙන් උත්ග­තව ඇති මේ තත්ත්ව­යට විප­ක්ෂ­ය­ටත් වග­කී­මක් පැවැරී තිබෙ­නවා නේද?

අනි­වා­ර්යෙන්ම වග­කී­මක් තිබෙ­නවා. එහෙත් සැබැ­වින්ම ත්‍රස්ත­වා­දය මර්ද­නය කිරීම සම්බ­න්ධ­යෙන් නිසි වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක වන්නේ නැහැ. ඒත් සිතා-මතා සැල­සුම් සහ­ග­තව සිදු වන බව පෙනෙන මේ සිදු­වීම් නැවත වරක් අපට කළු ජූලිය සිහි ගන්ව­නවා. ආණ්ඩුව වාසි බලා­ගෙන නැවත වරක් ඒ දේ සිදු කර­නවා නම් එවැනි දේකට අපට කිසි­සේත් සහ­යෝ­ගය දෙන්න බැහැ.

මේ ව්‍යස­නයේ බිය තව­මත් රටේ ජන­තාව තුළ තිබෙ­නවා. රටේ බොහෝ දේ අඩාළ වෙමින් යනවා. දරු­වන් පාස­ල්ව­ලට යන්නේ නැහැ. මේ ජන­තාව තුළ තියෙන බිය-සංකා නැති වන්නේ කව­දද?

අපේ රටේ දක්ෂ පොලී­සි­යක්, ත්‍රිවිධ හමු­දා­වක් සිටි­නවා. ත්‍රස්ත­වා­ද­යක් සමඟ ගැටිලා එය මුලි­නු­පුටා දාන්න පුළු­වන් වුණා නම්, මේ වැනි ත්‍රස්ත­ප්‍ර­හා­ර­යක් මුලින් උපුටා දැමී­මට බැරි­ක­මක් නෑ. නිවැ­රදි දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් නැති­කම නිසා තමයි මේ ත්‍රස්ත­වා­දය මුලි­නු­පුටා දමන්න බැරි. ජන­තා­වට ආර­ක්ෂාව ස්ථාපි­තයි කියලා රටට සහ­ති­ක­යක් දෙන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ගැන ජන­තා­වට විස්වා­සය නැහැ.

ඒ වගේම අද වන විට මේ රටේ නැඟෙ­න­හිර පළාත ආරා­බි­යක් කරන්න මුස්ලිම් අන්ත­වාදි පිරිස් කට­යුතු කරන බවට චෝදනා නැඟෙ­නවා.

අද බෞද්ධ විහා­ර­ස්ථා­න­ය­කට, කතෝ­ලික දේව­ස්ථා­න­ය­කට, මුස්ලිම් පල්ලි­ය­කට යන්න බැහැ. මේ රට ගිනි ඇවි­ළෙන්න ඇරලා දේශ­පා­ලන වාසි ගන්න පිරි­සක් ඉන්නවා. තිස් අවු­රු­ද්දක යුද්ධ­යක බර­ප­ත­ළම අව­ස්ථා­වට මුහුණ දෙමින් සිටි අව­ස්ථාවේ මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාට විප­ක්ෂ­යක් හැටි­යට මේ අය සහාය දුන්නද? අන්ත­වාදි අද­හස් ඇති ඇතැම් මුස්ලිම් නාය­ක­යන්ට තමන්ගේ ජන­තා­වට හෙණ ගහලා ගියත් කමක් නැහැ, ඒ අයට අන්ත­වා­දී­න්ගෙන් වර­ප්‍ර­සාද ටික ලැබෙ­නවා නම්.

ඒ නිසා සියලු මුස්ලිම් නාය­ක­යන්ට එක තැන­කට ඇවිල්ලා මේ ප්‍රශ්නය විස­ඳී­මට සහ­යෝ­ගය දෙන්න විදි­යක් නැහැ. මෙයින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තාව අද පීඩා­වට පත් වෙලා තිබෙ­නවා. ඒ නිසා මුස්ලිම් දේශ­පා­ලන නාය­ක­යන් වග­කීම ගන්නට ඕනෑ ඒ අයගේ ජන­තාව ගැන සහ මේ රටේ ජන­තාව ගැන. මුස්ලිම් අන්ත­වා­දය දුරු කිරීම මුස්ලිම් ජන­තා­වගේ වග­කී­මක්.

Comments