නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

මතක සිතුවම

මා නෙතු පිය ඇරිණ. නෙත ගැටුණ දසුන නුහුරු ය.

මේ කොහේ ද? මම නැගිට ගන්නට හැදු­වෙමි.

සෙල­වී­මට පවා අප­හසු ය. මා මතින් වයර් ඇද තිබිණ. මා හුස්ම ගත්තේ ද බට­ය­කින් බව මට වැට­හිණ.

මම තර­මක් හිස හරවා විම­සි­ලි­මත් වීමි. මා සිටින්නේ රෝහ­ලක බව මට පසක් විය. ඒ සමඟ ම සිදුවූ හදිසි අන­තුරේ ඇතැම් අවස්ථා ද මනසේ මැවී ගියේ ය.

හෙදි­යක් සිනා­පා­මින් මවෙත ආවා ය.

‘ගුඩ් මෝනිං, ඔයාට කොහො­මද?’

‘ගුඩ් මෝනිං’ මට ද ඉබේට ම කියැ­විණ.

‘ඔයාට මොකද වුණේ කියල මත­කද?’ ඇය මා අසල නැවතී එක එල්ලේ මා දෑසට එබුණා ය.

‘ඔව්. වාහනේ පෙර­ළුණා!’

‘කොහා­ටද?’

‘ප්‍රපා­තෙ­කට’

‘කොහෙ­දිද?’

‘බෙර­ග­ලදි’

‘කොහො­මද ඒක උණේ?’

‘මට තප්පර ගාන­කට නින්ද ගියා. එත­කොට තමයි මේක වෙලා තියෙන්නෙ. ලොකු පුතා එත­කො­ටම මාව කීද්දුව. එත­කො­ටත් වාහනේ පාරෙන් පනි­නව. කරන්ඩ දෙයක් තිබුණෙ නෑ. මං පාර අයිනෙ තිබිච්ච ගල් බැම්මට ඇල්ලුව. ඒකත් කඩා­ගෙන වාහනේ ප්‍රපා­තෙට වැටුණ’

‘ඊට පස්සෙ?’

‘වාස­නා­ව­කට වගේ පුතාල දෙන්නට තුවාල තිබුණෙ නෑ. ඒගොල්ලො පෙර­ළිච්ච වාහ­නෙන් රිංගල එළි­යට ආව. මාත් එළි­යට ආව. පාරට එන්ඩ නං කන්ද නගින්ඩ ඕනැ. ඒත් මට බැරුව ගියා. ඉළ ඇට කැඩිල කියල මට තේරුණා...’

‘එත­කොට ආවෙ කොහො­මද?’

‘ඒ වෙන­කොට සෙනඟ සීයක් විතර අපිව වට කර­ගෙ­නයි හිටියෙ. ඒ අතරෙ හිටපු කීප දෙනෙක් තමයි මාව කරේ තියා­ගෙන කන්ද නැගල පාරට ආවෙ’

‘එත­කොට?’

‘ඒ වෙන­කොට 1990ට කතා කරල ඇම්බි­යු­ලන්ස් එක ගෙන්න­ගෙ­නයි තිබු‍ණෙ. පොලි­සියෙ අයත් ඇවිත් හිටිය. මාව ඉක්ම­න­ටම හල්දු­ම්මුල්ලෙ ඉස්පි­රි­තා­ලෙට ගෙනිච්ච. එත­නදි මූලික ප්‍රති­කාර කරල දිය­ත­ලාව ඉස්පි­රි­තා­ලෙට යැව්ව. ඒ අය කඩියො වාගෙ එක්ස් රේ අර­ගෙන ඔළුවෙ තුවාලෙ සීටී ස්කෑන් එකක් කරන්ඩ මාව බදුල්ලෙ ඉස්පි­රි­තා­ලෙට මාරු කෙරුව. බදුල්ලෙ අයි. සී. යූ එකට ගිය හැටි මට මත­කයි. ඉන් එහාට මතක නෑ’

‘ආ ඔය හොඳට මතක තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයාගෙ මත­ක­යට හානි­යක් වෙලා නෑ’ හෙදිය යළිත් සිනා පෑවා ය. මට සැන­සුම් සුසු­මක් පිට විය.

‘මිස්, අද දිනේ මොකක්ද?’

‘අද 16’

‘මේක උණේ 13 නේ. අද 16 උණේ කොහො­මද? එහෙනං සිංහල අවු­රු­ද්දත් නොකි­යම යන්න ගිහිං’

‘ඔව්. ඔයාව මෙහාට ගේන­කොට පෙණ­හ­ලු­ව­ලට ලේ එක­තු­වෙලා හුස්ම ගන්ඩ බැරුව අසාධ්‍ය තත්ත්වයෙ තමයි හිටියෙ. ජීවත් වෙයි කියල හිතන්ඩ බැරි මට්ට­ම­කුයි තිබුණෙ. ඔයාගෙ වාස­නා­ව­ක­ටද කොහෙද අවු­රු­ද්දට නිවාඩු යන්ඩ හිටිය ඩොක්ටර් ආනන්ද දෙයියො එව්ව වගේ අහම්බෙං ආව. එයා වහාම ඩොක්ටර්ස්ල කිහිප දෙනෙක් යොද­වල කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය හයි­ක­ර­වල පෙණ­හ­ලු­වල ලේ අයින් කරන්න පපුව දෙපැ­ත්තෙන් බට දෙකක් ඇතුළු කෙරුව. දවස් දෙක­හ­මා­ර­කට පස්සෙ අදයි ඔයාට සිහිය ආවෙ... දැං ඉතිං විවේ­කෙන් ඉන්න. දැං ඩොක්ටර් එයි.’

පසුව දැන­ගත් කාරණා අනුව මගේ ජීවි­තය බේරා දෙනු පිණිස බොහෝ දෙනෙකු ඇප කැප වී ඇත. ඒ හැම දෙනාට ම යහ­පත සැල­සේවා!

නුගේ­ගොඩ, ප්‍රසන්න සම­ර­සිංහ මහතා විසින් යොමු­ක­රන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10

අදහස්