‘Hope’ කුකීස් නව නිවහනකට | සිළුමිණ

‘Hope’ කුකීස් නව නිවහනකට

විශේෂ අවශ්‍යතා ඇති තරුණ පුද්ගලයින් රටේ සංවර්ධනයට දායක කර ගනිමින් සමාජය තුල ඔවුනට සම අවස්ථා ලබා දීමේ අරමුණ ඇතිව සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) විසින් ආරම්භ කරන ලද ‘සහන් සෙවණ’ ව්‍යාපෘතිය හරහා දියත් වන ‘Hope’ කුකීස් නිෂ්පාදනාගාරය පසුගියදා කඩුවෙල රණාලේ පිහිටි නව ස්ථානයකට ගෙන යාම සිදුකෙරිණි.

මෙම නව නිෂ්පාදනාගාරය CBL සමූහ සභාපති රම්‍ය වික්‍රමසිංහ විසින් පසුගිය දා විවෘත කරනු ලැබූ අතර එය පෙර නිෂ්පාදනාගාරයට වඩා වැඩි ඉඩකඩකින් යුක්ත වූවකි. මෙහි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් 18 දෙනෙකු සේවයේ නිරත වේ. මෙම නිෂ්පාදනාගාරය තුළින් Hope සන්නාමය යටතේ කුකීස් නිෂ්පාදනය කිරීම අඛණ්ඩව සිදුවන අතර Peanut Cookies, Butter Cookies, Chocolate Chip Cookies, Sesame Cookies සහ Coconut Cookies යන විවිධ වූ රසවලින් වෙළද පොලට නිකුත් කෙරේ.

මෙහිදී සහන් සෙවණ සේවකයින් හට ශිල්පීය ලෙසින් කුකීස් නිෂ්පාදනය පිළිබඳ පුහුණුවක් ලබා දී ඇති අතර ඒවා CBL කාර්ය මණ්ඩලයේ විශේෂඥ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරනු ලබයි. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ගේ දායකත්වයෙන් සිදු කරනු ලබන අතර CBL හි විශේෂ කණ්ඩායමක් විසින් ඔවුන්ට මඟ පෙන්වීම සිදු කරයි.

‘Hope’ කුකීස් වෙනුවෙන් CBL යොදාගනු ලබන්නේ ඉහළම තත්වයේ අමුද්‍රව්‍යයි. මෙසේ නිෂ්පාදනය කරනු ලබන කුකීස් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඇති ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් හා ග්‍රොසරි වෙළෙඳසැල්වලින් මීල දී ගත හැකි වේ.

අදහස්