ගැටුම් පසුපස දේශපාලන බළල් අත් | සිළුමිණ

ගැටුම් පසුපස දේශපාලන බළල් අත්

වයඹ පළාතේ ප්‍රදේශ කිහි­ප­යක සහ ගම්පහ මිනු­ව­න්ගොඩ නග­රය ආශ්‍රි­තව ඇති වූ ගැටු­ම්ව­ලට මුල් වූ ප්‍රච­ණ්ඩ­කා­රීන් කුපිත කිරීම පසු­පස සිටින, විප­ක්ෂය නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ ක්‍රියා­කා­රි­ක­යන් කිහිප දෙනකු බුද්ධි අංශ විසින් හඳු­නා­ගෙන තිබේ. ඔවුන් ඒ ප්‍රදේ­ශ­වල ගැව­සෙ­මින් සංවි­ධා­නා­ත්ම­කව ජන­තාව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මෙහෙ­යවා ඇති අතර, ඒ එක් ක්‍රියා­කා­රි­ක­යකු 13 වැනිදා සවස් යාමයේ පැය තුන­කට ආසන්න කාල­යක් මිනු­ව­න්ගොඩ නග­රය ආශ්‍රි­තව රැඳෙ­මින් වෙළෙ­ඳ­ස­ල්ව­ලට ප්‍රහාර එල්ල කිරීම් සැල­සුම් කර ඇති බවට තොර­තුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත. ඒ දේශ­පා­ල­න­ඥයා ෆුල් ෆේස් හෙල්ම­ට­යක් පැලඳ, කළු ජැක­ට්ටු­ව­කින් සැරසී වෙළෙ­ඳ­ස­ල­කට පහර දී ඇති බවද බුද්ධි අංශ සඳ­හන් කරයි. මේ සම්බ­න්ධ­යෙන් පොලිස් විම­ර්ශ­න­යක්ද මේ වන විට ක්‍රියා­ත්ම­කය.

නාත්ත­න්ඩියේ ගැටුම් පසු­පස සිටි­න්නේද අදාළ දේශ­පා­ලන පක්ෂයේ ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් බව මේ වන විටත් පොලී­සිය හඳු­නා­ගෙන සිටී. ගැටුම් ඇති­වී­මට පෙර ඔවුන් යම් ස්ථාන­ය­කට රැස් වී රහස් සාක­ච්ඡා­ව­කද නිර­තව ඇති බවට තොර­තු­රුද පොලි­සි­යට ලැබී ඇත.

කුලි­යා­පි­ටිය, හෙට්ටි­පොළ, බිංගි­රිය ආදි ප්‍රදේ­ශ­වල ගැටුම්ද සැල­සුම් කර ඇත්තේ විප­ක්ෂයේ එකී ක්‍රියා­කා­රි­ක­යන් බව බුද්ධි අංශ සඳ­හන් කරයි.

දේපො­ළ­ව­ලට හානි කර­මින් ප්‍රච­ණ්ඩ­කාරි ලෙස හැසිරී ඇත්තේ ඔවුන් බව බුද්ධි අංශ හෙළි කර­ගෙන තිබේ. ජනා­ධි­පති ඝාතන කුම­න්ත්‍ර­ණ­යක් හෙළි කළ නාමල් කුමාර නමැ­ත්තාද වයඹ ගැටුම් පැවැති ප්‍රදේ­ශ­වල ඩිෆෙ­න්ඩ­ර­ය­කින් සැරි­සරා ඇත්තේද යම් සංවි­ධාන කට­යු­ත්ත­කට බව පොලි­සිය සැක­ක­රයි. මේ වන විට ඔහු සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු අත්අ­ඩං­ගු­වේය.

නාමල් කුමාර විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ­ය­කින් මහා මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට සූදා­නම්ව සිටි­යෙකි. ඔහු මේ වන විට කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ ව්‍යපා­රි­ක­යකු සමඟ එක්ව දේශ­පා­ලන පක්ෂ­යක් පවා බිහි කර­ගෙන ඇතැයි බුද්ධි අංශ සද­හන් කරයි. වය­ඹත්, මිනු­ව­න්ගො­ඩත් ගැටුම් නිර්මා­ණය කළ දේශ­පා­ලන සැල­සු­ම්ක­රු­වන් සම්බ­න්ධ­යෙන් පොලිස් විම­ර්ශන මේ වන විට සිදු වන අතර, ඉදි­රි­යේදී ඔවුන් සාක්ෂි සහි­තව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය සූදා­න­මින් සිටී.

Comments