නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

වෙද මහිම

කලක පටන් පව­තින අස­නී­ප­ය­කට ප්‍රති­කාර ගනු පිණිස තෝලං­ග­මුව රජයේ හෝමි­යෝ­පති බෙහෙත් ශාලා­වට යෑමට පුරු­දුව සිටින අයෙක්මි.

ඊට ළඟ­පාත අය මෙන් ම දුර බැහැර අය ද පැමි­ණෙන බව මම දනිමි.

බෙහෙත් නැතැයි කියා අස­රණ රෝගීන් ආපසු හරවා යැවීම මේ වෛද්‍ය­තු­මි­යගේ හිතට වේද­නා­වක් වී තිබේ. ඇය කරන්නේ බෙහෙත් සිය මුද­ලින් මිල දී ගෙන ලෙඩුන්ට නොමිලේ ලබා දීම ය. මේ සඳහා ඇයට ලොකු මුද­ලක් වැය වන බව මට දැන ගන්නට ලැබිණ.

මේ වෛද්‍ය­තු­මිය කෙරෙහි බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු­වේ­වායි පතමි.

දන්තුරේ, තිස්ස කුමාර කුරු­ප්පු­ආ­රච්චි මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


කුළුණු හද

මා උදෑ­සන ඇවි­දි­න්නට යන විට ඔහු තඩි බල්ලකු ඔස­වා­ගෙන ඉදි­රි­යට එමින් සිටියේ ය.

‘මොකද චන්දරේ උදේ පාන්ද­රම මේ දඩෝ­රි­යෙ­කුත් උස්ස­ගෙන?’ මම ඇසීමි.

‘මේ බල­න්ඩකො මහ­ත්තය, කවුරු හරි මූව පාරෙ දාල ගිහිංනෙ. මං එන­කොට මූ පාර හොයා­ගන්ඩ බැරුව එහෙ­මෙහෙ දුව­දුව හිටිය. මට දුක හිතුණ. මං මූව ගෙදර අරං ගිහිං හද­නව’ චන්දරේ අතුරු පාර­කට හැරුණේ ය.

චන්දරේ මගේ දසු­නින් ඈත් වුව ද මන­සින් නම් ඈත් නොවී ය.

චන්දරේ ජීවි­ත­යට මුහුණ දුන්නේ මේසන් බාස් කෙනෙකු හැටි­යට ය. ඊ ළඟට ඔහු ආර­ක්ෂක නිල­ධා­රි­යකු හැටි­යට වැඩ කර­න්නට වූයේ ය. වසර කිහි­ප­ය­කට පසු ඉන් ද ඉවත් වී ත්‍රිරෝද රියක් මිලට ගෙන කුලී රියැ­දුරු රස්සා­වට බැස්සේ ය. එය ඔහුට හොඳින් ගැළ­පුණේ ඔහු සුහ­ද­ශීලී මිනි­සකු නිසා විය යුතු ය.

මොන රැකි­යාව කළත් චන්දරේ එක දෙයක් අම­තක නොකළේ ය. ඒ රැකි­යා­වට යෑමට පාරට එද්දී තමා පිටු­ප­සින් වල්ගා වන­මින් එන සුන­ඛ­යන්ට බිස්කට් අරන් දීමය. බිස්කට් පැකට් එකක් මදි­බව තේරුණ හොත් ඔහු තවත් එකක් මිල දී ගත්තේ ය. සතුන් ඒවා බුදි­මින් වල්ගා වන­මින් කෘත­ඥ­තාව පළ කරද්දී චන්දරේ උන් දෙස ආසා­වෙන් බලා සිටියේ ය.

තුවාල වූ බල්ලකු දුටු තැන ඌට කිට්ටු වී බේත් කිරී­මෙන් ද චන්දරේ සතු­ටක් වින්දේ ය.

චන්දරේ මිය ගියේ කවු­රුත් නො සිතූ මොහෙ­තක ය. ඔහුට අව­සන් ගෞර­වය දැක්වී­මට මා ඔහු ගේ නිවෙ­සට යන විට ඔහුගේ දෙන අසල සුන­ඛ­යෙක් වකුටු වී නිඳා සිටියේ ය.

‘ඔය චන්දරේ ටික දව­ස­කට ඉස්සර පාරෙ ඉඳල උස්ස­ගෙන ආපු එක්කෙනා. චන්දරේ නැති­වුණු දවසෙ ඉඳල එයත් ඉන්නෙ දුකෙන්’ ඔහුගේ බිරිය කීවා ය.

චන්දරේ මිය බව හන්දියේ බලු කැළ නොද­න්නවා ඇත. උන් හැම­දාම උදේට පාර අයිනේ තැන් තැන්ව­ලට වී චන්දරේ ගේ රූපය මතු­වන තුරු සෝදි­සි­යෙන් සිටි­නවා විය යුතු ය.

පන්නි­පි­ටියේ, දෙපා­නම, ගයා­දාස පර­ණ­වි­තාන මහතා විසින් යොමු­ක­රන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්