'දීවා' ඉඩමේ වාසනාවෙන් අටවන වරටත් ඉඩම් | Page 2 | සිළුමිණ

'දීවා' ඉඩමේ වාසනාවෙන් අටවන වරටත් ඉඩම්

පාරිභෝගික සිහින සැබෑ කරන “දීවා ඉඩමේ වාසනාව” තරගය මගින් අටවන් වරටත් වාසනාවන්ත ජයග්‍රාහකයින් තිදෙනෙකුට තමන්ගේම නිවසක් තනාගැනීමට ඉඩම් හිමිකර දුන්නේය.

මේ අනුව, වසර අටක් තුළ දී දීවා “ඉඩමේ වාසනාව” තරගය මගින් ඉතාමත් වටිනා ඉඩම් කැබලි 28 ක් මේ වන විට වාසනාවන්ත ජයග්‍රාහකයින් වෙත ප්‍රදානය කර ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළදා පටන් මේ දක්වා මුදල් ත්‍යාග 590 කට වැඩි ප්‍රමාණයක්, රන්කාසි 54 ක් සහ යතුරු පැදි, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ මහන මැෂින් ඇතුළු ඉතාමත් වටිනා ත්‍යාග රැසක්ද පාරිභෝගිකයින් වෙත දීවා විසින් ලබා දී තිබේ.

අටවන වරටත් පැවැත්වූ දීවා “ඉඩමේ වාසනාව” තරගයේ දී මෙවර පාරිභෝගිකයින්ට වටිනා ඉඩම් කැබලි තුනක් පිරිනැමීමට අමතරව තවත් මුදල් ත්‍යාග 90 ක්ද ප්‍රදානය කළේය.

පාරිභෝගිකයින්ට ඉතාමත් වටිනා ඉඩම් ලබාදෙමින් ඔවුන් ජයග්‍රාහකයින් කරවීමට සමාගම සිදුකරන අඛණ්ඩ කැපවීම පිළිබඳව හේමාස් මැනුෆැක්චරිං සමාගමේ අලෙවිකරණ අංශයේ සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනී මහතා මෙසේ අදහස් දැක්වීය. “දීවා ඉඩමේ වාසනාව” පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන මගින් තමන්ගේ සිහින ඉටුකර ගැනීමට අපි පාරිභෝගිකයින්ට සහයෝගය ලබාදෙනවා. මේ දක්වා අපි විසින් පාරිභෝගිකයින්ට වටිනා ඉඩම් කැබලි 28 ක්, රන් කාසි 54 ක් සහ මුදල් ත්‍යාග 680 ක් ලබා දී තිබෙනවා. මේ පිළිබඳව අපට ඇත්තේ ඉහළ අභිමානයක්.”

Comments