ජෝන් කීල්ස් පදනමේ කුසලතා වැඩමුළුව සහ වෘත්තීය සල්පිල මෙවරත් | Page 2 | සිළුමිණ

ජෝන් කීල්ස් පදනමේ කුසලතා වැඩමුළුව සහ වෘත්තීය සල්පිල මෙවරත්

ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ආයතනය වන ජෝන් කීල්ස් පදනම විසින් එහි අධ්‍යාපන කේන්ද්‍රීය ක්ෂේත්‍රය යටතේ රැකියා සඳහා ඉදිරි පියවර (Step Up to Careers) ආරම්භ කරන ලදී. එය පසුගිය අවුරුදු 14 පුරා 5000කට අධික සරසවි සිසුන්ට ප්‍රතිලාභ හිමිකර දෙමින් දේශීය විශ්ව විද්‍යාලවල පවත්වන ලද ජනප්‍රිය මෘදු කුසලතා වැඩමුළු මාලාව වන'අවසාන පියවරෙහි ව්‍යප්තියකි.

“රැකියා සඳහා ඉදිරි පියවර යනු රාජ්‍ය අංශයේ හා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමේ අරමුණින් මණ්ඩල සාකච්ඡාවක්, පුහුණු වැඩමුළු සහ වෘත්තිමය සල්පිළකින් සමන්විත එක් දින වැඩසටහනකි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග ඒකාබද්ධව තරුණ සංවිධාන AISEC, ‘රොටාරැක්ට්’සහ ‘ලියෝ’සමිතිවල​ සහයෝගය ඇතිව පවත්වන ලද සමාරම්භක වැඩසටහන, පසුගියදා ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද අතර, විශ්ව විද්‍යාල 27 ක් නියෝජනය කරමින් සිසුන් 113 ක් සහභාගි වූහ.

Comments