බෞද්ධ වත් පිළිවෙත් | සිළුමිණ

බෞද්ධ වත් පිළිවෙත්

බුදුදහම හුදෙක් ඇදහිලි, විශ්වාස ක්‍රමයක් නොවූ වත් පිළිවෙතින් පරිපූර්ණ අර්ථවත් හා සංවිධානාත්මක ධර්මයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩමවීමත් සමඟ අපට උරුම වූ එම අද්විතීය ධර්මයෙහි ධර්ම කරුණු විචිත්‍ර ලෙස විවරණය කරයි. එමඟින් අර්ථවත් පිළිවෙත් සමූහයක් ද අපට හිමි වී ඇත.

බුදුරජාණන් වහන්සේට ගෞරවය දැක්වීම සඳහා අර්ථාන්විතව සිදුකෙරෙන වන්දනා හා වත් පිළිවෙත්හි අප යෙදෙන්නේ කිසිවෙකු සතුටු කිරීමට හෝ කාගේ හෝ නියමයකට හෝ නොවේ. ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් ඒවායේ යෙදෙන විට යහපත උදා වන බව අප පිළිගන්නා බැවිනි. කෙසේ වෙතත් අප වන්දනා හා වතාවත්හි යෙදෙන විට කොතරම් දුරට අර්ථවත්ව, ශ්‍රද්ධාවෙන් යුක්තව ඒවා ඉටු කරන්නේ ද යන වග නැවත සිතා බැලිය යුතුයි.

විහාර භූමිය මෙන්ම ඒ හා බැඳුණු වත් පිළිවෙත් සියල්ල කරුණාව, මෛත්‍රිය මත ගොඩනැඟී ඇත. බිඳුණු සිත් පහන් කෙරෙන යහපත් පිළිවෙත් රටාවක් බෞද්ධකමෙහි කැපී පෙනේ.

ඩී.කේ. කවිත්‍රි දිමාෂා අමරසිංහ

8 ශ්‍රේණිය ‘ටී’,

ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,

තෝලංගමුව.

Comments