පෑන් ඒෂියා ඩිජිටල් බැංකුකරණයට | Page 2 | සිළුමිණ

පෑන් ඒෂියා ඩිජිටල් බැංකුකරණයට

පෑන් ඒෂියා බැංකුව සිය අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ පද්ධතිය ඔස්සේ බිල්පත් ගෙවීම් වලදී එහි වටිනාකමින් 10%ක මුදලක් නැවත ඔබ වෙත ලබා දෙයි.

පෑන් ඒෂියා බැංකුව තම ගනුදෙනුකරුවන්ට බැංකුවේ නම්‍යශීලී බව සහ පහසුව අත්විඳීමට ඉඩ සැලසීම සඳහා නිරන්තර උත්සාහයක නිරතව සිටී. එහි තවත් පියවරක් ලෙස බැංකුව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තම අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ පරිශීලකයන්ට, ඩිජිටල් බැංකුකරණ විසඳුම් භාවිතා කරමින් බිල්පත් ගෙවීමේදී 10%ක මුදලක් ඔබ වෙත නැවත ලබා දෙයි.

මේ අනුව බැංකුව විසින් සෑම බිල් පතක් සඳහාම එක් ගනුදෙනුවකදී රුපියල් 1000ක උපරිමයක් යටතේ මෙම 10%ක නැවත මුදල් ලබා දීම සිදු කරනු ලබයි. මෙසේ බිල්පත් ගෙවීම් වලදී අන්තර්ජාලය හෝ ජංගම බැංකුකරණ පද්ධතිය භාවිතා කරන තම ගනුදෙනුකරුවන් සඳහා බැංකුව විසින් නැවත මුදල් ලබා දීමක් සිදු කරන්නේ ප්‍රථම වතාවටය.

මෙම නැවත මුදල් ලබාදීමේ දීමනාව මැයි සිට අගෝස්තු මාසය දක්වා සෑම මාසයකම අවසන් සතිය තුළ ක්‍රියාත්මක වේ.

මෙහි ප්‍රථම දීමනා ප්‍රදානය මැයි මස 24 දින සිට 30 දින දක්වා සිදු කෙරෙන අතර එම කාලය තුළ ගනුදෙනුකරුවන් පෑන් ඒෂියා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ හෝ ජංගම බැංකුකරණ පද්ධතිය භාවිතා කරමින් සිදු කරන සෑම බිල්පත් ගෙවීමක් සඳහාම රුපියල් 1000ක උපරිමයකට යටත්ව 10%ක මුදලක් නැවත ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

මේ ආකාරයේ ප්‍රථම ප්‍රදානය වන මෙම මුදල් නැවත ලබා දීමේ ක්‍රමය පිළිබඳව තම අදහස් දැක්වූ බැංකුවේ ඩිජිටල් පද්ධති සහ ඩිජිටල්කරණය පිළිබඳ කළමනාකාර දිල්රුක් වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේය. “මේ වැඩසටහනේ අරමුණු කීපයක්ම තිබෙනවා. ඉන් එකක් වන්නේ ඩිජිටල් මාධ්‍යය භාවිතා කරන සෑම වතාවක් පාසාම අපේ සෑම ගනුදෙනුකරුවෙකුම ඇගයීමට ලක් කිරීමයි. ඒ වගේම මේ තුළින් අපේ සෙසු ගනුදෙනුකරුවන් සඳහා ‘අප වෙත පැමිණ ඉතා ආරක්ෂාකාරී ලෙස තම ගෙවීම් කරන අතරම කරනු ලබන සෑම ගෙවීමක් සඳහාම දීමනාවක්ද ලබමින් අපේ අන්තර්ජාල හා ජංගම බැංකුකරණ පද්ධතියේ පහසුව අත්විඳින්න’ කියන පනිවිඩය ලබා දීමත් අපේ එක් අපේක්ෂාවක්.

“මීට වසර දෙකකට පෙර පෑන් ඒෂියා අන්තර්ජාල සේවාව හඳුන්වාදීමෙන් අනතුරුව අන්තර්ජාල හා ජංගම බැංකුකරණ පද්ධතිය භාවිතා කිරීම කෙරෙහි නැඹුරු වූ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ඉතා සතුටුදායක ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම තම බිල්පත් ගෙවීම සඳහා අපේ ජංගම බැංකුකරණ යෙදුම APP භාවිතා කරන සංඛ්‍යාවේද සැලකිය යුතු වර්ධනයක් දකින්නට හැකියි. ඊට හේතුව වෙළඳපොල තුළ පවතින අනෙකුත් බොහෝ විකල්පයන්ට වඩා මෙය පරිශීලක හිතකාමී ස්වභාවයකින් සහ විශාල පහසුවකින්ද යුක්ත වීමයි.”

Comments