අමෙරිකානු උපාධි පාඨමාලා PATHE Global Campus වෙතින් | Page 2 | සිළුමිණ

අමෙරිකානු උපාධි පාඨමාලා PATHE Global Campus වෙතින්

PATHE Global Campus සිය නවතම ඇමරිකානු උපාධි සම්පූර්ණ කිරීමේ වැඩසටහන පසුගියදා American Alumni Assoiationහි විශේෂ උත්සවයේදී හඳුන්වා දුන්නේය. ඒ අනුව අමෙරිකාවේ Cleary University හි තුන් අවුරුදු ව්‍යාපාර පරිපාලන උපාධිය දැන් කොළඹ 06, වැල්ලවත්තේ, රාජගුරු ශ්‍රී සුභූති මාවතේ, අංක 7 ලිපිනයෙහි පිහිටි PATHE Global Campus හිදී හැදෑරිය හැකිය. උපාධි පාඨමාලාව සඳහා බඳවාගැනීමේ අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් වීමය. මෙහි විශේෂත්වය වන්නේ ශිෂ්‍යයාගේ අවශ්‍යතාව අනුව පාඨමාලාවේ ඕනෑම අදියරකදී අමෙරිකාවේ Cleary University වෙත මාරු විය හැකි වීමය.

1883දී ඇරැඹි Cleary University ව්‍යාපාර අධ්‍යයනයට විශේෂඥතාවක් දක්වන ලාභ නොලබන අධ්‍යාපන ආයතනයකි. අමෙරිකාවේ කලාපීය මට්ටමේ පිළිගැනීම මෙන්ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පිළිගැනීමද ඊට ලැබී ඇත. එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යාල ලකුණු සටහන අනුව එය අයත් කලාපයේ උපාධිධාරී වැටුප් මට්ටමින් 6 වැනි ස්ථානයට මෑතකදී පත් විය. එමෙන්ම මිචිගන්හි ආයෝජනයට හොඳම ප්‍රතිඵල ලබාදෙන අධ්‍යාපන ආයතනවලින් දෙවැනි ස්ථානයද Cleary University වෙත හිමි විය. එහි උපාධි සහතිකයට ඉහළ පිළිගැනීමක් ඇති අතර අමෙරිකාවේ මෙන්ම විදේශවලදීද එම සහතිකයට රැකියාවක් ලබාගැනීමේ හැකියාව ඉහළය. අමෙරිකානු සරසවි වැඩසටහනට ඇතුළත් වන සිසුන්ට අමෙරිකානු අධ්‍යක්ෂවරයාගෙන් රැකියා අවස්ථා උදා කරගැනීම පිළිබඳ උපදෙස් ලැබේ.

Comments