කෑගල්ල කුරු­ණෑ­ගල යාප­නය දිස්ත්‍රි­ක්ක­වල වැඩි ඩෙංගු අව­දා­න­මක් | සිළුමිණ

කෑගල්ල කුරු­ණෑ­ගල යාප­නය දිස්ත්‍රි­ක්ක­වල වැඩි ඩෙංගු අව­දා­න­මක්

කෑගල්ල, කුරු­ණෑ­ගල, යාප­නය යන දිස්ත්‍රි­ක්ක­වල මදු­රු­වන් බෝවී­මට හැකි­යාව සහිත අව­දා­නම් ස්ථාන බහුල බව ජාතික ‍ෙඩංගු මර්ධන ඒක­කය පසු­ගිය සතියේ ර‍ෙට් දිස්ත්‍රික්ක 15 ක් ආව­ර­ණය වන පරිදි කළ අලුත් ම සමී­ක්ෂ­ණ­ය­කින් හෙළි වී ඇත.

මෙම සමී­ක්ෂ­ණ­යන්ට දිස්ත්‍රික්ක 15 ක පරිශ්‍ර 85000 ක් ඇතු­ළත් වූ අතර ඉන් ස්ථාන 19535 ක මදු­රු­වන් බෝවී­මට හැකි ස්ථාන තිබුණි. ඉන් වැඩි ප්‍රමා­ණ­යක් තිබී ඇත්තේ කෑගල්ල, කුරු­ණෑ­ගල, යාප­නය දිස්ත්‍රි­ක්ක­ව­ලට අයත් ප්‍රදේ­ශ­ව­ලය.

මෙම සමී­ක්ෂ­ණ­යට අනුව පාස­ල්වල හා ආග­මික ස්ථාන­වල ඩෙංගු මදු­රු­වන් බෝවී­මට හැකි අව­ස්ථාව ඉතා බහු­ලව පව­තින බව ද ජාතික ඩෙංගු මර්දන ඒක­කය පව­සයි. ඊට අම­ත­රව ඉදි­කි­රීම් පරිශ්‍ර තුළ ද මදු­රු­වන් වර්ධ­නය වීමේ ඉඩ­කඩ බහු­ලය.

මෙම සමී­ක්ෂ­ණය අනුව බස්නා­හිර පළාතේ බහු­ල­වම මදු­රු­වන් බෝවන ස්ථාන තිබී ඇත්තේ ආග­මික ස්ථාන ආශ්‍රි­ත­වය. ඊට අම­ත­රව ඊළ­ඟට ඉදි­කි­රීම් පරි­ශ්‍ර­වල හා පාස­ල්වල මදු­රු­වන් බෝවන ස්ථාන නිරී­ක්ෂ­ණය කර තිබේ.

මෙම සමී­ක්ෂ­ණය අනුව දීප ව්‍යාප්තව වැඩි­පු­රම මදුරු කීට­යන් බහුල ස්ථාන ලෙස වැඩි­යෙන් ම හඳු­නා­ගෙන ඇත්තේ පාසල් ය. ඊට අම­ත­රව කර්මාන්ත ශාලා හා ඉදි­කි­රීම් පරි­ශ්‍ර­වල ද මදුරු කීට­යන් බහුල ස්ථාන ලෙස හඳු­නා­ගෙන තිබේ.

Comments