ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජාව 15 සිට 17 දක්වා | Page 2 | සිළුමිණ

ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජාව 15 සිට 17 දක්වා

ලේක්හවුස් ආයතනය 57 වැනි වරට සංවිධානය කරන මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව ජූනි 15, 16, 17 දිනවලදී මිහින්තලා පුද බිමේදී උත්සවාකාරයෙන් පැවැත්වේ. ‍

මිහින්තලා රජමහා විහාරාධිපති හා බාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පවත්වන මෙවර ආලෝක පූජාවට වෙනදා මෙන්ම සම අනුග්‍රහය දක්වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයයි.

ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීම මත සංවිධානය කරන මෙම ආලෝක පූජාව සඳහා සැදැහැති දායකත්වය ඩයලොග් සහ මන්චි යන ආයතනත්, ඩී.එස්.සී.සී. බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් විසින් සපයනු ලැබේ.

මෙවර ආලෝක පූජාව වෙනුවෙන් පොසොන් පසළොස්වක දින මිහින්තලයේ සිල් සමාදන් වන පාසල් දරුවන්ට හා උවැසි උවැසියන්ට සිල් රෙදි බෙදාදීම ද ලේක්හවුස් ආයතනය විසින් සිදුකෙරේ.

 

Comments