මුසා පතුරුවන්නන් අල්ලන්න පොලීසියට නව තාක්ෂණය | සිළුමිණ

මුසා පතුරුවන්නන් අල්ලන්න පොලීසියට නව තාක්ෂණය

ජනතාව නොසන්සුන් වන අයුරින් කටකතා පතුරුවන්නන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ දූසමාන ආරංචි පළ කරන්නන් අත්අඩංගුවට ගැනීමට අතිනවීන තාක්ෂණය යොදාගැනීමට මේ වන විට කටයුතු යොදා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සිළුමිණට කීය.

නවීන තාක්ෂණය භාවිත කිරීම නිසා එවන් පුද්ගලයන් ඉතා ඉක්මනින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයිද එම පොලිස් නිලධාරියා කීවේය.

අසත්‍ය පුවත් පතුරුවා-හරිමින් ජනතාව අපහසුතාවට පත් කර ජන ජීවිතය අඩාළ කරන එවන් අයට විරුද්ධව නඩු පවරනු ලබන බවත්, ඔවුන්ට හදිසි නීති රෙගුලාසි යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 5ක සිරදඬුවමක් ලබා දීමට හැකි බවත් අප කළ විමසීමකදී නියෝජ්‍ය පොලිස්පති (රථවාහන හා මාර්ග ආරක්ෂාව) අජිත් රෝහණ මහතා සිළුමිණට කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමෙන් පසු නළ ජලයට වස මුසු කර ඇතැයි පැවසූ ජා-ඇළ පදිංචි වැසියන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඒ වන විට හදිසි නීතිය පනවා නොතිබිණි.

Comments