ප්‍රහාරය වළක්වා නොගත් පොලිස් ලොක්කන් රැසකට මාරු | Page 2 | සිළුමිණ

ප්‍රහාරය වළක්වා නොගත් පොලිස් ලොක්කන් රැසකට මාරු

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමටත් එහි බලපෑම අඩු කර ගැනීමටත් නිසි ක්‍රියාමාර්ග නොගත් බව සදහන් ඉහළ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

 ඒ අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා වයඹ උතුරු මැද පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කොට ඇති අතර එහි සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිවර්ධන මහතා ඒ වෙනුවට යොමුකොට ඇත.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ප්‍රවාහන අංශයට පත් මාරු කොට ඇති අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන ඒ වෙනුවට කොළඹට පත් කර ඇත. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ හා අපරාධ බුද්ධි අංශයට මාරු කොට ඇති අතර ඒ වෙනුවට ප්‍රවාහන සහ සන්නිවේදන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එම්.ආර් වැලිකන්න මහතා පත් කර තිබේ.

මීට අමතරව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකොන් මහතා ත්‍රිකුණාමලයටත් ත්‍රිකුණාමලයේ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මීගමුවටත් මාරු කොට ඇත. කොළඹ උතුර පොලිස් අධිකාරීවරයා පොලිස් අපරාධ කොට්ඨාසයට මාරු කොට ඇති අතර තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු සහ කටාන සහ ජම්පටා වීදියේ පොලිස් ස්තානාධිපතිවරුන්ද මේ අනුව මාරු කර ඇත.

Comments