බැඳුම්කර නඩුවට ත්‍රිපුද්ගල මහාධිකරණයක් දෙන්න | Page 2 | සිළුමිණ

බැඳුම්කර නඩුවට ත්‍රිපුද්ගල මහාධිකරණයක් දෙන්න

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දස දෙනකුට එරෙහිව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට අමතරව හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ තවත් අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකුට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර එම නඩුව මෙසේ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී විභාග කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලා තිබේ.

 

අදහස්