යුරෝ මිලියන 52කින් ඉදිවන කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් | සිළුමිණ

යුරෝ මිලියන 52කින් ඉදිවන කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්

කොහුවල සහ ගැට‍ෙඹ් මංසන්ධි ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට විසඳුමක් ලෙස එම ස්ථානයන් හී ගුවන් පාලම් ඉදිකිරීමට යෝජනා වී තිබේ.

මේ අනුව, මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීම පිණිස අවශ්‍ය ණය ගිවිසුම්වලට එළඹීටත් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි හංගේරියාවේ සීමාසහිත Betonutepito පොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමටත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Comments