ප්‍රහාර ගැන සොයන්න පූර්ණ බලැති කාරක සභා­වක් | සිළුමිණ

ප්‍රහාර ගැන සොයන්න පූර්ණ බලැති කාරක සභා­වක්

පාස්කු ඉරු­දින ප්‍රහාර මාලාව හා ඉන් පසු රටේ ඇති වූ සිදු­වීම් සොයා බැලීම සඳහා කථා­නා­ය­ක­ව­රයා විසින් පත් කළ තේරීම් කාරක සභාවේ නාම යෝජ­නා­ව­ලිය ඉදිරි සතියේ අනු­මැ­තිය සඳහා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරන බව කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා සිළු­මි­ණට පැවැ­සීය.

මෙය පූර්ණ බලය ඇති පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා­වක් වන අතර, මේ තේරීම් කාරක සභාව සඳහා පාර්ලි­මේ­න්තුව විසින් පිළි­ගත් පක්ෂ­වල සහ­භා­ගි­ත්වය මත කමිටු නියෝ­ජි­ත­යන් පත් කිරී­මට නිය­මි­තය. එයට පත් වූ අයගේ නාම ලේඛ­නය ඉදි­රි­යේදී පක්ෂ නායක රැස්වී­මට ඉදි­රි­පත් කර අනු­මැ­තිය ගැනී­මට අපේ­ක්ෂිත අතර, පාස්කු දින සිදු වූ ප්‍රහා­ර­මා­ලා­වට හා ඉන් පසු සිදු­වී­ම්ව­ලට හේතු, එහි පිටු­පස සිටින අය සහ ඉදි­රි­යේදී එබඳු තත්ත්ව­යන් වළ­ක්වා­ගැ­නී­මට ගත යුතු පිය­වර ආදි සියලු කරුණු මෙම­ඟින් සොයා බැලී­මට අපේ­ක්ෂි­තය.

Comments