ළඟ වගේම දුර දුවන්න බජාජ් කියුට් කොඩ්‍රිසයිකල් | සිළුමිණ

ළඟ වගේම දුර දුවන්න බජාජ් කියුට් කොඩ්‍රිසයිකල්

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි මෙරට වෙළෙඳ පොළට හඳුන්වාදුන් ශ්‍රී ලංකාවේ පළමු කොඩ්‍රිසයිකල් රථය වන බජාජ් කියුට් මේ වන විට පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනා ගැනීමට සමත් වී ඇත. මුළු පවුලටම එකට ගමන් කළ හැකි වාහනයක් පිළිබඳ සිහින මැවූ ශ්‍රී ලාංකිකයන්ට දරාගත හැකි මිලකට හඳුන්වාදුන් බජාජ් කියුට් පහසුවෙන් හැසිරවිය හැකි මෙන්ම ඉන්ධන පිරිමැස්ම ගැන සැලකීමේදී පෙට්‍රල් ලීමටරයකින් වැඩිම දුරක් ගමන් කළ හැකි එකම වාහනයද වේ. කෙටි දුර ධාවනයට මෙන්ම දිගු දුර ධාවනය සඳහාද එකසේ ඔරොත්තු දෙන බජාජ් කියුට් රථය පිළිබඳ එම වාහනයක හිමිකරුවෙකු වන සීදූවේ පී. ඒ. ඒ. ජී. ඩබ්. තිලකසිරි මහතා පැවසුවේ හසලක, රන්දෙනිගල, මහනුවර හරහා බිබිලේ සිට සීදූව දක්වා කිලෝ මීටර් 560ක දුරක් එක දිගට ගමන් කිරීමට ඔහුට වැය වූයේ රුපියල් 2820ක වැනි මුදලක් වූ අතර වෙනත් වාහනයකින් බිබිලේ සිට කෑගල්ලට පමණක් ඒමට මීට පෙර රුපියල් 6,000ක මුදලක් වැය කිරීමට සිදු වන බවයි.

“මට මීට පෙර තිබුණේ බජාජ් ත්‍රිරෝද රථයක්. මම අලුතෙන් රෝද හතරේ වාහනයක් ගන්න සැලසුම් කරන කොට තමයි බජාජ් කියුට් වෙළෙඳ පොළට නිකුත් වුණේ. මම මේ වාහනය මිලදී ගත්තේ ආරක්ෂාව, ඉන්ධන පිරිමැස්ම මෙන්ම වැස්සේදී පවා ගමන් කිරීමේ පහසුව ගැන හිතලා. බජාජ් කියුට් කියන්නේ අද කාලේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුඩා පවුලකට ඉතාමක් ගැළපෙන පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් වාහනයක් කියල මම දැන් අත්දැකීමෙන්ම දන්නවා,” යැයි තිලකසිරි මහතා පැවසුවේය.

Comments