රාජ්‍ය බුද්ධි නිලධාරින්ට ජනපතිගෙන් සහතිකයක් | සිළුමිණ

රාජ්‍ය බුද්ධි නිලධාරින්ට ජනපතිගෙන් සහතිකයක්

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කිරීමට ඉඩ සැලසීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලුදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම සිකුරාදා (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.

 

අදහස්