නිද­හස් නොවුණු Life එක | සිළුමිණ

නිද­හස් නොවුණු Life එක

ජීවිතේ හරිම කරදරයක් කියල හිතෙනව වෙලාවකට.කිසිම නිදහසක් නැහැ. youth එකට මේ ප්‍රශ්නෙ හරිම සාමාන්‍යය දෙයක්. රැකියාවක් කළත් ඉගෙනගත්තත් ඒකෙ වැඩි වෙනසක් නැහැ. ඇත්තටම නිදහස කියන්නෙ මේ Life එක ඇතුලෙ තියන අපි ආසම දෙයක්. නිදහසක් නැහැ කියනවට වඩා වැඩ ගොඩක් අස්සෙ මේ ජීවිතේ ගෙනියන ගමන්ම නිදහස ගැන වෙනස් විදිහකට බැලුවොත් අපි හොයන නිදහස අපිට විදින්න පුළුවන්. අපි හැමෝටම වෙන්වුණු වැඩකොටසක් තියනව. ඒ වැඩ කොටස කරන්න අපේ ජීවිතේ හොදින් ගතකරන්න තමයි අපි වෙහෙසෙන්නෙ.

කෙල්ලෙක් වුනහම නිදහසක් තියෙන්න ඕනෙ කියන කතාව වරදක් නෙමෙයි. කෙල්ලෙක්ට නිදහස ඕනෙ. ඒත් ඒ නිදහස අසීමිතව භුක්ති විදින්න ගිහින් කරදරවල පැටලෙන්න යන්නෙ පුංචි වෙලාවක් විතරයි.

නිදහස හොයාගන්න අපිට ගොඩක් ක්‍රම තියනව. ක්‍රම අතරින් අපට ගැළපෙන හොදම ක්‍රමය තෝරගන්න අපට පුළුවන් වෙන්නම ඕනේ. දැන් නිදහස හොයන අලුත්ම trend එක social media.ඒක එහෙම වෙන එක කාලයේ වෙනස්වීමට සාපේක්ෂයි. දැන් ජීවිතේ වෙනස්වෙනවා. ඒත් නිදහස හොයන්න යන අලුත් ක්‍රම ඇතුලෙම නිදහස ලැබෙන සුන්දර දේවල් තියෙන්න පුළුවන්.

සෝෂල් මීඩියාවලත් සුන්දරත්වයක් තියනව. ඒත් අපි හොයන්නෙ ඒ සුන්දරත්වයට වඩා හිස්දෙයක්.chat කරන එක එකම දෙයක් විතරයි. සෝෂල් මීඩියා ඇතුලෙ කොච්චර හොදට ලියන්න රසවිදින්න, ඒ රසවින්දනය බෙදාගන්න පුළුවන්ද. ඒ වගේ දෙයකට comment කරල කොච්චර දේවල් ඉගෙනගන්න පුළුවන්ද. රසවින්දන සංවාද කරන්න පුළුවන්ද... ඒ වගේම youtube එකෙන් මියුසික් වීඩියෝ එකක් ටෙලිනාට්‍යයක් බලන්නෙ relax වෙන්න වුණාට අපිට වෙන්නෙ තවත් ප්‍රශ්නයක් ඒකගැන ඇතිවෙන එක. ඒත් හිත නිවෙන සිංදුවක් ඇහුවම, හොද චත්‍රපටියක් බැලුවම අපිට ඇතිවෙන නිදහස කොච්චරද.? පොතක් කියවන එකත් මනසට හොද විවේකයක්.අලුත් දෙයක්.

ඒ වගේම පුංචි පුංචි දේවල් නිර්මාණය කරන එකත් නිදහස හොයාගන්න හොද ක්‍රමයක්. මේ වගේ පුංචි දේවල්වලින් කෙටි කාලයකින් අපේ නිදහස අපිට විදින්න පුළුවන්. ඒත් මේ වගේ දේවල්වලින් එහාට ගිහින් අපේ නිදහස හොයන්න උත්සාහ කලොත් අපිට වරදින්නත් පුළුවන්. සෝෂල් මීඩියාවලින් වගේම මේ සමාජයේ ගොඩක් දේවල් පුද්ගලයින් අපේ නිදහස අපිට දෙන ගමන් අපිව නොහිතපු කරදරවලට පත්කරනව. ඒ නිසා අපි ගොඩක් ප්‍රවේසමෙන් මේ සමාජයත් එක්ක වැඩකරන්න ඕනේ.

Youth එක හැමදාම කැමති අලුත් දේවලවලට.ඒ choice එකට ගැළපෙන අනතුරක් නැති නිදහසක් හොයාගන්න පුළුවන් නම් එතන තමයි life එක තියෙන්නෙ. ඒ නිසා මේ ජීවිතේ කිසිම නිදහසක් නෑ කියල හිතනවට වඩා නිදහස කාගෙවත් හිත නොරිදෙන අපිටවත් කාටවත් කරදරයක් නැති විදිහට අපේම ක්‍රමයකට හොයාගන්න එක වැදගත්. ඒක hobby එකෙන් කරන්නත් පුළුවන්. කාටවත් හානියක් නැති සරල hobby එකකින් ජීවීතේ දුවන වේගයට පුංචි අස්වැසුමක් අරන් අපේ හීන දිනන්න යන අපේ ජීවිතේ නිදහසේ balance කරන්න අපට පුළුවන් වේවි.

 

විෂානි ශශි කුමාරි

කැලණිය වි. විද්‍යාලය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

Comments