වර්ෂාව ද? ක්‍රිකට් කිරුළ ද? | සිළුමිණ

වර්ෂාව ද? ක්‍රිකට් කිරුළ ද?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ක්‍රිකට් තරගය ද වර්ෂාව නිසා සම්පූර්ණයෙන්ම අතහැර දමන ලදි. මෙවර මෙතෙක් පැවැති තරගවලදී වර්ෂාවෙන් වැඩිම බලපෑම එල්ල වූයේ ශ්‍රී ලංකාවට ය. පාකිස්තාන් මෙන්ම බංග්ලාදේශ සමඟ පැවැති තරග අත හැර දැමීමට සිදු වූ අතර ඇෆ්ගනිස්තානය සමඟ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය.

ඉදිරියේදී තවත් තරග කොපමණ ප්‍රමාණයක් වර්ෂාව නිසා අත හැර දැමීමට සිදුවේද යන්න කල්තියා පැවැසිය නොහැකිය. ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ වර්ෂාව නිසා සම්පූර්ණයෙන් ම අතහැර දමන ලද තරග සංඛ්‍යාව හතරකි. එකී තරග හතරෙන් ත්‍රිත්වයකට ම ශ්‍රී ලංකාව සම්බන්ධවීම අවාසනාවක් ද - නැද්ද? යන්න නොදනිමු. මන්ද යත් මේ සෑම තරගයකදීම ප්‍රසාද ලකුණක් හිමි වූ බැවිනි.

වර්ෂාවෙන් තරගවලට බාධා ඇති වීම වැළැක්විය හැකි කරුණක් නොවේ. නමුත් වසර හතරකට වරක් පැවැත්වෙන මෙවන් දැවැන්ත ක්‍රීඩා සැණකෙළියක් වැස්සට දිය වී යාම නම් එතරම් ගුණදායක නොවේ. මන්ද යත් ක්‍රීඩා ලෝලයන්ට පවා ඇති කරන බලපෑම සුළු පටු නොවන බැවිනි.

ක්‍රිකට් විස්තර විචාරකයන් පෙන්වා දෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කර හෝ වර්ෂාව නතර කිරීමට - පාලනය කිරීමට ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසයි. ඔවුන් පෙන්වා දෙන්නේ චීනය බෙයිජිං ඔලිම්පික් උ‍ෙලළේදී මෙවන් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කර සාර්ථක ප්‍රතිඵල ‍ෙනළා ගත් බවයි.

අතිරේක දිනයක් බෑ

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා අතිරේක දිනයක් ලබාදිය නොහැකි බව ICC ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් පවසයි.

එහෙම වුණොත් තරගාවලිය දීර්ඝ වෙනවා. තණතීරු සැකසීම, ක්‍රීඩකයන්ගේ පහසුකම් ආදියට අමතර පරිශ්‍රමයක් දරන්න වෙනවා. ICC ප්‍රධාන විධායක නිලධාරිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ මෙවර තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා. අතිරේක දිනයක තරග පැවැත්විය නොහැකි දැයි පාර්ශව රැසක් මතු කර තිබූ විමසීම්වලිට පිළිතුරු ලෙසය. “අතිරේක දිනවලත් වහින‍්නේ නෑ කියලා සහතික දෙන්න බෑ. ජුනි මාසය කියන්නේ එංගලන්තයේ වියළි කාලගුණයක් සහිත මාසයක් බවද මේ වර්ෂාව පතිතවීම අනපේක්ෂිත තත්ත්වයක්“ යැයි හෙතෙම වැඩි දුරටත් පවසයි.

Comments