රට සුරක්ෂිතයි; සංචාරකයන් එවන්න | Page 2 | සිළුමිණ

රට සුරක්ෂිතයි; සංචාරකයන් එවන්න

මෙරට දෛනික ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, ආරක්‍ෂක විධිවිධාන උපරිම මට්ටමින් ක්‍රියාත්මක වන බවත් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියි.

අගමැතිවරයා එලෙස ඉල්ලා සිටියේ සිකුරාදා (24) අරලියගහ මන්දිරයේදී විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය. මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුද එක්ව සිටියහ.

Comments