ලංකා හොස්පිටල්ස් ඉරිදාට වාසි රැසක් | සිළුමිණ

ලංකා හොස්පිටල්ස් ඉරිදාට වාසි රැසක්

ලංකා හොස්පිටල්ස් ඉරිදා දිනවල බාහිර රෝගී අංශයේ සේවා අතරට අමතර පහසුකම් හා ආකර්ෂණීය දීමනා රැසක් හඳුන්වා දෙයි. ‘ඉරිදාටත් අපි, සඳුදා මෙන් ඔබේ සුවයට කැප වෙමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ඉරිදා බාහිර රෝගී අංශය රෝගීන්ට මෙන්ම ඔවුන් කැටුව එන්නන්ටද පහසුකම් රැසක් සපයයි. සියලුම අංශවල විශේෂඥ වෛද්‍ය සේවා මෙන්ම නොමිලේ වාහන ගාල් කිරීම, ඉරු දින සායනයට පැමිණ රෝහලේ සිට නිවසට යෑමේදී නොමිලේ ප්‍රවාහනය, නොමිලේ වයි ෆයි පහසුකම්, ළමයින්ට සෙල්ලම් පිටියක් ඇතුළුව ඉරිදා දින සතුටින් ගත කිරීමේ පහසුකම් ගණනාවක් මීට අයත්ය. එමෙන්ම සහන ගාස්තු යටතේ රසායනාගර සේවා, විකිරණ සේවා හා මැමෝග්‍රෑම් ලබා ගැනීමටද ඉරිදා දිනවල හැකිය.

ඉරිදා දිනයේ බාහිර රෝගී අංශ සේවයට විකිරණ, රසායනාගාර, දන්ත වෛද්‍ය, උගුර- කන -නාසය, අක්ෂි, හෘද, ස්නායු, නාරි හා ළමා රෝග සේවා ඇතුළත්ය. සතියේ දිනවල දිගු පෝලිම් වැළැක්වීමත්, දුර බැහැරින් පැමිණෙන්නන්ට වැඩි පහසුවක් සැලසීමත් ඉරිදා බාහිර රෝගී අංශයේ අමතර සේවා රැසක් සැපයීමේ අරමුණයි. විශේෂයෙන් සිය පවුල සමඟ පැමිණෙන්නන් උනන්දු කරවමින් ඉරු දිනවල වැඩිහිටියන්ටත් දරුවන්ටත් එක සේ වාසි රැසක් සැලසීම එමඟින් සිදු වෙයි. ප්‍රණීත, නැවුම් ආහාර සඳහා ජනප්‍රියත්වයක් ලබා ඇති ලංකා හොස්පිටල්ස් ආපන ශාලා ඉරිදා දිනවලද ඔබ සඳහා විවෘතය.

Comments