තීන්ත නිෂ්පාදනයේ පෙරළියක් කළ සිල්වර් පේන්ට් | Page 2 | සිළුමිණ

තීන්ත නිෂ්පාදනයේ පෙරළියක් කළ සිල්වර් පේන්ට්

නිමල් රාජපක්ෂ

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හරියට වැඩ කරනවානම් රජයෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බව සිල්වර් පේන්ට් ආයතනයේ අධිපති එන්.ඒ.කේ නිහාල් චන්ද්‍රසිරි මහතා පවසයි.

ස්වයං රැකියා ලාභීන්හට හා රැකියා නොමැති අයට කුමක් හෝ කර්මාන්තයක් ආරම්භ කිරීමට සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා ප්‍රාග්ධනය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබා දෙනු ඇත. කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවත්වෙන ගම්පහ කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සිය තාක්ෂණික දැනුම ලබාගෙන කර්මාන්තයක් පටන් ගෙන 2018 වසරෙ අයි.එස්.ඕ 9001 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද අතර 2019 වසරේත් එම තත්ත්ව සහතිකයට හිමිකම් කියන බව සිල්වර් පේන්ට් ආයනයේ අධිපතිවරයා පැවසුවේය .

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගම්පහ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් තිලකරත්න මහතාගේ උපදෙස් මත, ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු සමින්ද රණතුංග මහතා ස්වයං රැකියා හා සුළු හා මධ්‍ය කර්මාන්ත කරුවන් නගා සිටුවීම සදහා පුර්ණ සහයෝගය ලබාදෙන බවද පැවසුවේය.

වේයන්ගොඩ කුඹල්ඔලු ව ප්‍රදේශයේ ජීවත් වන එන්.ඒ.කේ . නිහාල් චන්ද්‍රසිරි මහතා උසස් අධ්‍යාපනය ලබා රැකියාවක් සොයමින් සිටියත් රැකියාක් හමු නොවු අවධියක තමන්ටම කියා දෙයක් පටන්ගත යුතු බවට සිතිවිලි පහළ විය.කුමක් හෝ ව්‍යාපාරයක් පටන්ගත යුතු වුවත් මුල්‍ය ප්‍රාග්ධනයක් ලබාදීමට කිසිවෙක් ඉදිරිපත්වන්නේ ද නැත. මෙවැනි අවධියක කාර්මික සංවර්ධන මණ්ඩලයට ගොස් අවශ්‍ය කර්මාන්ත පිළිබඳව උපදෙස් ලබාගත්තා. විසි හැවිරිදි තරුණයකු වු ඔහු තරුණ ජවයත් සමග 1990 වසරේ දැඩි තීරණයක් ගනිමින් තීන්ත නිෂ්පාදනය කිරීමට දැඩි සේ ඉටා ගත්තේය. සිය ව්‍යාපාරය ආරම්භ කිරිමට ඇත්තේද රුපියල් 500/ක මුදලක්. ඒ අනුව තම නිවසේ පිටුපස පොල්අතු මඩුවෙන් ඩිස්ටැම්පර් තීත්න හදන්න පටන්ගත්තා. 'සිල්වෙස්ට පේන්ට්' නම ලියාපදිංචි කොට සිය තීන්ත නිෂ්පාදනය කළේය. තීන්ත නිෂ්පාදනය කළද වෙ‍ෙළඳපොළක් අවශ්‍යයි. සිය සහෝදරයාගේ පාපැදිය ඉල්ලාගෙන ඩිස්ටැම්පර් තිත්ත පැකට් ටික එහි ගැටගසාගෙන කඩයක් ගානේ ගියද කිසිවෙක් තීන්ත ගත්තේ නැහැ. එයින් නොසැලුනු ඔහු සිය තීත්ත විකුණු පසු මුදල් දෙන්න කියා සිය තීත්ත කඩවල තියලා ආවා. ඊට පසු ටික ටික විකිණෙන්න පටන් ගත්තා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණය ලබාගෙන එය වෙනස්කර තීන්ත නිෂ්පාදනය කළා.

එයින් ක්‍රමක්‍රමයෙන් වෙ‍ළෙඳපොළ සකස් වුණා. දේශීය නිෂ්පාදනයක් ලෙස ඩිස්ටැම්පර් නොයෙක් සංයෝග කිරීමත් සමග හොද වෙ‍ළෙඳපොළක් සකස් වුණා.

කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ පැවැති කාර්මික සංවර්ධන මණ්ඩලයේ වැඩමුළුවලට සහභාගිවී එම ලබාදුන් තාක්ෂණ දැනුම රැගෙන එයට නොයෙක් ආකාරයේ ක්‍රමවේදයන් එක්කොට තීන්ත වර්ග නිෂ්පාදනය කලා. අද තීන්ත වර්ග රැසක් නිෂ්පාදකය කර තිබෙනවා. චෛත්‍යයට, බැම්මට ,තෙමෙන ස්ථානවලට, නිවසට, වහලයට අවශ්‍ය ආකාරයට තීන්ත නිෂ්පාදනය කරනවා.

සුළු මා මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්ත කරුවන් නගා සිටුවීම සදහා රජෙයේ ආයතන නොයෙක් ආකාරයේ වැඩමුළු දැනුවත් කිරීමේ ව්‍යාපෘති කරනවා. කයිසෙන් ව්‍යාපෘතියට පිංසිදුවන්න ඵලදායිතා සම්මානයෙන් ද පිදුම් ලැබුවා කාර්මික සංවර්ධන මණ්ඩලය හා ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් පැමිණ ඒ අයගේ වැඩමුළු තබා එස්-5 සංකල්පය කියා දුන්නා. මේ අකාරයෙන් යනවිට ෆිනෑන්ස් කර වෑන් රථයක් ගත්තා වෙළඳපොළ ක්‍රමක්‍රමයෙන් සරු වෙද්දී සේවකයින් එක්කෙනා දෙන්නා බැගින් සේවයට ගෙන මේ වනවිට සේවකයින් 25 දෙනෙකු වැඩ කරනවා. ඩිස්ටැම්පර්වලින් පටන් ගෙන අද වනවිට බැනර් තීන්ත, පිලර්, ඉමල්ෂන්, වෙදර්ෂීල්ඩ්, දැව ආරක්ෂණ, ඕනෑම ලීවලට ගාන තීන්ත, ලී බඩු පොලිෂ්, වාර්නිෂ්, ඇන්ටිකොරෝසිව්, ලැකර්, එනමල් ලැකර්, නෝලීක්, හුනුගාන බ්‍රෂ්, කොසු, බැටරි ඇසිඩ්, පොටි, ඇතුළු වර්ග රාශියක් නිෂ්පාදනය කර අම්පාර මඩකලපුව ඇතුළුව දිවයින පුරා බෙදා හරිනවා. ඒ සඳහා අවශ්‍ය ලොරි රථ ද තිබෙනවා.

ජායාරූපය - කැලුම් ලියනගේ

Comments