පන්සල්වලට ලොකුම මුදල ගම්පෙරළියෙන් | සිළුමිණ

පන්සල්වලට ලොකුම මුදල ගම්පෙරළියෙන්

චන්දිමා එදිරිමාන්න

පසුගිය මාස 4 තුළ පමණක් රජය බෞද්ධ වෙහෙර-විහාර සංවර්ධනය උදෙසා රු. මිලියන 2090ක මුදලක් වෙන් කළ බවත්, එය ලංකා ඉතිහාසයේ බෞද්ධ විහාරස්ථාන වෙනුවෙන් වෙන් වූ වැඩිම බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

මෙහිදී බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව ‘ගම්පෙරළිය‘ වැඩසටහන යටතේ ව්‍යාපෘති 4124ක් ක්‍රියාත්මක කළ බවද පැවසූ ඇමතිවරයා කතෝලික පල්ලි ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 778ක මුදලකුත්, කෝවිල් සඳහා මිලියන 1076ක මුදලකුත්, මුස්ලිම් පල්ලි සඳහා මිලියන 1241ක මුදලකුත් වෙන් කළ බවද ප්‍රකාශ කළේය.

මේ වැඩසටහන අනුව එක් පන්සලකට රු. ලක්ෂ 15ක මුදලක් පිරිනැමෙන අතර, එයින් රු. ලක්ෂ 10ක් පන්සල ප්‍රතිසංස්කරණයටද, රු. ලක්ෂ 5ක් එහි විදුලි අවශ්‍යතා සඳහාද වෙන් කෙරේ. ඉකුත් 23 දා පාර්ලිමේන්තුවේදී පැවැති විදේශ විනිමය පනත යටතේ විවාදයට එක් වෙමින් මුදල් අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.

Comments