හච් 078 සහ 072 අංකවලට පොදු කාඩ්පතක් | සිළුමිණ

හච් 078 සහ 072 අංකවලට පොදු කාඩ්පතක්

හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගම විසින් මෑතකදී එටිසලාට් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු හිමිකර ගනු ලැබීමෙන් අනතුරුව 078 සහ 072 අංක හච් සන්නාමය යටතේ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව 078 සහ 072 සියලු පාරිභෝගිකයන් හට පොදු සේවා හඳුන්වා දීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එමඟින් මෙරට වඩාත් ලාභදායී ම ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙත පිරිනැමීමට හච් සමාගම කටයුතු කරයි.

එම ප්‍රයත්නයේ තවත් එක් ඉදිරි පියවරක් තබමින් හච් සමාගම 078 සහ 072 පාරිභෝගිකයන් හට පහසුවෙන් ටොප් අප් කරගැනීම සඳහා පොදු කාඩ්පතක් පසුගියදා වෙළඳපළට හඳුන්වා දුන්නේය.

දිවයින පුරා පිහිටි 75,000කට අධික හච් සේවා ස්ථාන මඟින් එම කාඩ්පත මිලදී ගත හැකිය.

තවද ජාල දෙක ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් වූ පසුව 078 සහ 072 පාරිභෝගිකයන් හට වඩාත් පුළුල් 2G/3G ආවරණයක් ද නවීනත ම තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු 4G ආවරණයක් ද අත්විඳීමට හැකිවනු ඇත. 4G ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම් මේවන විට ද බස්නාහිර පළාතට හඳුන්වා දී ඇති අතර එම ආවරණය නුදුරේදී ම දිවයින පුරා ව්‍යාප්ත කිරීමට හච් සමාගම කටයුතු කරමින් සිටී.

හච් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රතිග්‍රහණ සහ බෙදාහැරීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී මෙල්රෝයි තෝමස් මහතා ප්‍රකාශ කළේ, අපගේ නවත ම හඳුන්වාදීම වන පොදු කාඩ්පත ඕනෑම හච් සේවා ස්ථානයකින් ලබාගත හැකි බැවින් පාරිභෝගිකයන් හට කඩිනමින් සහ පහසුවෙන් ඕනෑම ස්ථානයකදී සිය දුරකථන ටොප් අප් කර ගත හැකියි" යනුවෙනි.

අදහස්