මිනු­ව­න්ගොඩට ගිනි තිබ්බේ කවුද? | සිළුමිණ

මිනු­ව­න්ගොඩට ගිනි තිබ්බේ කවුද?

අන්ත­වා­දය කුමන ආග­ම­කින්, ජාති­ය­කින් හිස එස­වී­මට වෙර දැරු­වද එය රට­කට පම­ණක් නොව ලෝක­ය­ටම පිළි­ල­යකි. අන්ත­වාදී ත්‍රස්ත­වා­දීන් විසින් ම්ලේච්ඡ ප්‍රහාර එල්ල­කොට සති තුනක් යන්න­ටත් මත්තෙන් නැව­තත් රටෙහි ජන­තාව වෙතට භීතිය හා ත්‍රාසය මුසු­වූයේ තවත් අන්ත­වාදී සුළු පිරි­ස­කගේ නොමනා හැසි­රීම හේතු­වෙනි. පාස්කු දින ප්‍රහා­රය හේතු­වෙන් ශෝක­යෙන් ඇළලී සිටි සමස්ත රට­වැ­සි­යන්ගේ සිත් සන්ත්‍රා­ස­යෙන් අල­ළ­ව­මින් ඇවි­ළෙන ගින්නට පිදුරු දම­න්නාක් සේ හැසි­රුණු මේ අන්ත­වා­දීන්ගේ මුල්ම සිදු­වීම වාර්තා වූයේ පසු­ගිය පස්වැ­නිදා මීග­මුව පෝරු­තොට ප්‍රදේ­ශ­යෙනි. එහෙත් එම සිද්ධි දුර­දිග යෑම වැළ­කුණේ කාදි­නල් හිමි­පා­ණ­න්ගේද ඍජු මැදි­හත් වීමෙන් හා රජයේ සහ ආර­ක්ෂක අංශ­යන්හි ක්ෂණික ක්‍රියා­ත්ම­ක­වී­මෙනි.

පෝරු­තොට සිදු­වී­මවී සති­යක් ඉක්ම යද්දී නැව­තත් හලා­වත ප්‍රදේ­ශ­යෙන් මුස්ලිම් ජනයා සහ සිංහල ජනයා අතර ගැටු­මක් හට­ගත්තේ සමා­ජ­ජාලා මාධ්‍ය­යන්හි සැරි­සැරූ වදන් පෙළක් මුල් කර­ගෙ­නය. එහිදී හලා­වත නග­රයේ කඩ සාප්පු­ව­ල­ටද හානි සිදු කර­මින් ඇවි­ළෙ­න්නට ගිය ගින්න නිවා දැමුණේ ඇඳිරි නීති­යද පන­ව­මිනි. එහෙත් එදි­නම කුලි­යා­පි­ටිය, බිංගි­ගි­රිය, රස්නා­ය­ක­පුර, හෙට්ටි­පොළ සහ කොබෙ­යි­ගනේ පොලිස් වස­ම්වල කල­බ­ල­කාරි වාතා­ව­ර­ණ­යක් ඇති­විය.

මුස්ලිම් ජන­තාව සතු ව්‍යාපා­රික ස්ථාන විනාශ කර­මින් කිනි­යම ප්‍රදේ­ශයේ මුස්ලිම් පල්ලි­ය­ක­ටද හානි කර­මින් වයඹ පළාත පුරා පැති­රී­මට ගිය ප්‍රච­ණ්ඩ­ත්වය පාල­නය කිරී­මට දහ­තුන් වැනිදා නැවත දැනුම් දෙන තුරු එම පළා­ත­ටම ඇඳි­රි­නී­ති­යද පැන­වී­මට පොලි­සි­යට සිදු­විණි.

අදිසි හස්ත­යක උසි­ගැ­න්වීම මත සිංහල අන්ත­වා­දීන් සුළු­පි­රි­සක් විසින් සිදු­ක­රන ලද එම ප්‍රහා­රයේ රස්නය නිවී­යෑ­ම­ටත් මත්තෙන් බස්නා­හිර පළාතේ මිනු­ව­න්ගොඩ නග­ර­යද ගිනි­ගත්තේ පසු­ගිය 13 වැනිදා සවස් සාම­යේය.

මිනු­ව­න්ගොඩ නග­රයේ පැරැ­ණිම කඩේත් විනා­ශයි

සුළු ආර­වු­ල­කින් ඇරැ­ඹුණු එම විනා­ශ­යට මූලික වූයේ මිනු­ව­න්ගොඩ නග­ර­යට ක්ෂණි­කව කඩා වැදුණු දහ­ස­කට අධික පිට­ස්තර ජන­යා­ගෙන්ද සැදු­ම්ලත් කණ්ඩා­ය­මක් බවට මුස්ලිම් මෙන්ම සිංහල ජන­යාද චෝදනා නඟති. මේ පිළි­බඳ තොර­තුරු සෙවී­මට මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශයේ සංචා­ර­යක නිර­තවූ අප නෙතට ලක්වූ දසුන් ඉතාම ශෝක­ජ­න­කය.

මිනු­ව­න්ගොඩ නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලිය ඇතුළු වෙළෙ­ඳ­සල් තිහ­කට පමණ මේ අන්ත­වා­දීන්ගේ ක්‍රියා නිසා දැඩි හානි සිදුවී තිබිණි. අප යන­මො­හො­තේත් ඇතැම් වෙළෙ­ඳ­සල් ගිනි­ගෙන දැවෙ­මින් තිබෙන අන්දම අප නෙතට ලක්විය.

එම කෝලා­හ­ලය පටන් ගෙන ඇත්තේ මිනු­ව­න්ගොඩ නගර මධ්‍ය­යෙන් ඔබ්බට වන්නට පිහිටි ෆවුස් හෝට­ලට පැමිණි කල­හ­කා­රීන් පිරි­සක් විසින් ආරම්භ කළ ගැටු­ම­කිනි. ඉන් අන­තු­රුව රෑ හතට පමණ පැමිණි පිරි­සක් එම හෝට­ලය මුළු­ම­නින්ම විනා­ශ­කර ඇත. ඒස­ම­ඟම නග­ර­යට කඩා­වැ­දුණු දහ­ස­කට අධික පිරි­සක් විසින් මිනු­ව­න්ගොඩ නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලිය ඇතුළු වෙළෙ­ඳ­සල් රැස­ක­ටම පහර දී ගිනි තබා තිබිණි. අප යද්දීත් ඇතැම් වෙළෙඳ සල් දැවෙ­මින් තිබූ අතර වෙළෙ­ඳ­සල් හත­ළි­හ­කට ආසන්න ප්‍රමා­ණ­යක් ගිනි තබා කඩා බිඳ දමා තිබිණි.

මිනු­ව­න්ගොඩ නග­රයේ වැඩිම වෙළෙ­ඳ­සල් ප්‍රමා­ණ­යක් හිමි හුසේන් රිම්සාන් නමැත්තා එහිදී අපට හමු­විය. ඔහුගේ වෙළෙ­ඳ­සල් බොහො­ම­යක්ම විනා­ශවී ඇතැයි ඔහු පැව­සීය.

“අපට මිනු­ව­න්ගොඩ නග­රයේ මොහි­දින් නමින් කඩ හත­රක් තියෙ­නවා. මිනු­ව­න්ගොඩ නග­රයේ පැරැ­ණිම කඩේත් මගේ. අපේ සිය­ලුම කඩ සාප්පු විනාශ කළා. අපි සිංහල ජන­තාව සමඟ ඉතාම සුහ­දව අවු­රුදු තිහ­කට වැඩි කාල­යක් මිනු­ව­න්ගොඩ නග­රයේ වෙළෙ­ඳාම් කළා. එදා සවස හයට විතර මුලින්ම ගැහුවේ ෆවුස් හෝට­ල­යට. අපි එදා නෝම්බි නිසා කඩ වහලා ගෙව­ල්වල හිටියේ. පස්සෙ රෑ හත විතර වෙන­කොට ආරංචි වුණා අපේ කඩ­ව­ල­ටත් ගහ­නවා කියලා. මේ අය පැය තුන­කට වැඩිය මේ නග­රයේ ඉඳලා තියෙ­නවා. මේ මිනිස්සු සිංහල කඩ­ව­ල­ටත් ගහලා. මොන­ත­රම් අප­රා­ධ­කා­රයෝ පිරි­සක්ද මේ ඇවිල්ලා තියෙන්නෙ... හැබැයි මට හොඳ­ටම විශ්වා­ස­යක් තියෙ­නවා පිටින් ආපු විශාල පිරි­සක් මේ අය අතර හිටියා. බොහෝ සිංහල මිනිස්සු අප සමඟ හරිම සුහ­දයි. මේ විනා­ශය ගැන අහලා තොර­තුරු විම­සලා වැඩි­පු­රම කෝල් එන්නෙත් සිංහල මිනි­ස්සු­න්ගෙ­න්මයි. ඒ අය තමයි අපේ කඩ­ව­ලට බොහෝ­විට එන්නෙ. සිංහල මිනිස්සු කියන්නෙ අපිත් සමඟ බොහෝ ළෙන්ග­තුව සිටින පිරි­සක්. මගේ කඩ­යක් මීට පෙරත් ගිනි­ගත්තා. ඒ වෙලාවේ සිංහල මිනිස්සු තමයි ඒ ගින්න නිවන්න වැඩි­පු­රම සහාය වුණේ.”

සිංහල කඩත් ගිනි තියලා

මිනු­ව­න්ගොඩ නගර මධ්‍යයේ පිහිටි ජුම්මා මස්ජිඩ් පල්ලි­ය­ටද හානි සිදුවී තිබිණි. අප යන විටත් එම පල්ලි­යට අන්‍ය ආග­මි­කයෝ බොහෝ දෙනෙක් පැමිණ සිටි­යහ. පල්ලියේ මවු­ල­වි­තුමා වනුයේ තුවාන් මුරාඩ්ය.

“අපි කිසි කෙනෙක් පල්ලි­යේ­වත් නග­ර­යේ­වත් හිටියේ නෑ. නෝම්බි අරින්න ගෙව­ල්ව­ලට ගිහින් හිටියේ. ඒ වෙලාවේ තමයි මේ දේ වුණේ. ඇත්ත­ටම අපිට දුක මේ වගේ විනා­ශ­යක් සිංහල මිනි­ස්සු­න්ගෙන්ම සිදු­වීම ගැන. අපි වෙස­ක්ව­ලට, පොසො­න්ව­ලට මිනු­ව­න්ගොඩ නග­රයේ තිබෙන උත්ස­ව­ව­ලට මොන­ත­රම් උදවු කර­න­වාද? ඇත්ත. අපේ අය­ගෙ­නුත් රටට ලොකු විනා­ශ­යක් වුණා.

ඔවුන් ත්‍රස්ත­වා­දීන්. මේ නොමඟ ගිය මිනිස්සු කරන වැඩ. අපේ සාමාන්‍ය මිනිස්සු ඒවාට සම්බන්ධ නෑ. ඒ නිසා මං කියන්නෙ මේ දේවල් මෙතැ­නින් නතර විය යුතුයි කියායි. මේවා­යින් වෙන්නෙ රටේ සාමය, සංහි­ඳි­යාව නැති­වී­මයි. මෙවැනි දේව­ල්ව­ලින් අපේ මිනි­ස්සුත්, සිංහල මිනි­ස්සුත් අතර තියෙන සම්බ­න්ධය තවත් ඈතට යනවා. ඒක රටක් ලෙස සෑම කෙනෙ­කු­ටම අවා­සියි.”

විනා­ශය සඳහා මිනු­ව­න්ගොඩ නග­රය ගැන හොඳින් දන්නා පිරි­සක්ද පැමිණ සිටි බවට ඇතැම් මුස්ලිම් ජාති­කයෝ චෝදනා නඟති. ඔවුන් සිංහල හා මුස්ලිම් කඩ තෝරා බේරා­ගෙන විනාශ කර තිබෙන බව පව­සති. විනාශ වූ වෙළෙ­ඳ­සල් අතර සිංහල ‍වෙළෙඳ­සල් පහ­කට අධික ප්‍රමා­ණ­යක් ද තිබේ.

මිනු­ව­න්ගොඩ ඔර­ලෝසු කණුව ඉදි­රි­පිට තිබෙන සිවු මහල් ගොඩ­නැ­ඟි­ල්ලක පිහිටි සිංහල වෙළෙ­ඳ­ස­ලක් වූ ‘එකෝ’ වෙළෙ­ඳ­ස­ලට බර­ප­තළ හානි සිදුව තිබෙනු අපි දුටු­වෙමු. එහි ඉහළ මහලේ රෙදි­පිළි ගබ­ඩාව අප යන විටත් දැවි අළුවී දුම් දම­මින් තිබිණි. එහි හිමි­කා­රිණී චන්දිමා මහ­ත්මිය අප හා සිද්ධිය විස්තර කළාය.

“පේනවා නේද අපිට වෙලා තියෙන විනා­ශය... ඇයි මේ මිනිස්සු මේ විදි­හට හැසි­රෙන්නෙ. මොන­ත­රම් විනා­ශ­යක්ද මේ කරලා තියෙන්නෙ. අපිට කෝටි ගාණක පාඩු­වක් වෙලා. මොන ජාති­යක මිනිස්සු වුණත් මේ විදි­හට හැසි­රෙ­න­වා­නම් ඒක මුළු රට­ටම හානි­යක්... අද අපිට මේ විදි­හට හරි දෙයක් ඉතුරු වුණේ ආර­ක්ෂක අංශ­වල කැප­වීම නිසායි. මේ කරපු දෙයින් සිංහල මිනිස්සු වන අපට තමයි වැඩිම අලා­භය වෙලා තියෙන්නෙ. මේ නගරේ මුස්ලිම්, සිංහල අපි හැමෝම හරිම සාම­යෙන් ජීව­ත්වුණේ. මුස්ලිම් මිනිස්සු අන­න්ත­වත් අපේ කඩේට බඩු ගන්න එනවා. හැබැයි මේ වෙලාවෙ කියන්න තියෙන කන­ගා­ටු­දා­ය­කම දේ තමයි, මුස්ලිම් මිනිස්සු සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා. ඒත් අපි ගැන සොයා බලන්න එක සිංහල මනු­ස්ස­යෙක් ආවේ නෑ. ජාති­යක් ලෙස සිංහල මිනිස්සු ගැන පුදු­මා­කාර කල­කි­රී­මක් අපට තියෙන්නෙ.”

මෙහෙ­ම­හරි රැකුණේ ආර­ක්ෂක අංශ නිසායි

මෙවන් විනා­ශ­ව­ලින් සෑම දෙනා­ටම සිදු­වන්නේ විප­තකි. විනා­ශ­යට ඉස්ලාම්ද, බෞද්ධද, හින්දුද, කතෝ­ලි­කද ලෙසින් භේද­යක් නැත. එම නිසා මේ මොහොතේ රටෙහි සෑම ජන­කො­ට­සක්ම සෑම විටෙ­කම රට ගැන සිතා සිහි­බු­ද්ධි­යෙන් ක්‍රියා කළ යුතු­යැයි මිනු­ව­න්ගොඩ රජ­මහා විහා­රයේ හැව­න්තැ­න්නෙ­ගෙ­දර සීල­ර­තන නාහි­මියෝ පව­සති.

“මිනු­ව­න්ගොඩ කියන්නෙ සියලු ජන­කො­ටස් බොහෝම සාම­දා­න­යෙන් සිටින නග­ර­යක්. මීට පෙර රටේ ඇතැම් ස්ථාන­වල කල­හ­කාරි සිදු­වීම් සිදුවූ විටත් අපේ ජන­තාව සාම­යෙන් සිටියා. ආග­මික නාය­ක­යන් ලෙස අපි සියලු දෙනාත් සෑම මොහො­ත­කම ජන­තා­වගේ සාමය, සම­ඟිය ගැන සාකච්ඡා පව­ත්ව­මින් හිටියේ. මුස්ලිම් ජන­යාත්, බෞද්ධ ජන­යාත් බොහෝ විශ්වා­ස­යෙන් ජීව­ත්වුණේ. ඒත් එක්ව­රම මෙවැනි දෙයක් වීම අපි­ටත් හිතා­ගන්න බැහැ. එය මුළු මිනු­ව­න්ගොඩ නග­ර­ය­ටම විශාල කැළැ­ලක්. මං හිතන්නෙ මේවා යම්කිසි සංවි­ධාන කණ්ඩා­යම් විසින් සිදු­ක­රන දේවල්. අපි ආග­මික නාය­ක­යන් ලෙස මේවා දැඩි පිළි­කු­ළෙන් හෙළා දකි­නවා.

මේ වෙලාව දේශ­පා­ල­න­ඥ­යන් හැමෝම කට පරි­ස්සම් කර­ගෙන සිටිය යුතු වෙලා­වක්. කියන දේවල්, කරන දේවල් ගැන හොඳට සිතා බලා කට­යුතු කළ යුතුයි. මොකද මිනිස්සු කුපිත වෙන කිසි දෙයක් දේශ­පා­ල­න­ඥ­යන්, ආග­මික නාය­ක­යන් ඇතුළු කිසිම කෙනෙ­ක්ගෙන් සිදු නොවිය යුතුයි. එහෙම නොවු­ණොත් මේ වෙන දේව­ලින් රටට ලොකු විනා­ශ­යක් විය හැකියි.”

මේ වන­විට සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක පිට පුද්ග­ල­යන් දහ­හ­තර දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගාර ගත­කර තිබේ. තවත් තිහ­කට වැඩි පිරි­සක්ද අප මිනු­ව­න්ගොඩ නග­රයේ සැරි­සැරූ දින අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. එදින මිනු­ව­න්ගොඩ නග­ර­යට වූ හානිය දැක­බලා ගැනී­මට ජන­මාධ්‍ය හා රාජ්‍ය ආර­ක්ෂක අමාත්‍ය රුවන් විජයව­ර්ධ­නද පැමිණ සිටි­යේය.

“මෙවැනි අප­රාධ කුමන ජාති­යක් විසින් සිදු­ක­ළද ඉතාම නිර්ල­ජ්ජි­තයි. මින් අන්ත­වා­දීන්ට, ත්‍රස්ත­වා­දීන්ට බලා­පො­රොත්තු සඵල වීමක් වගේම උදවු දීමක් කරන්නෙ. විශේ­ෂ­යෙන් අපේ ආර­ක්ෂක අංශ මේ මොහොතේ දිවා රෑ වෙහෙ­සෙන්නෙ එදා පාස්කු ඉරිදා ප්‍රහා­රය එල්ල කළ ත්‍රස්ත­වා­දීන් සොයා ගැනී­ම­ටයි. ඒත් මෙවැනි දේ වන­විට ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යන්ට ත්‍රස්ත­වා­දීන් කොටු­කර ගැනී­මට වඩා රටේ සාමය වෙනු­වෙන් කැප­වී­මට සිදු වෙනවා. ඒක නිසා මම සෑම දෙනා­ගෙන්ම ඉල්ලී­මක් කරන්නෙ මෙවැනි අප­රා­ධ­ව­ලට යොමු වන්න එපා රට ගැන සිතන්න කියායි. සහා­රන්ගේ අන්ත­වාදී ත්‍රස්ත­වා­දීන් බොහෝ දෙනකු මේ වෙද්දී ආර­ක්ෂක අංශ­ව­ලට කොටුව ඇතැයි”ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

මධුමා­ධව සුපර් මාකට් එකේ හිටි­යාද?

මිනු­ව­න්ගොඩ මේ විනා­ශය සිදු­වී­මත් සමඟ සමාජ මාධ්‍ය­යන්හි සැරි­සැරූ වීඩි­යෝ­වක දැක්වුණේ ගායක මධු­මා­ධව අර­වින්ද සුදු ඇඳු­ම­කින් සැරැසී මිනු­ව­න්ගොඩ නගර මධ්‍යයේ තිබෙන පාලම මතින් ඇවිද යන දසු­නකි. ඒත් සමඟ ඔහුට බොහෝ චෝද­නාද එල්ල විණි. ඒ පිළි­බඳ ප්‍රකා­ශ­යක් ගැනී­මට මධු­මා­ධව අර­වින්ද මිනු­ව­න්ගොඩ පොලි­සි­යට කැඳ­විණි. එලෙස ප්‍රකා­ශ­යක් ලබා­දී­මට පැමිණ සිටි­යදී ඔහු අප හා අද­හස් පළ කළේය.

“අපි කව­දත් මුස්ලිම් අන්ත­වා­ද­යට විරු­ද්ධයි. අපට නඟන අභූත චෝද­නා­ව­ලින් එය නව­ත්වන්න බැහැ. අපිට මුස්ලිම් සාමාන්‍ය ජනයා සමඟ කව­දා­වත් කිසිම ගැට­ලු­වක් නැහැ. නමුත් අන්ත­වා­දීන් සමඟ තිබෙන ප්‍රශ්නය මෙතැ­නින් නතර කර­න්නෙත් නැහැ. මං එදා දිවු­ල­පි­ටි­යට යමින් හිටියේ. ඒ වෙලාවෙ මාර්ග තද­බ­දය නිසායි මං වාහ­නෙන් බැහැලා ගියෙ මොකද වෙන්නෙ කියලා බලන්න.”

මධු­මා­ධව අර­වින්ද එසේ පැවැ­සු­වද, ගින්නෙන් විනාශ වූ අම්රා ටෙක්ස් වෙළෙ­ඳ­සලේ හිමි­කරු ජේ. ටී. රිස්වාන් ආර­ක්ෂක රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැමිණි මොහොතේ මධු­මා­ධව ගැන යම් හෙළි­ද­ර­ව්වක් කළේ මෙසේය.

“7.15ට විතර මම දැක්කා ඔහු සුපර් මාකට් එක ඇතු­ළට තව තුන්දෙ­නෙක් සමඟ යනවා. එයා දිවු­ල­පි­ටියේ යන­වා­නම් සුපර් මාකට් ඇතුළේ රිංගන්නෙ මොක­ටද? මං ඒත් මගේ යාළු­වට කිව්වා, මෙයා කොහේද මේ රිංගන්නෙ කියා. මට හොඳ­ටම විශ්වා­සයි එයා සුපර් මාකට් එකට වෙලා මේ සේරම බලා­ගෙන හිටියා. සුපර් මාකට් එකේ පෝල් කඩ­වල සීසී­ටීවී කැමරා තියෙ­නවා. ඒවා පරීක්ෂා කළා­නම් ඇත්ත දැන­ග­න්න­පු­ළු­වන්.”

ඒ පිළි­බඳ දැඩිව පරීක්ෂා කරන ලෙස ඒ මොහො­තේම ඇමැ­ති­ව­රයා පොලි­සි­යට උප­දෙස් දුන්නේය.

අන්ත­වා­දය, ත්‍රස්ත­වා­දය වපු­ර­මින් අහිං­සක ජන­යාගේ දේපළ විනාශ කිරීම කුමන ජාති­යක් කළද එය අහස, පොළොව නුහු­ලන අප­රා­ධ­යකි. රටක් ජාති­යක් ලෙස සැවොම අගා­ධ­යට ඇද දමන එවැනි විනා­ශ­කාරී අප­රාධ සිදු­ක­ර­න­වුන් තරා­ති­රම නොබලා අත්අ­ඩං­ගු­ව­ට­ගෙන උප­රීම දඬු­වම් පැමි­ණ­වීම තවත් මෙවැනි අප­රාධ සිදු­වීම වළක්වා ගැනී­මට තිබෙන එකම මාර්ග­යයි. එසේ නොවු­ණ­හොත් අපට නැව­තත් අසූ තුනේ කළු ජූලියේ මත­කය සියැ­සින් දැක­ගැ­නී­මට හැකි වන­වාට සැක නැත.

සේයාරූ - කැලුම් ලිය­නගේ

Comments