කවි මඬල | සිළුමිණ

කවි මඬල

කෝපි මල්
පිපෙන කාරණ

රතු­වුණ කම්මුල්
වලා­කු­ළ­කින් වහ­ගෙන
අඹ අතු අත­රින් එබෙන හඳ
පය වරද්දා ඉඳ­හිට
අඹ මල් දෙක තුනක් බිම හෙළන
රැහැයි කසුකුසුව දිගේ
ඉරි­සියා ආරංචි පැති­රෙන
නැණ ගුණැති මහ­තෙකි කඩුල්ල
ඒ කතා බිඳ­කුදු නොත­කන
දඟ­කාර කෙල්ලකි මඳ­නල
කඩු­පුල් සුව­ඳ­කුත්
කොහෙන්දෝ අරන් එන
ඇහෙන් ඉඟි­කර සුවඳ මට දී
ක්ෂිති­ජ­යෙන් එපිට ඇති
කුටි­ය­කට ගොස් සැඟ­වෙන
මිතුරු තරු කැල
ජනෙල් වීදුරු කඩා­ගෙන
කාම­ර­යට ඇතු­ළට එබෙන
කියන්නෙ නෑ මම කියන්නෙ නෑ­මයි
මිතු­රනි
නිදි නැති හදේ
කෝපි මල් පිපෙන කාරණ

තරින්ද්‍ර ගල­හේන


පාට... පාට...

පාට කෙරු­වත් කැතම පාටින්
එදා පෙනුණේ ඇසට මන­රම්
ගොම පාට ළා තැඹිලි පාටට
දාලා ගාලා වගෙයි දැන් නම්
ඒ දවස්වල මල් කඩ­න­කොට
පෙම් පාට බේරු­ණත් ඇස්වල
කදුළු වැල් ගැලු­වාට පස්සේ
පුස් බැදුණු හුනු බිත්ති වාගේ
හැම­දාම දෙ අතින්ම ඇන්දට
පුරව ගන්නට බැරි වුණා වූ
පිරුණු රූපයි මිහිරි පාටයි
එකට දියවී බොඳ­වෙලා දැන්
කුරුටු ගෑ ආදර කතා­වක
බලි රූප වුණු මත­ක­යන් ඇත
මක­න්නත් බැහැ බල­න්නත් බැහැ
කොහොම ඇන්දද මත­ක­වත් නැහැ

දේවිකා මධු­වන්ති ගෝවි­න්නගේ


මේ පොළොව මත

නුඹ විසුළ තරු රැගෙන
ඔතා තැබු­වෙමි වලා රොඳක
ඉසිනු රිසින්
තරු නැති අඳුරු අහ­සක
නුඹට තරු දැකී­මට
අවැසි දින­යක

චාමරී ෆොන්සේකා


සියල්ල නුඹය

නිදි­බ­රින් ඇසි­පිය වැසෙ­න්නට නොදෙන
නුඹේ කට­හඬ තමයි මගේ ජීවය
කෙතෙක් රෑ බෝ වුව ද ජීවි­තය
නුඹේ රුව තමයි මගේ දෙනෙතේ පිරිය
ඇසෙ­න්නට නොදෙ­මින් විඩා­බර වදන්
නුඹේ සින­හව තමයි මගේ සැන­සුම
අරක් ගන්නට නොදෙ­මින් කඳුළු ඇස් අග
නුඹේ සෙනෙ­හස තමයි මගේ සිත් විමන
සිත­න්නට ඉතිරි කර­මින් බොහෝ දේවල්
නුඹේ ආලය තමයි මගේ දිවියේ නිවීම
වෙසෙ­න්නට ඉඩ දෙමින් නුඹේ ජීවි­තය තුළ
නුඹේ දැකු­මන් තමයි මගේ ආලෝ­කයේ පහන් ටැඹ

ප්‍රියාශා රන්වල

අදහස්