SLT ටෙලිෂොප් වැලිවේරියෛ් සහ කඩවත | සිළුමිණ

SLT ටෙලිෂොප් වැලිවේරියෛ් සහ කඩවත

දිනෙන් දින වර්ධනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයන් වෙත වැඩි වැඩියෙන් සේවා සැපයිමේ අරමුණින්, කඩවත සහ වැලිවේරිය යන ප්‍රදේශ දෙකෙහි විවෘත කරන ලද නව ටෙලිෂොප් මාධ්‍යස්ථානයන් සමග ශ්‍රී ලංකාවේ පුරෝගාමී විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු ටෙලිෂොප් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන ලදී.

මෑතකදී විවෘත කරන ලද මෙම නව ටෙලිෂොප් මධ්‍යස්ථාන නිසා එම ප්‍රදේශයන් හි SLT පාරිභෝගිකයන් හට ඉක්මනින් හා පහසුවෙන් අදාළ සේවා ලබා ගැනීමේ අවස්ථාව සැලසී තිබේ. නව සබදතා ලබා දීම, බිල්පත් ගෙවීම, දෝෂ වාර්තා කිරීම හා අදාල උපාංග මිලදී ගැනීම ආදී සේවා සියල්ලම මෙමගින් ලබා ගත හැක. මීට අමතරව මොබිටෙල් නව සබදතා ලබාගැනීම ඇතුළු මොබිටෙල් මගින් සැපයෙන අනෙකුත් අතිරේක සේවා ද e-channeling සේවාවන්ද, මෙම නව ටෙලිෂොප් මධ්‍යස්ථාන දෙකෙන් ලබා ගත හැක.

මෙම විවෘත කිරීමේ උත්සවය සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන, ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නැන්ඩස් යන මහත්වරුන් ඇතුළු SLT සමාගමේ නිලධාරින් මෙන්ම මොබිටෙල් ප්‍රාදේශීය කළමනාකාරවරුන් හා SLT SLT Human Capital Solution ආයතනයෙහි නිලධාරින් ද සහභාගී විය.

Comments