භික්ෂූන් වහ­න්සේ­ලාට නොමිලේ පූර්ණ රක්ෂ­ණ­යක් | සිළුමිණ

භික්ෂූන් වහ­න්සේ­ලාට නොමිලේ පූර්ණ රක්ෂ­ණ­යක්

භික්ෂූන් වහ­න්සේලා දස දහ­ස­කට වැඩි පිරි­ස­කට නොමිලේ පූර්ණ රක්ෂණ ආව­ර­ණ­යක් ලබා­දී­මට බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශය පිය­වර ගත් බව බුද්ධ ශාසන හා වයඹ සංව­ර්ධන ඇමැති ගාමිණි ජය­වි­ක්‍රම පෙරේරා මහතා ‘සිළු­මිණ’ ට පැව­සීය.

ජීවිත හා සෞඛ්‍ය රැක­ව­ර­ණය සල­සන මෙම රක්ෂ­ණ­යෙන් හදිසි සැත්ක­මක් සඳහා රුපි­යල් ලක්ෂ දහය දක්වා මුද­ලක් ලබා­දී­මට මේ මඟින් හැකි­යාව ඇති බවත් ප්‍රථම රක්සණ ආව­ර­ණය භික්ෂූන් වහ­න්සේට ලබා­දීම 20 වනදා සිදු කෙරෙන බවත් ඇමැති ගාමිණි ජය­වි­ක්‍රම පෙරේරා මහතා පව­සයි.

ඕනෑම මුදල් හදිසි අව­ස්ථා­ව­කදී භික්ෂූන් වහන්සේ නම­කට රුපි­යල් 3500කට වැඩි මුද­ලක් ලබා­දී­මට ද මෙම රක්ෂණ ආව­ර­ණය මඟින් කට­යුතු සැල­සුම් කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

ශාස­නා­ර­ක්ෂක මණ්ඩල මඟින් සහ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් හරහා මෙම රක්ෂණ ක්‍රමය ඉතා ඉක්ම­ණින් දිව­යින පුරා ව්‍යාප්ත කිරී­මට ද සැල­සුම් කර ඇති බව ඇමැ­ති­ව­රයා කීය.

දුෂ්ක­රතා රැසක් මැද වැඩ­වා­සය කරන භික්ෂූ­න්ව­හ­න්සේලා රැසක් පිළි­බ­ඳව අමා­ත්‍යාං­ශ­යට ලැබුණු තොර­තුරු මෙන් ම එම ප්‍රදේ­ශ­වල සංචා­රය කිරී­මේදී තමන් ලැබූ අත්දැ­කීම් වලින් පසුව මෙම තීර­ණය ගත් බවද ඇමැ­ති­ව­රයා පව­සයි.

භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස්

Comments