අලුත් ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි පරණ නීති | සිළුමිණ

අලුත් ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි පරණ නීති

කඩු දඩය රුපියල් පනහයි

* අලං­කා­ර­යට කඩු ළඟ තබා­ගෙන සිටී­මත් වර­දක්
* වැරදි තොර­තුරු සමාජ මාධ්‍ය­­ව­ලට මුදා­ හැ­රි­යොත් අන්ත­ර්ජා­තික සම්මුති පන­තින් දඬු­වම්ත්‍
* රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ ගත්තොත් ඇප නෑ

පාස්කු ඉරිදා ලොවම කල­ඹ­මින් මෙර­ටට එල්ල වූ ප්‍රහාර මාලාව කිසි­ව­කුත් නොසිතූ එවැනි ව්‍යස­න­යකි. එහි උණු­සුම දිනෙන් දින අලුත් කර­මින් මේ වන විට රට පුරා විවිධ පළා­ත්වල ගැටුම් පැන­න­ඟින්නේ අපේ ඇත්තන් හරි-හැටි තමන් නොදන්නා නීතිය සිය­තට ගැනී­මට යෑමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් බව පැහැ­දි­ලිය.

පාස්කු ප්‍රහා­ර­යෙන් මොහො­ත­කට පසු කොළඹ අග­ර­ද­ගු­රු­තු­මන් මෙන්ම සෙසු ආග­මික නාය­ක­යන්ද මහ­ජ­න­යා­ගෙන් ඉල්ලා සිටියේ ජාති­වාදි ආග­ම්වාදි හැඟීම් ඇවි­ස්සෙ­න්නට ඉඩ නොදී මේ ප්‍රශ්න­යට එක­මු­තුව මුහුණ දෙන ලෙසය. ඒ සියලු අනු­ශා­සනා තුට්ටු­ව­කට මායිම් නොකළ ඇතැ­මුන් පටු හැඟීම් අවු­ළු­වන විවිධ ප්‍රකාශ කර­මින් නීතිය සිය­තට ගන්නත්, නැති ත්‍රස්ත­වා­ද­යක් මවා පෑමට උත්සාහ කිරී­මත් මේ වන විට ISIS ත්‍රස්ත­වා­ද­ය­ට­වත් වඩා බල­වත් සමාජ ව්‍යස­න­යක් වී ඇත. රටේ පවත්නා කල­බ­ල­කාරි තත්ත්වය හමුවේ දැනට පවත්නා නීති-රීති­වල අඩු­පාඩු ගැන යළිත් කතා­බ­හක් මතු වූයේ මේ සිදු­වී­ම්ව­ලට සම­ගා­මි­වය. රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී මේ ගැන දැඩිව අව­ධා­ර­ණය කර­මින් පැවැ­සුවේ මේ දින­වල සොයා­ගන්නා කඩු වැනි තහ­නම් ආයු­ධ­ව­ලට පවත්නා දඩ මුදල් මේ තත්ත්වය මර්ද­නය කර­න්නට කිසි­සේත් ප්‍රමා­ණ­වත් නැති බවයි.

කඩු දඩය 1960 දී පැනවූවක් !

මේ තහ­නම් පිහි ආඥා පනත පනවා ඇත්තේ 1906දීය. 1906 අංක 28 දරන තහ­නම් පිහි ආඥා පන­තට අනුව අන්ත­රා­ය­කර පිහි­යක් ළඟ තබා­ගෙන හසුව වැර­දි­කා­රයා බවට උසා­වි­ය­කින් තීර­ණය වුව හොත් ඔහුට රු. 50ක දඩ­යක් සමඟ සමඟ මසක සිර දඬු­ව­මක් නියම වන්නේය. මේ පනත 1983 අංක 1 යටතේ සංශෝ­ධ­නය වූ අතර, ඉන් අන­තු­රුව 2005දී මෙහි දඩ මුදල් සංශෝ­ධ­නය වී ඇත. 2005 අංක 12 දඩ මුදල් වැඩි කිරීමේ පනතේ දෙවැනි උප­ලේ­ඛ­න­යට යටත්ව ඒ මුදල රු. 1500ක දඩ­යක් ලෙස සංශෝ­ධ­නය වී ඇති බවට සට­හ­නක් ඇත. මේ සංශෝ­ධ­නය පැහැ­දිලි නොවන අතර, වර්ත­මා­නයේ ක්‍රියා­ත්මක වන්නේ 1906 අංක 28 දරන තහ­නම් පිහි ආඥා පන­තට හිමි දඩ මුදල පමණි.

මේ පන­තට අනුව තහ­නම් පිහි­යක් යන්න අර්ථ­ක­ථ­නය කර ඇත්තේ මෙසේය. තහ­නම් පිහි­යක් නම්: පිහි තලය අඟල් 2කට වඩා වැඩි විය යුතුය, එහි ඉදිරි මුව­හත රවුම් නැති උල් ආකා­ර­යෙන් සකස් වූ පිහි­යක් විය යුතුය. මේ තහ­නම් පිහි යට­තට කඩුද, පොර­වද ඇතු­ළත් වන අතර, එසේ අත්අ­ඩං­ගු­වට ගැනී­ම්ව­ලින් පසුව ඒ කඩු සියල්ල රාජ සන්තක වේ. එසේම මේ තහ­නම් පිහි යට­තට වැටෙන ආයුධ ආර­ක්ෂක අංශ­ව­ලට හසු වූ සැණින් වැර­දි­කරු එය ලබා දීමට කට­යුතු කළ යුතු බව පනතේ සඳ­හන්ය. පොලී­සිය, අධි­ක­රණ හා ග්‍රාම­සේවා නිල­ධා­රීන්ට මෙන්ම හදිසි නීති අව­ස්ථා­වක කිසිදු නියෝ­ග­ය­කින් තොරව, වරෙන්තු නැතිව පොලිස් හා හමුදා අංශ­යට මෙවැනි පිහි හා කඩු ළඟ තබා­ගෙන සිටින අය අත්අ­ඩං­ගු­වට ගැනීමේ හැකි­යාව ඇත. මෙය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යක නඩු විම­සීමේ වර­දක්ද වන්නේය.

තහ­නම් පිහි ආඥා පනත යටතේ කඩු­වක් හෝ තහ­නම් පිහි­යක් ළඟ තබා­ගෙන හසු වුව හොත් ඔහුට මාස 3ක් ඇතු­ළත නඩු පැවැ­රිය යුතුව ඇත. අලං­කා­රය පිණිස කඩු හෝ තහ­නම් පිහි ළඟ තබා ගෙන සිටී­මද වර­දක් වන අතර, ඒ වර­දෙහි බර­ප­ත­ළ­කම වඩාත් තීව්‍ර වන්නේ එය තැනින් තැනට ගෙන යෑමට උත්සාහ දැරීම හෝ සිරුරේ කොතැ­නක හෝ රඳවා තබා­ගැ­නී­මට කට­යුතු කිරී­මයි. එසේම නීත්‍ය­නු­කුල රැකි­යා­වන් කර­න්නන්ට (උදා­හ­ර­ණ­යක් ලෙස: වේවැල් කර්මා­න්තයේ යෙදෙ­න්නන්ට) හා ආර­ක්ෂක අංශ­ව­ලට මේ නීතිය බල නොපාන අතර, පන­තට අනුව මේ වරද යමකු දෙවැනි වතා­ව­ටත් කරයි නම් දෙවැනි වර දඩය ලෙස රුපි­යල් 100ක්ද, මාස 3ක සිර දඬු­ව­මක්ද හිමි වේ.

යම් අන්ත­වාදි පිරිස් විසින් කඩු ළඟ තබා­ග­නි­මින් කරන්න සූදා­නම් වූ ව්‍යස­න­යන් මේ වන විට අපේ ආර­ක්ෂක අංශ­ව­ලට හසුව ඇත. විවිධ ප්‍රදේ­ශ­ව­ලින් මෙවැනි තහ­නම් ආයුධ මේ වන විට තොග පිටින් සොයා­ග­නි­මින් පව­තියි. ඒ එකක් දෙකක් නොව මහා පරි­මා­ණ­යෙනි. කුමන හේතු­වක් නිසා මෙසේ කඩු ළඟ තබා­ගෙන සිටි­යාද යන්න මේ වන විටත් අනා­ව­ර­ණය වී නැත. එහෙත් සමා­ජ­යට පසක් වී ඇත්තේ එය තවත් ව්‍යස­න­යක් කිරීමේ මූලා­ර­ම්භ­යක් වශ­යෙනි. එමෙන්ම නුදුරු දින­යක මේ තොර­තුරු අනා­ව­ර­ණය වීමට නම් මේ සඳහා ලබා දෙන දඬු­වම්ද ඊට අදා­ළව වෙනස් විය යුතුය. එසේ හෙයින් මෙවැනි දඩ මුදල් අය කිරී­මෙන් බොහෝ දෙනා අධි­ක­ර­ණ­යෙන් ලැබෙන දඬු­වම් සැහැ­ල්ලු­වට ලක් කිරීම අප­රාධ මර්ද­න­යෙ­හිලා සාධ­නීය කරු­ණක් නොව­න්නේය.

දණ්ඩ නීති සංග්‍ර­හයේ VII පරි­ච්ඡේ­දයේ දක්වා ඇත්තේ මහ­ජන නිසං­ස­ල­තා­වට විරුද්ධ වැර­දිය. මේ යටතේ නීති විරෝධි රැස්වී­මක සාමා­ජි­ක­යකු වීමද වර­දක්ය. යම් රැස්වී­මක් නීති විරෝධි වීමට නම් එයට 5 දෙනකු හෝ ඊට වැඩි පිරි­සක සහ­භා­ගි­ත්වය තිබිය යුතුයි. මෙවැනි වර­ද­කට මාස 6ක සිර­ද­ඬු­ව­මක් හා දඩ­යක් පැන­විය හැකිය. එසේම දණ්ඩ නීති සංග්‍ර­හයේ අංක 141 යටතේ යම් ආයු­ධ­යක් අතැ­තිව නීති විරෝධි රැස්වී­ම­කට සහ­භාගි වීම, අංක 144 යටතේ කැරලි ගැසීම සම්බ­න්ධ­යෙන් වැර­දි­කා­ර­යකු වීම අවු­රුදු 2ක බන්ධ­නා­ගා­ර­ගත කිරී­මක් හෝ රු. 1500ක දඩ­යක් හෝ මේ දෙකින්ම හෝ දඬු­වම් කළ හැකි බව සඳ­හන්ය. එසේම දණ්ඩ නීති සංග්‍ර­හයේ අංක 150 යටතේ කැරැ­ල්ලක් ඇති කිරීමේ අද­හ­සින් නික­රුණේ ප්‍රකෝප කර­වීම්, ඒ ප්‍රකෝප කර­වීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස කැරලි ගැසීම් සිදු වුව හොත් ඒ තැනැ­ත්තාට අවු­රු­ද්දක පමණ කාල­යක් බන්ධ­නා­ගා­ර­ගත කිරී­මක් හෝ රු. 1500ක දඩ­යක් හෝ මේ දඬු­වම් දෙකම හිමි වෙයි.

පසු­ගිය දින­වල මිනු­ව­න්ගොඩ, හලා­වත, කොබෙ­යි­ගනේ, හෙට්ටි­පොළ ඇතුළු ප්‍රදේශ කිහි­ප­ය­කට මෙන්ම විටින් විට දිව­යි­න­ට­මද පොලිස් ඇඳිරි නීතිය පන­ව­න්නට හේතු­වක් වූයේ මෙවැනි නීති විරෝධි රැස්වීම් හා සාමය කඩ­වන ආකා­ර­යෙන් ඇති කළ කලහ කිරීම්ය. දණ්ඩ නීති සංග්‍ර­හයේ 157 වැනි වග­න්තිය යටතේ අර්ථ­ක­ථ­නය කර ඇති කලහ කිරීම් වැර­දි­ව­ලට සම්බන්ධ වි යමකු අත්අ­ඩං­ගු­වට පත්ව වැර­දි­කා­රයා බවට පත් වුව හොත්, දඩය රු. 100ක් වන අතර, මාස­යක සිර දඬු­ව­ම­ක­ටද යටත් වෙයි.

ලංකාවේ දැන් පැන­නැඟී ඇත්තේ අන්ත­ර්ජා­තික ත්‍රස්ත­වා­ද­යෙන් එහා ගිය භයා­නක තත්ත්ව­යකි. විවිධ පටු න්‍යායන් සාක්ෂාත් කර­ගැ­නී­මට වාර්ගික අර්බුද මවා පාන්නට උත්සාහ ගන්නෝ එම­ටය. මේ නිසා මෙවැනි භයා­නක සමාජ විපත් සුළු දඬු­ව­ම­කට යටත් කිරී­මෙන් සිදු වන්නේ ජාතික ආර­ක්ෂාව ඇති කරන ගම­නට බාධා­වකි.

මේ වන විට රජය පවත්නා තත්ත්වය සම­නය කිරීම් වස් විටින් විට සමාජ මාධ්‍ය­ජාලා අව­හිර කර­න්නට කට­යුතු කර ඇත. ඒ මෙම කල­හ­කාරි තත්ත්ව ඇති විමෙ­හිලා සමාජ මාධ්‍ය ප්‍රබල හේතු­වක් වී ඇති නිසාය. පසු­ගි­යදා සිදු වූ ගැටුම් යම්තාක් දුර­කට උග්‍ර වීමෙ­හිලා ෆේස්බුක් වැනි සමා­ජ­ජාලා විශාල පිටි­ව­හ­ලක් වී ඇති අතර, ආගම් හා වාර්ගික අර්බුද මේ හරහා තදින්ම ඇවිළී ගොස් ඇති බව පැහැ­දි­ලිය. තවත් විටෙක විවිධ අන්ත­වාදි අද­හස් ජනිත කිරීම් සිදුව ඇත්තේ ජංගම දුර­ක­තන ඔස්සේ කෙටි පණි­විඩ යැවී­මෙනි. එහෙත් එසේ යවන්නා හා එයට වග­කිව යුත්තා හඳු­නා­ගැ­නී­මට හැකි වුව හොත් විදුලි සංදේශ පනත යටතේ දඬු­වම් කළ හැකිය. එහෙත් එවැ­න්‍නකු හඳු­නා­ගත නොහැකි වුව හොත් ඒ නීතිය ක්‍රියා­ත්මක කිරී­ම­ටද අප­හ­සුතා ඇත.

කෙසේ වෙතත් ජාතීන් අතර අස­ම­ගිය වෛරය ඇති කර­වන සහ ජන­තාව බියට පත් වන ආකා­රයේ අසත්‍ය ප්‍රචාර සමා­ජ­ජාලා ඔස්සේ ප්‍රචා­රය කරන පුද්ග­ල­යන් නීතියේ රැහැ­නට කොටු කර­ගැ­නීමේ විශේෂ ඒක­ක­යක් පසු­ගි­යදා පොලිස් මූල­ස්ථා­නයේ පිහි­ටුවා ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතු­රු­වන පුද්ග­ල­යන් කවු­රුන්ද යන්න ගැන සොයා බැලීම මේ විම­ර්ශන ඒක­කය මගින් සිදු කරන අතර ඉදිරි පිය­වර ගැනීම සදහා අදාළ ඒකක වෙත අවශ්‍ය තොර­තුරු ලබා­දී­මද එම­ගින් සිදු කෙරේ. එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාර නිර්මා­ණය කර සමාජ මාධ්‍ය ජාල­ව­ලට මුදා­හැ­රීම සහ එවැනි ප්‍රචාර අනෙක් පුද්ග­ල­යන්ට යැවී­මට කට­යුතු කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව දැනට පව­තින හදිසි අවස්ථා රේගු­ලාසි යටතේ නීතිය ක්‍රියා­ත්මක කිරීම මගින් වසර 3 සිට වසර 7 දක්වාද, සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් අන්ත­ර්ජා­තික සම්මුති පනත යටතේ වසර 10 දක්වාද සිර දඬු­වම් නියම වන බව වාර්තා වෙයි. මේ යටතේ සැක කරන යම­කුට ඇප පවා ප්‍රති­ක්ෂේප වන අතර ඇප ලබා­ගත හැකි වන්නේද මහා­ධි­ක­ර­ණ­යෙන් පමණි.

මේ වන විට රටේ සාමය ඇති කර­වීම උදෙසා ආර­ක්ෂක අංශ විසින් විශාල වශ­යෙන් මෙහෙ­යුම් සිදු කරන අතර හදිසි නීති රෙගු­ලාසි යටතේ අත්අ­ඩං­ගු­වට ගන්නා බොහෝ පිරිස් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ ඉහළ පොලිස් නිල­ධා­රි­ය­කුගේ අනු­මැ­තිය මත පැය 72ක කාල­යක් පොලී­සියේ රඳවා-තබා­ග­නි­මින් ප්‍රශ්න කිරීමේ අයි­තිය ඇත. සාමාන්‍ය තත්ත්වය යටතේ නම් අත්අ­ඩං­ගු­වට පත් පුද්ග­ල­යකු රඳවා තබා­ගෙන ප්‍රශ්න කළ හැක්කේ පැය 24ක කාල­යක් වුවද රටේ හදිසි අව­ස්ථා­ව­කදී ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ පැය 72ක කාල­යක් රඳවා තබා­ගැ­නී­මට මෙසේ අව­සර දී ඇත්තේ ඔවුන් පිළි­බඳ හා ඔවුන්ගේ කට­යුතු හා සංවි­ධා­නා­ත්මක ක්‍රියා­ව­ලීන් පිළි­බඳ විශේෂ විම­ර්ශන පුළුල්ව සිදු කිරීමේ අව­ශ්‍ය­තාව නිසාය. ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරීමේ කාලය තවත් දිගු කිරී­මට අවශ්‍ය රැඳ­වුම් නියෝ­ග­යක් සඳහා ආර­ක්ෂක ඇමැ­ති­ව­ර­යාගේ අනු­මැ­තිය අව­ශ්‍ය­යය. මේ ත්‍රස්ත ක්‍රියා­ව­කට සම්බන්ධ වූවන්ගේ ප්‍රශ්න කිරීම් සඳහා දිගු කාල­යක් ලබා­ගෙන සූක්ෂ්මව සිදු කළ හෙයින් ඒ රැඳ­වුම් නියෝග මාස තුනෙන් තුනට දිගු කර­ගැ­නීමේ හැකි­යාව මේ පනත මඟින් ලැබෙයි. එම රැඳ­වුම් නියෝග උප­රි­මය මාස 18 ක් දක්වා දිගු කර­ගත හැකි අතර, සාමාන්‍ය ක්‍රමය යටතේ පැය 24කින් මහේ­ස්ත්‍රා­ත්ව­ර‍යකු හමු­වට ඉදි­රි­පත් කිරීමේ අව­ශ්‍ය­තා­වක් එහිදී මතු නොවෙයි. එසේම යම් ත්‍රස්ත ක්‍රියා­ව­කට සම්බන්ධ වූවකු මේ පනත යටතේ අත්අ­ඩං­ගු­වට ගත්තේ නම් අදාළ නඩුව අව­සන් වන තෙක් ඇප ලබා­ගැ­නීමේ හැකි­යා­වද අහිමි වන්නේය.

පසු­ගි­යදා එල්ල වූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යට දායක වූවන් මෙන්ම ඊට අදාළ ත්‍රස්ත ක්‍රියා­ව­ලට අදාළ විශාල පිරි­සක් මේ වන විට ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පන­තින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, ඔවුන් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු කරන්නේ මේ රැඳ­වුම් නියෝග හර­හාය. මේ නිසා මෙවැනි පනත් හා මෙවැනි කාලෝ­චිත වෙන­ස්කම් මඟින් ඒ කට­යු­තු­ව­ලට ලැබී ඇති සහ­යෝ­ගය අගය කළ යුතුය.

ත්‍රස්ත ක්‍රියා­වන්ට ඇප?

එහෙත් මේ වන විට විවිධ පිරිස් විවිධ ප්‍රචාර ගෙන යන්නේ මෙසේ අත්අ­ඩං­ගු­වට පත් පිරි­ස්ව­ලට ඇප දෙන බවය. මේ පිළි­බඳ ඉදි­රි­පත් වී ඇති චෝද­නා­ව­ලට මේ වන විට යම් යම් විම­ර්ශන සිදු කෙරෙ­මින් පව­තින අතර, නීති විශා­ර­ද­යන් පෙන්වා දී ඇත්තේ එසේ වන්නේ පොලී­සිය විසින් ඔවුන් උසා­වි­යට ඉදි­රි­පත් කිරී­මේදි විවිධ පනත් හරහා ඔවුන් ඉදි­රි­පත් කිරීම නිසා බවයි. දණ්ඩ නීති සංග්‍ර­හයේ එන වැරදි යටතේ උසා­වි­යට ඉදි­රි­පත් කළ හොත් ඇප ලබා­ගැ­නීමේ හැකි­යාව පව­තියි. එහෙත් ඒ වැර­දි­ක­රු­වාම ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පන­තින් ඉදි­රි­පත් කළ හොත් එසේ ඇප ලබා­ග­න්නට නොහැ­කිය. මෙසේ හෙයින් පොලිස් නිල­ධා­රීන් පවා මෙවැනි අව­ස්ථා­වක කට­යුතු කළ යුත්තේ වඩාත් බුද්ධි­මත් ආකා­ර­යෙනි. මන්ද යත්: එසේ නොවුව හොත් එවැනි තත්ත්ව තවත් ප්‍රශ්න රාශි­ය­කට මුල පිරී­මක් වන හෙයිනි.

මහ­ජන ආර­ක්ෂක පනත යටතේ රටේ ජනා­ධි­ප­ති­ව­ර­යාට හදිසි නීති රෙගු­ලාසි පැන­වීමේ හැකි­යාව ඇත. එය පාර්ලි­මේ­න්තුව මඟින් නිශ්චිත කාල­ව­ක­වානු තුළ දීර්ඝ කළ යුතු වෙයි. පසු­ගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු කළ කුරිරු ප්‍රහා­ර­යෙන් අන­තු­රුව ඇති වූ තත්ත්වය සම­නය කිරීම් වස් පසු­ගිය මස 23 වැනිදා හා 24 වැනිදා පාර්ලි­මේ­න්තුව හදි­සියේ රැස් වූයේ මෙසේ හදිසි නීති පිළි­බඳ සාක­ච්ඡා­ව­ල­ටය. මෙවැනි අව­ස්ථා­වක සාමය පව­ත්වා­ගෙන යෑමට ඇඳිරි නීතිය පැන­වීම, පාරේ සිටින ඕනෑම සැක කට යුතු අයකු කිසිදු අව­ස­ර­ය­කින් තොරව ත්‍රිවිධ හමු­දා­වට හා පොලී­සි­යට අත්අ­ඩං­ගු­වට ගැනීම, එසේ අත්අ­ඩං­ගු­වට ගත් අය ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාගේ අව­ස­රය මත රැඳ­වුම් නියෝග ගෙන මාස 12ක කාල­යක් රඳ­වා­ගෙන ප්‍රශ්න කිරීම වැනි දේ කළ හැකි වෙයි. තව­මත් මේ කට­යුතු සිදු වන්නේ රටේ එවැනි නීති-රීති­ව­ලට අනු­කූ­ල­වය.

අදහස්