වෛරී සිතින් මිදී රටක් ලෙස දියුණු වෙමු | සිළුමිණ

වෛරී සිතින් මිදී රටක් ලෙස දියුණු වෙමු

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය විජි­ත­පුරේ විම­ල­ර­තන මාහිමි

බුදු­ද­හම ගත් කල්හි එය කිසි කලක බල­යෙන්, යුද්ධ­ව­ලින්, මිනි­සුන් තළා-පෙළා, මිනි­සුන් වෙත බොරු පොරොන්දු, තෑගි-බෝග දී ව්‍යාප්ත කළ දහ­මක් නොවේ. බුදු­ද­හම මුළු­ම­නින්ම සාම­කාමි පරි­ස­ර­යක් තුළ බුද්ධි­යට ආම­න්ත්‍ර­ණය කොට ව්‍යාප්ත කළ ආග­මකි. එය විශ්වා­සය මත රඳා පව­ති­න්නක් නොවේ. තමන්ගේ විමු­ක්තිය තමා විසින්ම සල­කා­ගත යුතුය යන්න එහි පද­න­මයි. එය කිසි­ව­කු­ටත් බල­යෙන් පැට­විය නොහැ­කිය; අත් කර දිය නොහැ­කිය.

අප උපන් දින පටන් අධ්‍යා­ප­නය ලැබීම, ව්‍යාපාර සිදු කිරීම, වෘත්තීන්හි නියැ­ළීම වුව සිදු කළ යුත්තේ ධෛර්ය­වත්ව කැප වීමෙන් ක්‍රියා කිරී­මෙනි. එසේ නැතිව වංචා, දූෂණ මඟින් යම් ජය­ග්‍ර­හ­ණ­යක් අත් කර­ගන්නේ නම් එය තිර­සර නොව­න්නේය. තමන්ගේ උත්සා­හ­යෙන් ලබන ඕනෑම ජය­ග්‍ර­හ­ණ­යක් සතුට, ප්‍රීතිය ගෙන දේ.

බුදු­ද­හම සාම­යට ඉතා­මත්ම විශිෂ්ට තැනක් හිමි කර දෙන දහ­මකි. අන් අයගේ පණ නැසීම, අන් අයගේ දේපළ සොරා­ගැ­නීම, කය වර­දවා හැසි­ර­වීම, බොරු කීම, රහ මෙර පරි­හ­ර­ණය වැනි ගිහි ජීවි­තයේ මූලික නරක පුරුදු ඉවත ලන, පස් පව්ව­ලින් වැළකී සිටී­මට සර­ලව මඟ කියා දෙන ගැඹුරු දහ­මක් ලෙස බුදු­ද­හම හැඳි­න්විය හැකිය. පර පණ නැසී­මට කිසි විටෙ­කත් බුදු දහ­මෙහි ධෛර්ය­යක් දී නැත්තෙකි. පන්සි­ල්වල පළමු සීලය ලෙස එය දක්වා තිබෙන්නේ එබැ­විනි.

බුදු­ද­හමේ වැද­ගත්ම දෙයක් ලෙස මිනි­සුන්ට පම­ණක් නොව සැම සත්ත්ව­ය­කු­ටම ගහ­කො­ළට පවා කරු­ණාව දැක්වීම සඳ­හන් කළ හැකිය. තමන් අකැ­මැති කිසි­වක් අනුන්ට සිදු ‍නොකිරී­මට සැල­කි­ලි­මත් වන්නැයි බුදු රජා­ණන් වහන්සේ දේශනා කොට ඇත. 'අත්තානං උපමං කත්වා' 'තමා උපමා කොට' තමන් කැමැති දේ අන් අයට සිදු කිරී­ම­ටත් තමන් අකැ­මැති දේ අන් අයට සිදු නොකි­රී­ම­ටත් ඉන් ඉගැන්වේ.

ශ්‍රී ලංකා ඉති­හා­සය පුරා පැරණි කාල­වල බුදු­ද­හමේ මේ ගති-ලක්ෂණ ආරක්ෂා විය. ඊට පසුව සමා­ජය දූෂිත එකක් බවට පත් වීමත් සමඟ දූෂිත බාහිර ආටෝ­ප­ය­න්ගෙන් බුදු­ද­හ­මට පවා තර්ජන එල්ල විණි.

ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ එළාර - දුටු­ගැ­මුණු යුද්ධය පිළි­බඳ මෙහිදී සිහි­පත් වේ. එදා දුටු­ගැ­මුණු රජු හා එළාර රජු අතර පැවති සට­නින් එළාර රජු මිය ගිය පසු ඔහුගේ භස්මා­ව­ශේෂ තැන්පත් කර­මින් ඉදි කළ ස්මාර­කය අබි­ය­සින් ගමන් කරන විට හිස් වැසුම් ගලවා අසු පිටින් බැස සහ ගෞර­වය පුද කරන පරි­ද්දෙන් ගමන් කිරී­මට ගැමුණු රජු විසින් රට වැසි­යන්ට නියම කොට තිබිණි.

එසේ සිදු කළේ තමාගේ සතුරා වුව මිය ගිය විට ඔහුට ගරු බුහු­මන් කිරීමේ උතුම් ගුණාං­ගය එද­වස පැවති හේතු­වෙනි. ඒ ආභා­සය දුටු­ගැ­මුණු රජුට ලැබුණේ බුදු­ද­හ­මිනි. අභා­ග්‍ය­ය­කට මෙන් මේ වන විට පිරි­සුදු බුදු­ද­හම බොරු ආටෝප-සාටෝ­ප­යන්ට යම් තර­ම­කින් හෝ නතුව ඇති බවක් දක්නට ලැබේ.

පුරා­ත­නයේ බුදු­ද­හමේ අනු­ගා­මි­ක­යන් වූ ගිහි-පැවිදි පිරිස් විවිධ සටන් කලා උගෙන ආධ්‍යා­ත්මික ජීවි­ත­යක් ගත කළ බව අපි දනිමු. පිරි­සුදු බුදු­ද­හ­මට එල්ල වන විවිධ අභි­යෝග ජය ගන්නට චීනයේ ෂැව­ලින් ආරා­ම­යන්හි, ජපා­නයේ සමු­රායි සට­න්ක­රු­වන් විවිධ සටන් ක්‍රම­වේද හදාරා ක්‍රියා කළ අයුරු සඳ­හන් වේ.

මේ කිසි­ව­කුත් තමන් උගත් සටන් කලා­වන් කිසිදා පර පණ නැසී­මට හෝ බුදු­ද­හම ප්‍රච­ලිත කිරී­මට හෝ යොදා­ගත්තේ නැත. බුදු­ද­හම වැල­ඳ­ගැ­නීම සඳහා හෝ ව්‍යාප්ත කිරීම සඳහා හෝ බලෙන් පැට­වී­මක් සිදු නොකළ අතී­තයේ වුසූ පිරිස් මෙන්ම වර්ත­මා­නයේ වෙසෙන පිරිස්ද කට­යුතු කරති.

මෙය සම්පූ­ර්ණ­යෙන්ම නිද­හසේ විනි­විද භාව­යෙන් යුතුව වට­හා­ගත යුතු ධර්ම­යක් ලෙස ප්‍රච­ලි­තය. ඉති­හා­සය පුරා සෑම බෞද්ධ රට­කම බෞද්ධ නාය­ක­යන් බුදු­ද­හම ප්‍රච­ලිත කර­වූයේ සාම­කාමි සහ­ජී­ව­න­යක් ගොඩ­නැ­ඟෙන පරි­ද්දෙනි. වෙනත් ආගම් බුදු­ද­හම යට­පත් කළද, වෙනත් ආග­මික නාය­ක­යන් බුදු­ද­හම දවස් තුනෙන් ඉවත් කර­ගන්නා ලෙස බෞද්ධා­ග­මි­ක­යන්ට බල කළ අවස්ථා තිබු­ණද, ඝාත­නය කළද, තෑගි-බෝග පිරි­නැ­මු­වද බෞද්ධ­යන් එ‍සේ ක්‍රියා කිරී­මට පෙලඹී නැත. එය බුදු­ද­හමේ අනු­ගා­මි­ක­යන්ගේ උතුම් ගුණ­යකි.

වසර 1951දී කැලි­ෆෝ­නි­යාවේ සැන්ෆ්රැ­න්සිස්කෝ නුව­රදී අමෙ­රි­කාව සහ ජපා­නය අතර ඓති­හා­සික සාම ගිවි­සුම අස්සන් කළ අව­ස්ථාවේ ජපා­න­යෙන් වන්දි මුදල් ඉල්ලා සිටි රට­වල් ගණ­නා­වකි.

මේ සමු­ළු­වට සෝවි­යට් දේශය, චීනය එක­ඟ­තාව පළ නොක‍‍ළේය. එහෙත් ශ්‍රී ලංකාවේ එව­කට මුදල් ඇමැ­ති­ව­ර­යාව සිටි පසුව මෙරට පළමු විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වූ දිවං­ගත ජේ.ආර්. ජය­ව­ර්ධන මැති­තුමා 'වෛර­යෙන් වෛරය සංසි­ඳෙන්නේ නැත, අවෛ­ර­යෙන්ම වෛ‍රය සංසිඳේ' යන බුදු­ව­දන පවසා ලෝක­යේම අව­ධා­නය දිනා­ගෙන ජපා­න­යට සැන­සි­ලි­දා­යක කථි­කා­වක් සිදු කළේය. ජපා­නය රට­වල් යටත් කිරීමේ ක්‍රියා­දා­ම­යෙන් මිදී සාම­කා­මිව කාර්මික සංව­ර්ධ­න­යක් සහිත රටක් බවට පරි­ව­ර්ත­නය විය.

ජපා­නය සාම­කාමි රටක් බවට පත් වී, ලෝකයේ සෙසු රට­ව­ලට වෛරි ස්වරූ­ප­යෙන් කට­යුතු නොකි­රීම නිසා දියු­ණු­වට පත් රටකි. වරක් න්‍යාෂ්ටික අවි ප්‍රහා­ර­ය­කට ලක් වී අද­ටත් පීඩා විඳින නරක අත්දැ­කීම් ලබා ඇති ජපා­නය ඒ ඔස්සේම නොගොස් සාම­කාමි බව රජ­යන රටක් බවට පත් විය. එය වෛරය දුරු කිරීම තුළිනි.

ලෝකයේ එක් එක් රට­වල සාම­කාමි තත්ත්ව­යක් පව­තී­දැයි මැන බැලෙන සාම දර්ශ­ක­යක් ඇත. ලොව රට­වල් 163කින් වසර 2018 සාම­කාමි දර්ශ­ක­යට අනුව ශ්‍රී ලංකා­වට හිමිව තිබුණේ 67 වන තැනය. මෙහිදී සාම­කාමි දර්ශ­කය මඟින් මට්ටම් 4ක හෙළි­ද­රවු කිරී­මක් සිදු කෙරේ. ඉතා ඉහළ සාම­කාමි රට­වල්, ඉහළ සාම­කාමි රට­වල්, මධ්‍යස්ථ සාම­කාමි රට­වල් සහ පහළ සාම­කාමි රට­වල් ලෙස ‍එම මට්ටම් දැක්වේ. ඉකුත් පාස්කු ඉරිදා ශ්‍රී ලංකා­වට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා අප රටේ සාම­කාමි දර්ශ­කය පහත වැටුණු බව නොර­හ­සකි.

ශ්‍රී ලංකාව වසර 30ක කුරිරු යුද්ධ­යක් නිමා කොට සාම­කා­මිව වසර 10ක කාල­යක් නිද­හසේ ඉදි­රි­යට පැමි­ණියා පමණි. ඉකුත් දා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහා­ර­යෙන් නැවත ශ්‍රී ලංකාව ආර්ථික, සමා­ජීය, ආග­මික, දේශ­පා­ල­නික.. ඈ එකී-නොකී ක්ෂේත්‍ර­ව­ලින් පහ­ළට යෑමට පටන් ගෙන තිබේ. මේ මොහොතේ ආර්ථි­ක­යට එල්ල වූ අනිසි බල­පෑම හේතු කොට­ගෙන ඍජු රැකියා අවස්ථා ලක්ෂ 4ක් අව­දා­න­ම­කට ලක්ව තිබේ.

වක්‍ර රැකියා අව­දා­න­මට ලක් වීම මීටත් ඉහ­ළය. සංචා­රක කර්මා­න්තය මුළු­ම­නින්ම පසු­ප­සට ඇද-දමා ඇත. සාමාන්‍ය ජන ජීවි­තය අඩාළ වී තිබේ. ආර­ක්ෂක අංශ මහත් වෙහෙ­සක් ගෙන රටේ සාමාන්‍ය ජන ජීවි­තය යථා තත්ත්ව­යට පත් කිරී­මට ක්‍රියා කිරීම අගය කළ යුත්තකි. ඔවුන්ට ආශී­ර්වාද කළ යුතුය.

දැන් අප රටේ සාම­කාමි බව යළි තහ­වුරු කොට, දෙස් විදෙස් ආයෝ­ජන මෙහි කැඳ­වා­ගෙන ආ යුතුය.

එමෙන්ම නව නිෂ්පා­දන, නව සොයා­ගැ­නීම්, නව කර්මාන්ත, දේශීය සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර වැඩි වැඩි­යෙන් දියු­ණු­වට අත දිය යුතුය. මේ රටට නැවත වතා­වක් ධෛර්ය­ස­ම්ප­න්නව නැඟී සිටී­මට හැකි ආර­ක්ෂිත පරි­ස­ර­යක් ස්ථාපිත කළ යුතුය. එය ලෝකයේ පිළි­ගැ­නී­මක් ලැබෙන පරිදි ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.

රටේ ජන­තා­වගේ සිත්වල නැවත වතා­වක් ආර­ක්ෂිත රටක් යන විශ්වා­සය ගොඩ­නැ­ඟිය යුතුය. මෙහිදී දේශ­පා­ලන, ආග­මික, සිවිල් සමාජ ක්‍රියා­කා­රීන් රටට හිතැති සැම වෙත විශාල වග­කී­මක් පැවරේ.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වළ­ක්වා­ගැ­නී­මට වග­කි­ව­යුතු අංශ වග­කී­මෙන් ක්‍රියා නොකළ බව මුළු මහත් ලෝක­යම දන්නා රහ­සකි. මේ නිසා ජන­තා­වගේ සිත්වල වග­කිව යුතු පුද්ග­ල­යන් පිළි­බඳ ඇති වී තිබෙන හැඟීම් එත­රම් ගුණ­දා­යක නොවේ. ඒවා වෛරි සිති­විලි බව පැහැ­දි­ලිය. සමා­ජය වෛරි සිති­වි­ලි­ව­ලින් පිරී පවතී නම් පැහැ­දිලි ඉදිරි ගම­නක් ළඟා කර­ගත නොහැ­කිය. ජපා­නය එදා බිමට සම­තලා වී බිඳ­වැ­ටුණු මොහොතේ නැවත නැඟී සිටී­මට වෛරි සිති­වි­ලි­ව­ලින් තොරව සාම­කාමි බව රජ­ය­මින් කට­යුතු කළ නිසා අදද ලොව ප්‍රමුඛ රටක් බවට පත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකික අපද සිංහල, දෙමළ, මුස්ලිම් ආදි ජාති­ක­ත්වය මත හෝ බෞද්ධ, කතෝ­ලික, හින්දු, ඉස්ලාම්, යන ආග­මි­ක­ත්වය හෝ භේද­ය­කින් තොරව එක මව­කගේ දරු කැලක් මෙන් රට, ජාතිය ගැන සිතා කට­යුතු කළ යුතු කාලය එළඹ තිබේ.

සංවාදය ජය­සිරි මුණ­සිංහ

Comments