ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

මේෂ

ක්‍රමයෙන් ශුභයි

 

ලග්නාධිපති අඟහරු රාහු සමඟ තුන් වැන්නේය. සිකුරු ලග්නයේ ද ශනි, කේතු 9 ද සිටී. කරගෙන යන කටයුතුවලින් ද අන්‍යයන්ගෙන් ද ලාභ ලැබේ. ලාභ බලාගෙන කරන කටයුතුවලට ශුභයි. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී ක්‍රමයෙන් ශුභදායක වේ. ගෙදරෙදාර කටයුතු යහපත්ය. යුගදිවිය සම්බන්ධයෙන් සමගිය සාමයට බාධා එල්ල නොවේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගම ධර්මයට යොමු වී ක්‍රියා කරයි. උෂ්ණාධික රෝග, ඇස්වල දුර්වලතා, ස්නායු දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා


වෘෂභ

බාධා සහිතයි

 

ලග්නාධිපති සිකුරු 12 සිටී. රවි, බුධ ලග්නගත වේ. සඳු, ගුරු හතේ ද, ශනි, කේතු 8 ද සිටී. මෙම කාල සීමාව තුළ තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ගැටලු ඉස්මතු කරයි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී ද බාධා මතු කළ හැකිය. ආදායම ලැබුණ ද වියදම පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී බුද්ධිමත් විය යුත්තේය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදි සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. සංකීර්ණ රෝගවලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


මිථුන

 

මිශ්‍රපල

 

ලග්නාධිපති රවි, බුධ 12 සිටි. කුජ රාහු ලග්නයේ ද ශනි කේතු 7 ද සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී මේ දිනවල ඉතා තද ලෙස කෝපයට පත් වේ. කේන්ති යයි. එසේම ක්‍රියාශීලී වේ. නමුත් ගමන් අධික වේ. ඉතාම ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ද යම් යම් බාධා ඇති වේ. මිල මුදල් ලැබීම ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලැබෙනු ඇත. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. සමඟිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


කටක

 

බුද්ධිමත් වන්න

 

යෝගකාරක කුජ රාහු 12 ද ශනි කේතු 6 ද, සඳු, ගුරු 5 සිටී. එම කාල සීමාව තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී සුළු සුළු බාධා ප්‍රමාදතාවලට ඉඩ පවතී. කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම අතින් අයහපත් නැතත් මුදල් ඉතිරි කර ගැනීම අසීරුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් බුද්ධිමත්ව ද ඉවසීමෙන් ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා මතු කරයි. දරුවන්ගේ කටයුතුවල දී කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. පොතපත කියැවීමේ රුචිකත්වයක් ඇත. සෙම් පීඩා, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග ඇති කරයි.

ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා


සිංහ

ආර්ථික වාසි

 

ලග්නාධිපති රවි, බුධ 10 ය. රවි දිග්බලයි. සඳු, ගුරු 4 ද, ශනි, කේතු 5 ද ගමන්ගනී. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට සුළු බාධා අවහිරතා ඉස්මතු වුවත් සිය උත්සාහය සහ කැප වී මෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරෙදාර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු උදෙසා අවධානයෙන් සිටින්න. පේ‍්‍රම සම්බන්ධතාවලට බාධා පවතී. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවලට ශුභයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. ස්නායු, නහර දුර්වලතාවලට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා


කන්‍යා

බාධා සහිතයි

 

ලග්නාධිපති බුධ, රවි භාග්‍යස්ථානයේය. කුජ, රාහු 10 ය. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. එම නිසා බුද්ධිමත්ව කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් නම් ශුභයි. විවිධ අංශයන්ගෙන් ආදායම් ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. රුධිර පීඩනය, උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


තුලා

 

මිශ්‍රපලයි

 

ලග්නාධිපති සිකුරු හතේය. රවි, බුධ අටේ ද, කුජ, රාහු නවයේ ද සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට නොලැබේ. බාධා ප්‍රමාදතා ඇති කළ හැකිය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ව්‍යාපාරයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු ක්‍රමයෙන් සාමාන්‍ය වේ. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට සිය උත්සාහය තුළ කිසියම් අන්දමක සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


වෘශ්චික

 

වියදම් වැඩියි

 

ලග්නාධිපති කුජ රාහු සමඟ අටවැන්නේය. ශනි, කේතු දෙවැන්නේය. එම ග්‍රහ පිහිටීම තුළ සඳු, ගුරු ලග්නයේය. තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. ඉතාම ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද කටයුතුවල යෙදෙන්න. ආර්ථික වශයෙන් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. මුදල් ඉතිරි කරගැනීමේ දී අසීරු වේ. ගෙදරදොර කටයුතුවලදී මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා


ධනු

කල්පනාකාරී වන්න

 

ලග්නාධිපති ගුරු සඳු 12 ද ශනි කේතු ලග්නයේ ද කුජ රාහු හතේ ද ගමන් කරයි. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී ඉතාම ඉවසිලිවන්තව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතාවලට ඉඩ ඇති බැවිනි. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී වුව ද ප්‍රමාදතා, ගැටලුකාරී තත්ත්වයන්ට ඉඩ මතු කළ හැකිය. ආර්ථික වශයෙන් යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදර‌ෙදාර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී නම් එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. බඩවැල් ආශ්‍රිත පීඩා මතු කළ හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා


මකර

 

ශුභදායකයි

 

ලග්නාධිපති ශනි, කේතු 12 ද කුජ, රාහු 6 ද සඳු, ගුරු අයස්ථානයේ ද ගමන් ගනී. එම ග්‍රහ චලිතය ගැන බැලීමේ දී සුළු සුළු බාධා සහ අවහිරතා ඇති කරයි. එසේ වුවත් ක්‍රමයෙන් යහපත්ය. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතුවලදී ක්‍රමයෙන් දියුණුව ලබයි. ආර්ථික වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසිදායකයි. විවිධ අංශ මඟින් ආදායම ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද ශුභයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට යහපත්ය. සෙම පීඩා, ස්නායු දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා

 


කුම්භ

 

මිශ්‍රපලයි

 

ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේය. සඳු, ගුරු දහයේය. කුජ, රාහු 5 ගමන් ගනී. එම ග්‍රහ ගෝචර සමඟ බැලීමේ දී තම කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මිල මුදල් සම්බන්ධයෙන් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් කාර්ය බහුල වේ. ශරීරයට වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා වෙහෙස මහන්සි වේ. උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

 


මීන

 

ගැටලූ සහිතයි

 

ලග්නාධිපති ගුරු සඳු භාග්‍යස්ථානයේය. ශනි, කේතු 10 ද, කුජ, රාහු 4 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය බැලීමේ දී තද ලෙස කේන්ති සහ කෝපයට පත්වන නිසා ඉතා ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය හා රැකියා ක්‍ෂේත්‍රයේ ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී නොවුවහොත් ආකූලතා ව්‍යාකූලතා බලපානු ඇත. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. මිල මුදල් සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න. ගෙදර‌ෙදාර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද ඉවසීම අවශ්‍යයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකිය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

 

 

Comments