ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක‍ වෙයි | සිළුමිණ

ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක‍ වෙයි

57 වැනි වරට පවත්වන ලේක්හවුස් ආලෝක පූජාව අදත් (16) හා හෙටත් (17) මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවාකාරයෙන් පැවැත්වීමට ලේක්හවුස් පාලනාධිකාරිය කටයුතු සංවිධානය කර ඇත.

අද පොසොන් පුර පසළොස්වක දින (16 වැනිදා) සවස ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

මෙම අවස්ථාවට විදුලිබල ඇමැති රවි කරුණානායක, ආරක්ෂක රාජ්‍ය ඇමැති හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, කෘෂිකර්ම ඇමැති පී‍. හැරිසන් යන මහත්වරු සහ සම්භාවනීය අමුත්තෝද එක්වෙති.

ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් පරිදි පවත්වන මෙවර ආලෝක පූජාවේදී මිහින්තලා පුදබිමේ සිල් සමාදන් වන උවැසි උවැසියන් 1000 ක් සඳහා සිල් රෙදි ප්‍රදානය කිරීමට ද කටයුතු යොදා ඇත.

මේ සඳහා මහාභාරකාර දෙපාර්තමේන්තුව දායකත්වය ලබාදෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය ඇතුව පවත්වන මෙවර ආලෝක ප‍ූජාවට ඩයලොග් සමාගම, මන්චි සමාගම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ඩීඑෆ්සීසී බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහය දක්වයි.

 

Comments