NLDB වෙතින් කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් | සිළුමිණ

 NLDB වෙතින් කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක්

චන්දිමා එදිරිමාන්න

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ලාභය 2018 වසරේදී බිලියන 2.7 ක් බවත් 2019 වසර වනවිට එය බිලියන 03 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච් ඩබ්ලිව් සිරිල් මහතා පැවසීය.

මේ වනවිට හෙක්ටයාර් 12480 ප්‍රමාණයකට හිමිකම් කියන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වන රටේ කිරි නිෂ්පාදනයට සෘජු ලෙසම දායක වන ප්‍රධාන ආයතනයක් වේ. පිරිසුදු හා නියම ප්‍රමිතියට සෞඛ්‍යාරක්ෂිත බව සුරකිමින් ජනතාවට අවශ්‍යය කිරි, බිත්තර, මස්, පොල් තෙල්, කිරි ආශ්‍රිත නිෂ්පාදන, රැසක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල මගින් වෙළෙඳපළට නිකුත් කර තිබේ. 1992 වසරේදී ස්ථාපිත කොට ඇති මෙම මණ්ඩලය සතුව මිල්කෝ ආයතනයේ වෙළෙඳ අලෙවිසල් 35ක් පමණ රටවටා පවතින බව සභාපතිවරයා සඳහන් කළේය. අපි ලාභය අපේක්ෂාවෙන්ම නෙමෙයි ජනතාවට හොඳ දේශීය නිෂ්පාදන ලබා දීමයි අපේ අරමුණ වන්නේ. නමුත් අපි ලාභය උපයා ගන්නට අපේම ගොවිපළ ආරම්භ කළා. දේශීය දියර කිරි නිෂ්පාදනය මේ වනවිට ප්‍රචලිත වෙමින් පවතිනවා. අපි යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයට අනුව මෙම කිරි නිෂ්පාදන ක්‍රියාවළිය සකස් කර තිබෙනවා. පොළොන්නරුව ගොවිපලේ මී ගවයන් 1200ක් සිටින අතර මුදවපු මී කිරි නිෂ්පාදන සිදු කරන කාගීල්ස්, ආර්පිකෝ හා අපගේ නිෂ්පාදන අලෙවි සැල් වලින් මිලදීගැනීමට හැකියි. කිරි නිෂ්පාදනයට කිරිදෙනුන් ප්‍රමාණවත් නොවීම නිසා පාකිස්තානයෙන් ගෙන්වීමටද කටයුතු කළ බවද හෙතෙම සදහන් කළේය. මේ වන විට වැලිසර ගොවිළේ නිෂ්පාදනය කරන නිෂ්පාදන ඊශ්‍රායල් තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් සකස් කර තිබෙනවා.

මේ වන විට අපි යෝගට් පානය වගේම, අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරනවා. ඌරුමස් සඳහා හලාවත ගොවිපළත්, කුලියාපිටිය ගල්පොකුණ ගොවිපළේ කිරි ටොපි නිෂ්පාදන කටයුතුද සිදු කරන අතර ඒ සදහා චීනයෙන්යෙන් ගෙන්වන ලද මැෂින් භාවිතා කර තිබෙනවා. නුවර දිගන ගංකුකුළුන් සඳහා වෙනම ගොවිපළක්ද කළුකුම් සඳහා බඩල්කුබුර, වටු බිත්තර සඳහා නුවර හාරගම, තාරාවන් හොරකැලේ, හාවන් සඳහා හැටන් ගොවිපළද වශයෙන් වෙන් කර තිබෙනවා.

 

ඡායාරූපය - විමල් කරුණාතිලක

අදහස්