මේෂ
සුළු දෙයින් ලාභ
ලග්නාධිපති කුජ තුන්වැන්නේය. රාහු සමඟයි. සිකුරු ලග්නයේය. ශනි, කේතු නවවැන්නේය. එම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකියා ක්ෂේත්රයේ දී නුසුදුසු අය සමඟ ආශ්‍රයට යෑමෙන් වළකින්න. සිය උත්සාහය සහ කැපවීම නිසා ආර්ථික ලාභ ලබයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතුවල දී යහපත්ය. සමඟිය සාමයට සුළු බාධා ඇති කළ හැකිය. දරුවන්ගේ කටයුතු ක්‍රමයෙන් යහපත්ය. දියුණුවක් ද ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යාබාධ බලපායි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා
වෘෂභ
බාධා ඇත
ලග්නාධිපති සිකුරු 12 සිටී. රවි, බුධ ලග්නයේය. කුජ, රාහු දෙවැන්නේය. ශනි, කේතු අටේ සිටී. ඒරාෂ්ටක තත්ත්වයක් උදා කරයි. එම ග්‍රහ ගෝචර තුළ තමාගේ වැඩ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. බුද්ධිමත්ව, කල්පනාකාරීව ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. මිල මුදල් ලැබුන ද මුදල් ඉතිරි කරගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතුවල දී ඉතා ඉවසීමෙන්ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. එසේ කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතුවල දී සැලකිලිමත් විය යුතුයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ස්නායු නහර දුර්වලතා, ලේ දෘෂ්‍යාබාධ, උගුර, බෙල්ල ආශ්රිත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
ප්‍රමාදතා
ලග්නාධිපති බුධ රවි 12 ද, සිකුරු අයස්ථානයේ ද, කුජ, රාහු ලග්නයේ ද සිටී. එම ග්‍රහ ගෝචරය තුළ විටෙක ඉක්මනට කෝපයට පත් වීම, කේන්ති යන ගති පෙන්වයි. ඉවසීමෙන් ද, බුද්ධිමත්ව ද කටයුතුවල යෙදීමට සිද්ධ වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවලට බාධා ප්‍රමාදතාවන්ට මුහුණපෑමට සිදු වේ. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා වඩාත් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින්නේ නම් උනන්දුවෙන්, කැප වීමෙන් ක්‍රියා කරන්න. ලේ දෘෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්රිත පීඩා, ස්නායු දුර්වලතාවලට ඉඩ පවතී.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
මිශ්‍රපලයි
යෝගකාරක කුජ රාහු සමඟ 12 ද, ශනි, කේතු 6 ද ගුරු පස්වැන්නේ ද ගමන් ගනී. එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් බාධා ප්‍රමාදතා මධ්‍යයේ තමාගේ කටයුතු කිරීමට සිද්ධ වේ. විශේෂයෙන් ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. ආර්ථික වශයෙන් සාමාන්‍යයි. වියදමට සරිලන ආදායම් ලබයි. ගෙදරදොර කටයුුතුවල දී සමඟිය සාමය ගැන ප්‍රවේසම් වන්න. වචන පාවිච්චියේ දී සැලකිලිමත් විය යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කරයි. බඩවැල් ආශ්රිත පීඩා, උෂ්ණාධික රෝග, ලේ දෘෂ්‍යාබාධවලින් ප්‍රවේසම් වන්න. පාද ආශ්රිත පීඩාවලට ඉඩ පවතී.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
වැඩකටයුතුවලට ශුභයි
ලග්නාධිපති රවි දහයේ දිග්බලයි. බුධ සමඟයි. එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යෑමේ දී සිය උත්සාහය සහ කැපවීමෙන් බාධා ප්‍රමාදතා මධ්‍යයේ වුව ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් ක්‍රියා කරන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
සමපලයි
ලග්නාධිපති බුධ භාග්‍යස්ථානයේය. රවි සමඟයි. සිකුරු අටේ ද, කුජ රාහු 10 ද, ශනි කේතු 4 ද සිටී. එම ග්‍රහ ගෝචරය තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටන් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. එම නිසා කල්පනාකාරී වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙ දී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. රුධිර පීඩනය, ස්නායු දුර්වලතාවලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
ලාභ ලැබේ
ලග්නාධිපති සිකුරු 7 ද, ගුරු 2 ද, ශනි, කේතු 3 ද රාහු, කුජ 9 ද සිටී. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී යම් යම් බාධා ප්‍රමාදතා මධ්‍යයේ වුව ද සාර්ථක ප්‍රතිඵල ලබයි. කෙසේ වුවත් වෘත්තීය සහ රැකියා අංශවල දී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තරමක් බාධා මධ්‍යයේය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට බාධා ඇති වුවත් වාසි සහගත තත්ත්වයන් උදා කරයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සාමාන්‍ය වේ. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. සිය උත්සාහය සහ කැප වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, මුත්‍රා දෝෂාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
සමපලයි
ලග්නාධිපති කුජ රාහු අටේ ද, ශනි, කේතු 2 ද, ගුරු ලග්නයේ ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ වෘත්තීය සහ රැකියා කටයුතුවල දී යම් යම් ප්‍රමාදතා ගැටලු ඉස්මතු කළ හැකි බැවින් බුද්ධිමත්ව ක්‍රියා කරන්න.
ආදායම් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. ධන නාස්ති වීම් වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
සමපලයි
ලග්නාධිපති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, කුජ රාහු හතේ ද සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී අනාගත ලාභ බලාපොරොත්තුව මුදල් වියදම් කර යම් යම් වැඩකටයුතු කිරීමට සිදු වේ. නමුත් ඉන් ලාභ ප්‍රයෝජන ලැබීම ප්‍රමාද වේ. දරු ශිෂ්යාදීන්ගේ දියුණුවට මුදල් වියදම් කිරීමට කටයුතු සිද්ධ වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී යම් අපහසුතා ඇති වන කාලයකි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුප්ත විද්‍යා විෂයයන් ඉගෙනීමට ද, ඒවා අත්හදා බැලීමට ද ඉඩ සැලසේ. ආගමික අංශයේ දී පුණ්‍ය වැඩවලට මුදල් වියදම් කරනු ඇත. ශරීර සනීපය තරමක් දුර්වල කරනු ඇත.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
ක්‍රමයෙන් දියුණුව
ශනි 12 කේතු සමගයි. රාහු, කුජ 6 ද, ගුරු 11 ද ගමන් කරයි. බාධා හා ප්‍රමාදවීම් ඇති වේ. වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අය ඉතා කල්පනාකාරීව තම කටයුතුවල නියුක්ත වන්න. උත්සාහය සහ කැප වීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ක්‍රමයෙන් ලබයි. ඉඩකඩම් සම්බන්ධයෙන් ද හාඩ්වෙයාර් කටයුතු සම්බන්ධයෙන් තරමක් ශුභදායකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. රුධිර පීඩනය, ලේ දෘෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
මිශ්‍රපලයි
ලග්නාධිපති ශනි, කේතු 11 ද, රාහු, කුජ 5 ද, ගුරු 10 ද ගෝචරය වේ. එම තත්ත්වය සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කර ගෙන යෑමේ දී දියුණුවට ගන්නා අධික උත්සාහයන්ගේ ප්‍රතිඵල නොලැබේ. තම තත්ත්වය පහළ වැටීමට සිදු වේ. ගමන්බිමන් අධික වෙතත් එයින් ප්‍රයෝජන ලැබෙන්නේ ටික වශයෙනි. උසස් අය සමඟ කටයුතු කිරීමේ දී ප්‍රවේසම් විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී වැඩකටයුතු බහුල වේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඉතා වෙහෙස මහන්සි වීමට සිදු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දෘෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
බාධා සහිතයි
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු 10 ද, රාහු, කුජ 4 ද ගමන් කරයි. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී තම කටයුතුවල දී බාධා අවහිරතා ඉස්මතු වේ. තද ලෙස කෝප වේ. කේන්ති යයි. බාධා අවහිරතා මධ්‍යයේ වෘත්තීය අංශයේ නියුක්ත විය යුතුයි. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කිරීමේ දී ඉවසීමෙන්ද සැලකිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. පපුව, පෙණහැල්ල ආශ්රිත රෝග, හතිය, උෂ්ණාධික රෝග, හන්දිපත් වේනදනාව ආදියට ඉඩ පවතී.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා