පාප් වහන්සේට යැවූ ලිපිය බොරුවක් | Page 2 | සිළුමිණ

පාප් වහන්සේට යැවූ ලිපිය බොරුවක්

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පිළිබඳව චෝදනා කරමින් පාප් වහන්සේට තමා යවනු ලැබුවේ යැයි කියන සමාජ ජාල වල හුවමාරු වන ලිපිය ව්‍යාජ එකක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමේද ඔහු මේ බව සඳහන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා සඳහන් කරයි. පාස්කු දා ප්‍රහාරයන් පසුව ඇතිවූ විවිධ සිදුවීම් වලදී මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාවට බාධාවක් වූ බව මෙම ලිපියේ සඳහන් විය.නමුත් මංගල සමරවීර අමාත්‍යවරයා එවැනි ලිපියක් පාප් වහන්සේට යොමු කර නැති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසීය. ලිපියේ සදහන් වචන හෝ අදහස් මංගල සමරවීර මහතා කිසිවිටක භාචිතා නොකරන බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.

අමාත්‍යවරයා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම අසත්‍ය ව්‍යාජ ලිපිය කවුරුන්හෝ සකසා ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

Comments