ජවිපෙ ජනාධිපතිවරණයට අලුත් පෙරමුණකින් එයි | සිළුමිණ

ජවිපෙ ජනාධිපතිවරණයට අලුත් පෙරමුණකින් එයි

ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අලුත් පෙරමුණක් යටතේ තරග කරනු ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිළුමිණට කීය‍. මේ නව දේශපාලන පෙරමුණ මේ වන විට ගොඩ නඟමින් පවතින බවත් ලබන මාසයේදී එය රට හමුවේ තබන බවද එහි අරමුණ ජනතා මතවාදයන් වෙනස් කරමින් රට හදන පුළුල් සංවිධානයක් ලෙස කටයුතු කිරීම බවද ඔහු පැවසීය.

එය ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පමණක් ඉලක්ක කර ගොඩ නංවන පෙරමුණක් නොවන බවත් රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථිකය නංවා ලීම උදෙසා බිම් මට්ටම දක්වා ගොස් කටයුතු කරන පෙරමුණක් බව කී මන්ත්‍රීවරයා මේ පෙරමුණට දේශපාලන පක්ෂ සංවිධාන සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රගතිශීලී සංවිධාන ඇතුළත් බවද කිවේය.

Comments