බදූර්­දීන්ගේ විශ්වාසභංගය ගැන මත ගැටුම් | සිළුමිණ

බදූර්­දීන්ගේ විශ්වාසභංගය ගැන මත ගැටුම්

වාණිජ හා කර්මාන්ත කට­යුතු ඇමැති රිෂාඩ් බදූර්­දීන් මහ­තාට විරු­ද්ධව විශ්වාස භංග යෝජ­නාව කථා­නා­ය­ක­ව­ර­යාට භාර දීමත් සමඟ පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන සියලු දේශ­පා­ලන පක්ෂ­වල දැඩි අර්බු­ද­කාරී තත්ත්ව­යක් උද්ගත වී ඇති බව දේශ­පා­ලන ආරංචි මාර්ග­ව­ලින් පැවසේ.

මෙතෙක් එම විශ්වාස භංග යෝජ­නා­වට පාර්ලි­මේන්තු මන්ත්‍රි­ව­රුන් 64 දෙනෙකු පම­ණක් අත්සන් තබා ඇති අතර ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා මෙම යෝජ­නාව කථා­නා­යක කරු­ජ­ය­සූ­රිය මහතා වෙත පාර්ලි­මේන්තු මන්ත්‍රි උදය ගම්මං­පිල මහතා ඇතුළු කණ්ඩා­ය­මක් විසින් භාරදී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සහ ඒකා­බද්ධ විපක්ෂ කණ්ඩා­යමේ පාර්ලි­මේන්තු මන්ත්‍රි­වරු මත දෙක­කට පැමි­ණීම නිසා මෙම අර්බු­ද­කාරී තත්වය පැන නැඟී ඇත.

ඇමැති රිෂාඩ් බදි­යු­දීන් මහ­තාට ගෙන එනු ලබන විශ්වාස භාංග යෝජ­නා­වට පක්ෂව සහ විප­ක්ෂව පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ­වල මන්ත්‍රි­ව­රුන් මැති ඇම­ති­ව­රුන් කණ්ඩා­යම් දෙක­කට බෙදී විවේ­ච­නය කර ගන්නා බව ද දේශ­පා­ලන ආරංචි මාර්ග­ව­ලින් පැවසේ.

භාක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස්

Comments