ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කියලා පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකදී ඔබ විසින් ප්‍රකාශ කළා. මෙය පොදු ජන පෙරමුණ පක්ෂයේ ඒකමතික තීන්දුවක්ද ?
ඒක මගේ ප්‍රකාශයක්. මම කියනවා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා. පක්ෂයේ අවසාන තීන්දුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පක්ෂ සම්මේලනයේදි අගෝස්තු මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාවි.
මේ වන විට පොදුජන පෙරමුණ සහ ශ්‍රිලනිප සමඟ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබෙනවා. ශ්‍රිලනිපයේ ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා යුඑන්පී විරෝධි පොදු අපේක්ෂකයකු පිළිබඳ ව. එවැනි මතවාදිමය ගැටුම් වලදී කෙසේද සන්ධාන ගතවෙන්නේ කියලා ගැටලුවක් මතුවෙනවා නේද?
ඒ පොදු අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා මම කියනවා. පක්ෂ දෙක තාම සන්ධානගත වීම සම්බන්ධයෙන් සාකච්ජාවෙමින් පවතිනවා. නමුත් මට කියන්න තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතා කියලයි. මම කියන්නේ ඉතුරු දේවල් තව තියෙනවා නේ. කතාබහ කරලා විසඳ ගන්න පුළුවන්නේ.
මේ තත්ත්වය මත ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර මතවාද ඇතිවිය හැකි නේද?
නැහැ, මම හිතන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂකයා ස්ථිර වශයෙන් ම ගෝඨාභය රාජපක්ෂ කියලයි මම කියන්නෙ. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂකත්වයට කොන්දේසි දාන්නේ නැහැ කියලා මට ස්ථීර වශයෙන් ම විශ්වාසයි. ඇතැම්විට නොනිල වශයෙන් වන සාකච්ජාවලදි අපිට ඒ ගැන දැනගන්නට ලැබිලා තියෙනවා.
ශ්‍රිලනිප විසින් ශ්‍රිලනිප ස්වාධින අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ඇතැම් මාධ්‍යවල පවසා තියෙනවා.
ශ්‍රිලනිපය ජනාධිපති අපේක්ෂකයකු දාන්න තරම් ශක්තිමත් ද කියලා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. එ් ගත්ත ප්‍රතිඵල අනුව අපි දැක්කා පක්ෂය කොයිතරම් දුර්වලද කියලා. ජනාධිපති අපේක්ෂකයකු දාන්න තරම් ඒ පක්ෂය ශක්තිමත් නැහැ කියලා මම කියන්නේ ඒ නිසයි.
ඔබ සිතනවා ද තනි පක්ෂයක් විදිහට පොදුජන පෙරමුණට ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ජයග්‍රහණය කරන්නට හැකිවෙයි කියලා?
තනි පක්ෂයක් හැටියට අපි තනියම ඉදිරි මැතිවරණවලට යන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් සම්බන්ධ කර ගතහැකි විශාල බලවේග අපේ පක්ෂය වටා ඒකරාශි වෙලා ඉන්නවා. ඒ සියලු දෙනා සම්බන්ධ කරගෙන අපි අපේ අනිවාර්යය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. ශ්‍රිලනිප කැමැති නම් ඒ අයත් සමඟත් අපි සන්ධාන ගතවෙනවා. ඒ වගේම තවත් බලවේගත් සමඟත් අපි සාකච්ජා කරමින් යනවා. ඒ අනුව සන්ධානගත වෙනවා.
පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ දී සැබෑ වැරදි කරුවන් හඳුනාගත හැකි වුවත් දඩුවම් ලබාදීමේ බලයක් නැහැ නේද? මේ අනුව වරදකරුවන්ට නිසි දඩුවම් සේම ඝාතනයට ලක්වු පවුල්වල පිරිසට සාධාරණයක් වෙයි කියලා හිතනවාද?
මේක ඉතින් නාට්‍යයක්. පිටපත ලියලා තියෙනවා; ඒ අය රඟපානවා; පරික්ෂණ තියන්නේ යටගහලා. කඩු කිනිසි අල්ලපුවා ගැන මුකුත් නැහැ; ගෙනාවේ කවුද, කළේ කවුද, මුකුත් නැහැ. මැරුණ අයගේ පවුල්වල මිනිස්සු තවමත් දුක්වෙනවා. ඒ අයගේ පවුල්වල අයට කිසිම සාධාරණයක් ඉටු වෙලා නැහැ තාම. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කිසිම වැඩපිළිවෙලක් තවමත් සිද්ධවෙලා නැහැ. ආරක්ෂක ත්‍රිවිධ හමුදාව ඒ අයගේ සේවය උපරිමයෙන් කරනවා. මේ පරික්ෂණ සියල්ල යට ගහලා තමයි මේ රජය කටයුතු කරන්නේ. ඒකයි තියෙන ප්රශ්නය.
දැනට ක්‍රියාත්මක වෙන පරික්ෂණ සම්බන්ධයෙන් විපක්ෂය හැටියට සෑහිමකට පත්වෙන්නේ නැහැ කියල ද ඔබ කියන්නේ.
ඒක තමයි මම පැහැදිලිවම කියන්නේ. කඩු කිණිසි අහු වුණා; කිසිම පරික්ෂණයක් ඒ සම්බන්ධයෙන් අපි දැක්කෙ නැහැ කියලා. කවුද ගෙනාවේ, කොහෙන්ද ගෙනාවේ කිසිම දෙයක් කවුරුත් දන්නේ නැහැ. පරික්ෂණයක් යන්නේ නැහැ.
ජාතික සමගිය ඇති කිරීමට සහ ජාතික ආරක්ෂාව ඇති කිරීමට විපක්ෂයක් හැටියට ඔබේ පක්ෂයටත් වගකීමක් තියෙනවා නේද?
අපේ රටේ විවිධ ජාතීන් සහ විවිධ සංස්කෘතින් ජිවත්වෙනවා ඒ සියල්ලට ගරුකරමින් තමයි, නීති සහ ජාතික ආරක්ෂාව කියන කාරණාව සම්බන්ධයෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ. එ් සඳහා අපි විපක්ෂයක් විදිහට යම් මෙහෙවරක් කරනවා.
මුස්ලිම් දේශපාලඥයන් මේ වන විට සමස්තය ම එක්වී පොදුවේ එක් මුස්ලිම් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට සුදානම් වන බවට රාවයක් පැතිර යනවා. එසේ වුවහොත් එය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට ආණ්ඩු පිහිටුවීමේදී බලපෑමක් ඇති කිරීමට හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා?
මම හිතන්නේ නැහැ එහෙම කරයි කියලා. මුස්ලිම් දේශපාලනඥයන්ට බරපතළ පාඩුවක් ඒක. ඇතැම් මුස්ලිම් ඇමැතිවරුන්ට යුඑන්පි එකෙන් ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් වෙනම මුස්ලිම් පක්ෂයකින් ජන්දය ඉල්ලලා ජයග්‍රහණය කරන්න අපහසු අවස්ථා තියෙනවා. මම උදාහරණයක් ලෙස කිව්වේ ඒ වගේ මෙතෙක් සිටි පක්ෂය නියෝජනය කරමින් ජන්දය ඉල්ලුවොත් පමණක් ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාව වැඩි. ඒ නිසා මම හිතන්නේ නැහැ වෙනම පක්ෂයක් ඇති කරයි කියලා .
ඔබ කාන්තා නියෝජිතවරියක් ලෙස පොදු ජන පෙරමුණේ කාන්තා සංවිධානය හරහා කාන්තා බලවේගය ශක්තිමත් කිරිමට යම් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවා ද ?
කාන්තා සංවිධානය ඉතා ශක්තිමත් ව හැම ග්‍රාමසේවා වසමකම ඉතා ශක්තිමත් ලෙස කාන්තා ශාඛා පිහිටුවා තියෙනවා. ජූලි මාසය වන විට නිලවරණය පවත්වා අවසන් කරනවා; අපේ කාන්තා මහ සම්මේලනය අගෝස්තු මාසයේ පවත්වනවා. ඒ අනුව අද ලංකාවේ පවතින ශක්තිමත් පක්ෂය පොදු ජන පෙරමුණ වගේම; ශක්තිමත් ම කාන්තා නියෝජනයක් තියෙන පක්ෂය ද පොදු ජනපෙරමුණ බව ඉතා පැහැදිලියි.